IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මහ රෑ අාච්චිගේ ඇඟට උඩින්පැන මිනිපිරිය කොල්ලෙක් එක්ක ගිහින්

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න

වැඩි ආරක්ෂාව පතා මිත්තනියගේ නිවෙසේ නතර කර සිටිය දී මිත්තනිය තද නින්දට වැටුණු අවස්ථාවේ දී පෙම්වතා සමග පැන ගොස් ඇතැයි කියන තරුණියක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.

වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.

කෑගල්ල ප්‍රදේශයේ නිවෙසක මව්පියන් සමග 21 හැවිරිදි තරුණියක් පදිංචිව සිටියාය. ඇයට වැඩිමහල් සහෝදරයකු ද වූ අතර පියා ආරක්ෂක අංශයේ රැකියාවක් කළේ දුර බැහැර ප්‍රදේශයකය. මව තරුණිය සමග නිවසේ පදිංචිව සිටියාය.

මාස දෙකකට පමණ වතාවක් නිවෙසට පැමිණෙන තරුණියගේ පියා තම එකම දියණිය කාලයක සිට හඳුනන තමන් සමග සේවය කරන හිතවතකුගේ විදේශ රටක ස්ථිර පදිංචිව සිටින තරුණයකුට විවාහ කර දීමට බලාපොරොත්තුවෙන් සිටියේය.

දෙපාර්ශවයේම මව්පියන් දරුවන් දෙදෙනාගේ හඳහන්පත් ජ්‍යොතිර්වේදියකුට කාලයකට ඉහතදී ලබා දුන්නේ අනාගත බලාපොරොත්තුව මල්පල ගැන්වීමේ අදහසිනි. එහිදී ඔවුන් දෙදෙනාගේ වේලාවල් ඉතා ඉහළින් ගැලපී තිබේ.

තරුණිය මාස ගණනාවක සිට සිය මවට හොර රහසේ අල්ලපු ගමේ පදිංචිව සිටින තරුණයකු සමග ඇයිහොඳයියක් පවත්වන බව දිනක් අසල්වැසි කාන්තාවක් දැක තරුණියගේ මවට ප්‍රකාශ කළාය.

පසුව තරුණියගේ මව සිය සැමියාට ද සිද්ධිය සම්බන්ධයෙන් දන්වා දියණිය ආරක්ෂා කර ගත යුතුව ඇතැයි පවසා කෑගල්ලේ ගමක තනිවම පදිංචිව සිටින මවගේ නිවෙසේ මීට මාස හතරකට පමණ ඉහතදී තරුණිය නතර කළාය.

දින කිහිපයක් තරුණිය මිත්තනියගේ නිවෙසේ කාමරයක කල් ගෙවමින් සිටින අවස්ථාවේ දී මිනිපිරිය තරුණයා සමග දුරකතනයෙන් නිතර නිතර දොඩමලු වෙන අයුරු මිත්තනිය සියැසින් දැක තිබුණි.

මිනිපිරිය තරුණයා සමග පැන යයි දෝ කියන සැකය මත සති දෙකක පමණ සිට මිත්තනිය නිදා ගන්නා ඇඳේ කොටසක් ඇයට ද රාත්‍රි නිදාගැනීමට සලස්වා දී  තිබුණාය.

මිත්තනිය හා තරුණිය ඇඳේ නින්දට වැටුණාය. මිත්තනිය ගොරව ගොරවා තද නින්දට වැටුණු අවස්ථාවේ දී තරුණිය මිත්තනියගේ ඇඟ උඩින් පැන දොර ඇර නිවෙසින් පිට වී තරුණයා සමග පැන ගොස් සිටියා.

ගොරව ගොරවා නින්දේ සිටි මිත්තනිය පාන්දර අවදිවීමෙන් පසුව කළුවරේම අත පතගා මිනිපිරිය ඇඳේ සිටිනවා දැයි සොයා බැලීමක් සිදු කළාය.

මිනිපිරිය ඇ⁣ඳේ නොමැති බව දැනගත් මිත්තනිය හනික නැගිට රඹුක්කන පදිංචිව සිටින දියණියට කතා කොට මිනිපිරිය නිවෙසේ නොමැති බව පැවසුවේ වෙන කළ හැකි දෙයක් නොමැති හෙයිනි.

තරුණිය එළියවැටෙමින් පවතින අවස්ථාවේ දී මවගේ දුරකතනයට ඇමතුමක් ගෙන කියා ඇත්තේ කිරි අම්මාට නොදන්වා තමන් පෙම්වතා සමග ගිය බවය. සොයන්න එපා කරදරයක් නැතිව සිටින බවද  ඇය මවට දන්වා ඇත්තේ සතුටින් ඉපිලෙමිනි.

 



අදහස් (0)

මහ රෑ අාච්චිගේ ඇඟට උඩින්පැන මිනිපිරිය කොල්ලෙක් එක්ක ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 22 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1554 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site