IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


මුහුණු පොතේ ප්‍රේමය එන්නත් පොළේදී ​​ෙබ්‍ර්ක් වෙයි

(හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන )                        
මුහුණු පොත හරහා හඳුනාගත් පෙම්වතිය එන්නත විදගැනීමට පැමිණි පසු පෙම්වතා විසින්ම ප්‍රේම කතාව නිමකළ අපූරු කතාවක් දකුණු පළාතේ එන්නත්කරණ මධ්‍යස්ථානයකින් වාර්තාවේ.


දකුණු පළාතේ ප්‍රධාන නගරයක රජයේ කාර්යාලයක සේවය කළ නිලධාරියකු සිය මුහුණු පොත හරහා හඳුනාගත් තරුණියක සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගියේය.


මුහුණු පොත හරහා සංවාද කළද දෙදෙනා දෙදෙනාට හමුවීමක් සිදුකළේද නැත. තරුණිය රූමතියක් වූ අතර එයට සරිලන අයුරින්ම තරුණයාද කඩවසම් අයෙක් විය. නගරයේ කාර්යාලක සිටි ඔහුට හිටිගමන්ම වාගේ ග්‍රාමිය ප්‍රදේශයක කාර්යාලයකට ස්ථාන මාරුවීමක් ලැබුණේය. 


නව සේවා ස්ථානයේ වැඩ බාරගෙන සිටින අතර තුර කොවිඩ් එන්නත්කරණ වැඩසටහන්වල පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ රාජකාරිවලට යාමටද ඔහුට සිදුවිය. 


වයස අවුරුදු විස්සත් තිහත් අතර පිරිසට එන්නත් ලබාදීමේ වැඩසටහනට සහභාගි වී සිටි තරුණ නිලධාරියාට කාන්තාවක් කුඩා දරුවකුද වඩාගෙන විත් හැඳුනුම්පත ලබාදුන්නාය. හැඳුනුම්පතෙහි ඇති ඡායාරූපය සහ නම දුටු තරුණයා එකවරම පුදුමයට පත්විය. මුහුණු ආවරණයක් සමග මුඛ ආවරණ දෙකක් පැළඳ සිටි තරුණ නිලධාරියා හඳුනා ගැනීමට තරුණියට නොහැකි විය. දරුවාද රැගෙන බෙහෙත් වීදිමට පැමිණියේ ඇයි දැයි ඔහු තරුණියගෙන් විමසූ අතර සැමියා විදේශ ගතව සිටින නිසා දරුවාද සමග පැමිණි බව ඇය පැවසුවාය.


ලියාපදිංචි කටයුතු කඩිනමින් ඉටුකර දී කාන්තාව සමග එන්නත්කරණ ස්ථානයට ගොස් එන්නතද කඩිනමින් ලබාදී ඇය පිටත්කර හැරියේය. තමන් රාජකාරි කර ස්ථානයට පැමිණ සමීපතම යහළුවකුට සිද්ධිය පවසා සිත් තැවුලෙන් යුතුව තරුණ නිලධාරියා පිටව ගියේය.


තරුණයා මෙම කතාව පැවසූ මිතුරාගෙන් කාර්ය මණ්ඩලය පුරාවටම සිද්ධිය පැතිර ගිය අතර තරුණයා ටික දිනක් නිවාඩු ලබාගෙන නිවෙසේ රැඳී සිට පෙම්වතියටද කතාව පවසා සම්බන්ධය නතරකර දැමුවේය.

 



අදහස් (2)

මුහුණු පොතේ ප්‍රේමය එන්නත් පොළේදී ​​ෙබ්‍ර්ක් වෙයි

dnh Monday, 13 September 2021 07:13 AM

අයියෝ මෝඩයි

:       7       7

sam Tuesday, 14 September 2021 11:26 AM

මට මේකට හිනායන්නේ නැහැ... ආයිමත් දානකොට හොඳට හිනාවෙන්න පුළුවන් කතාවක් දාන්න.. හොඳේ...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 565 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 720 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 300 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site