IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මහත්තයට පාඩමක් උගන්වන්න නෝනා වෙරිවෙලා

කෑගල්ල අධිකරණ-චමින්ද වැවතැන්න
හැන්දෑවට කටගොන්නක් බී ගෙන අසල්වැසියන්ට ද බැණ ගෙන නිවෙසට හතර ගාතේ පැමිණ බිරියට ද පරුෂ වචනයෙන් බැන පහර දීම් සිදු කරන විශ්‍රාමික ග්‍රාම සේවා නිලධාරියකුට අපූරු පාඩමක් උගන්වා ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ගමකින් වාර්තා වෙයි.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 76 හැවිරිදි විශ්‍රාමික ග්‍රාම සේවා නිලධාරිවරයෙක් 73 හැවිරිදි විශ්‍රාමික හෙද නිලධාරිනි බිරියක් සමග නිවසේ වාසය කරමින් සිටියේය. මොවුන් දෙදෙනා විවාහ වී අවුරුදු 45 වැඩිය. දැරියන් තිදෙනකුගේ හා එක් පිරිමි දරුවකුගේ මව්පිය යුවළක් වූ මේ ජෝඩුවේ දැරියන් තිදෙනාම විවාහ වී පිට පළාත්වල පදිංචිය. 


එකම පිරිමි දරුවා මව්පියන් පදිංචිව සිටින මහගෙදරට ආසන්නයේ නව දෙමහල් නිවෙසක් තනාගෙන මව්පිය යුවළගේ ද දුක සැප බලමින් පදිංචිව සිටියි.


උදේ සිට සවස් වන තුරු සිය ගෙවත්තේ කොටසක හදා ඇති තේ, පොල්, ගම්මිරිස්, කෙසෙල් ගස්වලට සාත්තු කරන විශ්‍රාමික යුවළ සවස තුන හතර වෙද්දී සියලු‍ වැඩ අවසන් කර නාගෙන නිවසට පැමිණෙන්නේ කෑම සාදාගැනීමටය. මේ අතර විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයා ගමේ නිෂ්පාදිත මත්පැන් සොයා හනික දිව යන්නේය.


සෑම දිනකම හතරගාතේ පැමිණ විශ්‍රාමික හෙද බිරිය උයා පිහා තියෙන දෙයක් කා  නින්දට වැටෙන තෙක් ඇයට පහර දීම්, බැන තර්ජන එමටය. මෙම බැන තර්ජන පහර දීම් කාලයක සිට ඉවසා දරා ගෙන සිටි බිරිඳ අපූරු පාඩමක් සැමියාට ඉගැන් විය යුතුයි සිතා ඉකුත් දිනක දහවල් කාලයේ මත්පැන් අලෙවි කරන්නා ළඟට ගියේය. 


“මහත්තයාට අද ටිකක් සනීප මදි එන්න විදිහක් නැතැයි පවසා  බාගයක් මිලට ගෙන නිවෙසට එන අතරේ ගලක් උඩ හිඳගෙන කාන්තාව ඉතා අපහසුවෙන් බාගය පානය කර විසිවෙවී නිවෙසට පැමිණියාය.


නිවෙසට පැමිණෙන අවස්ථාවේ දී ග්‍රාම නිලධාරිවරයා මත්පැන් පානය කිරීමට යාමට කලිසම ඇද බොත්තම් දමමින් සිටියේය. ගමනට සූදානම් වෙන අයුරු දැක කාන්තාව අසලට ගොස් ඇද සිටි කලිසම තදින්ම අල්ලා ගත්තාය. 


උඹ වෙනදා බී ගෙන එන ගමන් ග⁣⁣මේ මිනිස්සුන්ට නිකං බැන ගෙන එනවා. ඒ ඇවිල්ලා මගේ අම්මා තාත්තා මතක් කරලා මට ගහනවා බනිනවා. මහත්තයෝ උඹ බීගෙන එන්න කලින් මම අද බී ගෙන ආවා. උඹ මේක අදින් පස්සේ නැවැත්තුවේ නැති නම් උඹට කලින් මම බී ගෙන ගෙදර එනවා. හොඳ හිතින් කියන්නේ අද ඉඳලා මේක නවත්තපං. ඇය දොස් පැවැරුවේ රාස්සියක ලෙසිනි.


මේක හරියන වැඩක් නෙමේ අන්න නෝනා ගිහින් බුදි. අද රෑට කන්න උයන එකකුත් නෑ වාගේ. මම මේ අද ඉඳලා නවත්වනවා යැයි පවසා ග්‍රාම සේවකයා දශකයක පමණ කාලයක සිට දිනපතා පානය කරන ලද මත්පැන් නවතා දැමීමට තීරණය කළේය. ඒ සමගම ඔහු රෑට උයා පිහා බිරිඳට කෑම පිඟානක් බෙදා ගෙන ළඟට ⁣රැගෙන ගොස් කෑමට වතුර කෝප්පයක් සමග දී ඇතැයි වාර්තා වෙයි. 

 



අදහස් (0)

මහත්තයට පාඩමක් උගන්වන්න නෝනා වෙරිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 682 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17820 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site