IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මහාචාර්ය හඩට අහුවී හතලිස් දාහක් හොරෙකුට දීලා

ප්‍රසිද්ධ මහාචාර්යවරයකූගේ කටහඬ  ඒ ආකාරයටම අනුකරණය කරමින් මහාචාර්යවරයාගේ මිතුරකු රවටා රුපියල්  හතළිස් දහසක මුදලක් වංචනික ලෙස ලබාගත් හොර මහාචාර්යවරයකු ගැන  හබරාදූවට නුදුරු ප්‍රදේශයකින් වාර්තා වේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
මහාචාර්යවරයා ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක සේවය කරන්නෙකි. කිසියම් කූට වංචනික  පුද්ගලයෙක් මෙම මහාචාර්යවරයාගේ ළඟම මිත්‍රයකුට ඉකුත්දා  දුරකතන ඇමතුමක් ගත්තේය. මහාචාර්යවරයාගේ කටහඬ ඒ ආකාරයටම අනුකරණය කරමින්  ඔහුගේ ළඟම මිතුරකුට  දුරකතන ඇමතුමදී පවසා ඇත්තේ තමා  කොළඹ අවමඟුල් උත්සවයකට සහභාගීවී එද්දී අනතුරකට පත්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි. 
කලබල වන නිසා මේ ගැන ගෙදරට නොකියන ලෙස පවසා බෙහෙතක් ගැනීම සඳහා රුපියල් හතළිස් දහසක මුදලක් එවන ලෙසට  ව්‍යාජ මහාචාර්යවරයා සැබෑ මහාචාර්යවරයාගේ මිත්‍රයාගෙන් ඉල්ලා සිටියේය.


අනතුර ගැන ඇසීමෙන්  මහත් සේ කම්පාවට පත් වූ මිත්‍රයා ඔහුගෙන්  ගිණුම් අංකය ඉල්ලා සිටියේය. එකවුන්ට් නම්බර් එකට නොව ඊසි කෑෂ් ක්‍රමයට මුදල් එවන ලෙස ව්‍යාජ මහාචාර්යවරයා දැන්වුයේ කරන්නට යන උදව්ව ගැන අනේක වාරයක් තුති පුදමිනි. 
මහාචාර්යවරයාගේ මිත්‍රයා ළඟම ඇති සන්නිවේදන මධ්‍යස්ථානයකට ගොස් රුපියල් හතළිස් දහසක මුදල ඊසි කෑෂ් ක්‍රමයට ඔහුට යැව්වේය. එසේ යවා මොහොතකින් ව්‍යාජ මහාචාර්යවරයා සැබෑ මහාචාර්යවරයාගේ මිත්‍රයාට නැවත දුරකතන ඇමතුමක් ගෙන පවසා ඇත්තේ බෙහෙත ගැනීමට හතළිස් දහසක මුදල මදි බවයි. ඒ නිසා තවත් පහළොස් දහසක මුදලක් අවශ්‍ය බවද  ප්‍රකාශ කළේය.
ඒ ප්‍රකාශය සමග මතු වූ සැකය නිසා සැබෑ මහාචාර්යවරයාගේ මිත්‍රයා ඔහුගේ ගෙදරට  ගොස් මහාචාර්යවරයා කොළඹ ගියාදැයි වටින් ගොඩින් විමසා සිටියේය. මහාචාර්යවරයාගේ බිරිඳ එහිදී පවසා ඇත්තේ සැමියා උදේ ගෙදරින්  විශ්ව විද්‍යාලයට ගිය බවයි. මහාචාර්යවරයාගේ මිත්‍රයාට සිදුවුණේ කුමක්දැයි වටහා ගැනීමට වැඩි වේලාවක් ගත වූයේ නැත. ඔහු මහාචාර්යවරයාගේ බිරිඳට සියලු‍ සිද්ධිය හෙළි කළේ ඉන් අනතුරුවය. ඒ අනුව ඇය  සිය මහාචාර්ය සැමියාට සිද්ධිය එවේලේම දැනුම් දුන්නේ ඒ ගැන දැඩි ලෙස කම්පාවෙමිනි.
හබරාදුව රම්‍යා බිංදුහේවා

 



අදහස් (1)

මහාචාර්ය හඩට අහුවී හතලිස් දාහක් හොරෙකුට දීලා

pakeer Thursday, 14 December 2023 04:44 PM

මහාචාර්යවරයෙක් නෙවෙයි...,

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 44 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 931 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site