IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මුහුණු පොතේ අනියම් පෙම්වතා සැමියාගේ ත්‍රිරෝදයෙන්ම ගෙදර ඇවිත්

(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
මුහුණු පොතෙන් හමුවූ අනියම් පෙම්වතා සිය සැමියාගේ ත්‍රිරෝද රථයෙන් නිවසට පැමිණි අවස්ථාවේ දෙවියන් සිහි වූ කාන්තාවක පිළිබඳව කොළඹට නුදුරු ගමකින් වාර්තා වන සිදුවීමකි.


සිද්ධිය මෙසේය, 


ඔහු ත්‍රිරෝද රථ රැකියාවේ නිරත වූවෙකි. මෑතකදී විවාහ වී ඇති අතර බිරිඳ රූමත් ඔහුට වඩා බෙහෙවින් වයසින් අඩු තරුණියකි. ඔහු උදෑසන ත්‍රිරෝද රථය රැගෙන ප්‍රදේශයේ ත්‍රිරෝද ගාල වෙත යන අතර බිරිඳ නිවසේ සිට දවස පුරාම මුහුණු පොතේ කාලය ගත කරන්නීය. ඇයගේ රූමත් ඡායාරූප මුහුණු පොතේ දිනපතා පළවූ අතර ඇතැම් තරුණයන් ඇගේ රූමත් කම දැක මුහුණු පොතෙන් ඇය සමග සබඳතා ගොඩනගා ගැනීමට උත්සාහ කර තිබේ. එලෙස සබඳතා ගොඩනගා ගැනීමට උත්සාහ දැරූ තරුණයකු පිළිබඳව ඇයට සිතක් ඇති වී පසුව එය ප්‍රේමයක් දක්වා වර්ධනය වී තිබේ. 


කෙසේ වෙතත් ඇය මුහුණු පොතේ හෝ එම තරුණයාට කිසිම විටකදී තමා විවාහක කතක් බව හඟවා නොමැත. ඔහු නිතරම ඇයට ඇවිටිලි කර ඇත්තේ ඇය මුණගැසීමට අවශ්‍ය බවය.


 සැමියා උදේ ගොස් හවස පැමිණෙන බැවින් කිසිදු බාධාවක් නොමැති බැව් දැනගත් ඇය ඔහුට ඇය සිටින නිවසට පැමිණෙන මාර්ගය කියා දිවා කාලයේ පැමිණෙන ලෙස දන්වා තිබේ . 


නියමකර ගත් දින ඇය ඔහු පැමිණෙන තුරු බලා සිටි අතර  ඇය සොයා පැමිණි තරුණයා ඇගේ නිවසට යාමට ගොඩවී ඇත්තේ ඇයගේ සැමියාගේ ත්‍රිරෝද රථයටය. 


කිසිවක් නොදත් ඔහු ඇය කී මාර්ගය ඔස්සේ ගමන් කරන ලෙස ත්‍රිරෝද රථ රියදුරු වන තම පෙම්වතියගේ පුරුෂයාට පවසා ඇත. 
මවිතයට පත් ඔහු නිවස වෙත පැමිණ වාහනය නතර කරද්දී සැමියා අවේලාවේ පැමිණීම පිළිබඳව මවිතයෙන් බලද්දී ත්‍රිරෝද රථයෙන් බසින මුහුණු පොතේ පෙම්වතා දුටු ඇයට දෙවියන් සිහි වී තිබේ.


 කාරණය ඔහුගෙන්ම අසාගත් ඇයගේ සැමියා ගේ තුළට ගොස් ඇය සොයද්දී ඇය ඒ වන විටත් පස්සා දොරෙන් අතුරුදන්ව ඇති අතර පසුව සොයා බලද්දී ඇයගේ මවුපියන්ගේ නිවසින් ඇය මතුව තිබේ.


ඇයගේ මවුපියන්ට කාරණය පැවසූ ඔහු නැවත වරදක් නොකරන පොරොන්දුව මත ඇයට සමාව දී තිබේ. 
ඇය පසුව මුහුණු පොතෙන් ඉවත් වූ බව ආරංචි විය.

 



අදහස් (1)

මුහුණු පොතේ අනියම් පෙම්වතා සැමියාගේ ත්‍රිරෝදයෙන්ම ගෙදර ඇවිත්

Chinthaka Saturday, 14 August 2021 02:41 PM

දෙයියෝ සාක්කි...!!!

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 119 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site