(කොස්ගොඩ - කමල් ශ්‍රී ලියනගේ )
මහ ? බඩගිනි වූ වඳුරකු ගෙදරකට පැන කළ කලබලයක් නිසා හොරුන් ඇවිත් යැයි බියට පත් අහළ-පහළ නිවැසියන් කීපදෙනකු නින්දෙන් අවදිවීමේ සිද්ධියක් දකුණේ ගමකින් වාර්තා වේ.
නිවැසියන් මේ වෙලාවේ සුව නින්දේ පසුවිය. නිවස්වල වහළ මතින් ද කෙටි තාප්ප උඩින් ද කිසිවෙක් දුවයන හඬ ඇසී දොරවල් ඇරගෙන විදුලිපහන් දල්වා අහළ-පහළ කීපදෙනෙක්ම අවදිවී සෝදිසි කර බැලූහ. යාබද නිවැසියෝ කිහිපදෙනෙක් මේ නිසා අවදි වූහ.
වටපිටාවේ සොයා බැලූවත් කිසිවකු පෙනෙන්නට නොසිටි නිසා තව තවත් වත්තපිටියේ සොයා බලන්නට විය. එවිට එක් අයකුට හොඳින් වැඞී තිබුණු තම වත්තේ කෙසෙල් පඳුරේ කැනක් ඇද තිබෙණු දක්නට ලැබුණි. වඳුරකු පැමිණ කෙසෙල් කැන කෑමට උත්සාහ දරා ඇති බව පෙනීගියෙන් සොරබිය දුරුවිය. බඩගිනිවූ වඳුරකු එසේ පැමිණ ඇති බව ගම්වාසීහු විශ්වාස කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දන්න විදියට රෑට වඳුරෝ එලියට එන්නේ නැහැ (අ)
හොරා හොරකන් කරන්න එන්නේ හෙමින් සීරුවේ නේද?නමුත් මේ හොරා ඇවිත් තියෙන්නේ සද්ද බද්ධ දාගෙන. අපේ රටේ මේ වගේ හොරුත් ඉන්නවද? (ම)