IMG-LOGO

මුහුණුපොතේ පෙම්වතිය දැක අනංගයාත් හොල්මන් වෙලා

(හසලක වාර්තාකරු)
මුහුණු පොතෙන් ඇසුරු කළ පෙම්වතිය තම අයියාගේ දුව බව හෙළිවීමෙන් පසු සායම සේදෙන්නට පෙර නිවස කරා පලා ගිය විවාහක තිදරු පියකු පිළිබඳ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය.


වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.


ඇය විසිතුන් හැවිරිදි විවාහක එක් දරු මවකි. ඔහු ද එම ගමේම පදිංචි 36 හැවිරිදි විවාහක තිදරු පියෙකි. තරුණිය රැකියාවක් නොකරන අතර ඇගේ සැමියා විදේශ ගත රැකියාවක නිරත වී සිටි.


එක් දරු තරුණ මව විදේශීය තරුණියකගේ ඡායාරූපයක් උපයෝගී කරගෙන මුහුණු පොතේ ගිණුමක් ආරම්භ කර පවත්වාගෙන විත් තිබේ. ඔහු ද ඡායාරූපයක් රහිතව සේවා ස්ථානයේ ලිපිනය සඳහන් කර මුහුණු පොතට පිවිස තිබේ. තරුණියගේ ඡායාරූපය දුටු ඔහු එයට කමැත්ත ප්‍රකාශ කර තිබේ. ඇය ද එයට ප්‍රතිචාර දැක් වූ හෙයින් දෙදෙනා මාස කිපයක් මුහුණු පොතෙන් මෙන්ම දුරකතනයෙන් ද සබදතාව පවත්වාගෙන ගිය අතර ඒ අතර නොදැනුවත්වම දෙදෙනා ප්‍රේමවන්තයන් බවට පත් වී සිටියහ.


දෙදෙනාට හමු වීමේ අවශ්‍යතාවක් ඇති වූයෙන් ඇය ඔහුට එක්තරා නගරයකට පැමිණෙන්නට කීවාය. ඒ අනුව ඔහු ද එයට එකඟ වී අසවල් දින තමන් අහවල් තැනට පැමිණෙන බවත් ඇයට ලංගම බස්නැවතුම්පොළේ නැවතුමට පැමිණ සිටින ලෙස ද ඔහු දැන්වීය. එහිදී ඇය පැවසුවේ තමන් එම වේලාවට අදාළ ස්ථානයට පැමිණෙන බවත් තමන් අසවල් පාට ගවුමකින් සැරසී දුඹුරු පාට අත්බෑගයක් රැගෙන එන බවත් ඒ සලකුණු අනුව තමන් හඳුනා ගත හැකි බවත්ය.


එම හමුවට සූදානම්ව ඔහු නිවෙසට පෙර දින සවස පැමිණියේය. ඔහුගේ නිවසට මීටර් 20ක පමණ දුරින් තම වැඩිමහල් සොහොයුරාගේ නිවස පිහිටා තිබේ. මෙහි අයියාගේ බිරිය හා විවාහක දියණිය මෙන්ම තවත් අවිවාහක දරුවෝ දෙදෙනෙක් වාසය කරති.


මෙදින පෙරවරු අදාළ වේලාවට යෑමට සූදානම් වෙමින් සිටින විට අයියාගේ දියණිය මුහුණු පොතේ සඳහන් තරුණිය හැඳගෙන එනවා යැයි පැවසූ වර්ණ වලින් සමන් විත ගවුමක් සහ අත් බෑගයක් රැගෙන නිවෙසින් පිටව යනවා දැක ගැනීමට ඔහුට හැකිවිය. එම දසුනෙන් ඔහුගේ සිත යම් චකිතයකට පත්විය.


කතිකා කර ගත් පරිදි ඔහු ද සිය යතුරු පැදියේ නැගී බස් නැවතුම ආසන්නයට ගොස් බස් නැවතුම් ස්ථානය නිරීක්ෂණය කරන විට තම අයියාගේ දුව මුහුණු පොතේ පෙම්වතිය බවට අනාවරණය විය. ‘තවදුරටත් ඇයම දැයි දැන ගැනීම සඳහා ඇයගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගන්නා විට ඇය එයට පිළිතුරු දෙන අයුරු ද ඔහුට දැක ගැනීමට හැකි විය.


වහා දුරකතනය විසන්ධි කළ ඔහු දුරකතනයෙන් සිම්පත වහා ගලවා ඉවතට විසිකර නිවස බලා පිටත් වූයේ තව මොහොතකින් වෙන්නට ගිය අවමානයෙන් තමන් ගලවා ගැනීම පිළිබඳව දෙවියන්ට පින් දෙමිනි.
මෙය රහසක් වූවත් එදින සවස හිත මිතුරෙකු සමග මදු විත තොළගාන අතරේ ඔහුට මේ කතාව කිය වුණේ මුහුණු පොත නිසා තමන්ට සිදුවෙන්නට ගිය මහා විපතක කතාවයි.

 



අදහස් (0)

මුහුණුපොතේ පෙම්වතිය දැක අනංගයාත් හොල්මන් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 51 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1604 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1718 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site