IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මහත්තයාගේ වාහනයේ කුණු පැටවු ගහලා

(තිහගොඩ උපසේන ලියනගම)


බස්නාහිර පළාතේ උපනගරයක් ආසන්නයේ පිහිටි මේ ක්‍රීඩාපිටිය පසුගිය කොරෝනා වසංගත සමයේ ක්‍රීඩකයන් නොපැමිණීම නිසා ජරාවාසව පැවැති එකකි. මේ නිසාම එහි ගේට්ටුව අසල විශාල කුණු ගොඩක්ද එකතු වී තිබුණි. 
පසුගියදා ප්‍රදේශයේ තරුණ පිරිසක් මේ කුණු ගොඩ ඉවත්කර ක්‍රීඩා පිටියද පිළිසකර කොට එහි ක්‍රීඩා කිරීමට පටන් ගත්හ. එහෙත් මෙහි කුණු දැමූ සමහරුන් යළිත් එහි කුණු දැමීමට පටන්ගත් අතර ඒවාද ඉවත්කළ තරුණයෝ එහි කුණු නොදමන ලෙස දැන්වීමක්ද සවි කළහ. 
එහෙත් යළිත් කීපදෙනකු කුණු පාර්සල් එහි දැමූවෙන් තරුණයෝ සැලකිල්ලෙන් ඒ ගැන සොයමින් සිටියහ. 
පසුගිය දිනෙක වාහනයෙන් ආ පුද්ගලයකු තම කුණු පාර්සලය එතැනට දමන ආකාරය දුටු තරුණයකු වහා දිව විත් වාහනය ඉදිරිපිට නැවතී කීවේ ඒම පාර්සලය ආපසු රැගෙන යන ලෙසටය. 
වාහනයේ සිටියේ ටයිකෝට් ඇඳි විද්වත් පෙනුමැති අයෙකි.. ඔහු වාහනය නොනවත්වා යාමට තැත් කරනු දුටු තරුණයාගේ හඬට වට පිටාවේ තරුණයෝද එකව ඔහුට වාහනයෙන් බැස ඩිකිය අරින ලෙස කීවේ තර්ජනාත්මකවය. බලෙන්ම වට පිටාවේ වූ කුණු සියල්ල එහි පටවා පසුව යන ලෙස දැන්වූයෙන් බියට හා විමතියටත්, ලජ්ජාවටත් පත් ඔහු වාහනය සෙමින් පදවාගෙන ඉවත්ව ගියේ තරුණ පිරිසගේ හූ හඬ මැදලු.

 



අදහස් (0)

මහත්තයාගේ වාහනයේ කුණු පැටවු ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 51 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 846 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site