IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මාසෙට ලක්ෂයක් ගන්න ගිහින් ‘කපුටකුට’ අහුවෙලා

ඇලහැර සරත් නිශ්ශංක වෙලගෙදර 



වැඩිහිටි දීමනාව මාසයකට ලක්ෂයක්  ලබා දෙන බව පවසමින් කාන්තාවක රවටා ඇය සතු ලක්ෂ හයක් පමණ වටිනා රන්ආභරණ රැගෙන පලාගිය වංචාකරුවෙකු පිළිබඳ කතා පුවතක්  අරලගන්විල වෙහෙරගල ගම්මානයෙන් වාර්තාවේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
 යතුරුපැදියකින්  පැමිණි පුද්ගලයකු නිවසකට ගොස්  තමා රජයේ නිලධාරියකු බවද  වැඩිහිටි දීමනා ලබා දීමට  පැමිණි බවද කාන්තාවට පවසා ඇත. වැඩිහිටි දීමනාව මාසයකට රුපියල් ලක්ෂ යකට වැඩි මුදලක් ලැබෙන බවත් එම මුදල ගන්න නම්  ඇපයක් අවශ්‍ය බවද  නිලධාරියකු ලෙස වෙස්වළා ගත් වංචාකරු  පවසා ඇත.
 එම දීමනාව ගන්න නම් ඇප මුදල් වසයෙන් රුපියල් 13000 බැගින්  වාරික තුනක් අවශ්‍ය බවද වංචාකරු කාන්තාවට පවසා තිබේ. 


වංචාකරුට අසුවූ කාන්තාව මෙම මුදල 39000 දෙන්න ඇය ළඟ මුදල් නැති  බවත්  අල්ලපු  ගෙදරට  ගිහින් මුදල් ගෙනැවිත් දෙන බව පැවසූ අවස්ථාවේ  ඇයට  වංචාකරු ⁣පවසා ඇත්තේ මුදල් නොමැති නම්  රන්ආභරණ තියනවා නම්  දෙන්න  මම මහජන බැංකුවේ රන්ආභරණ තියන්නම්. අම්මා ගිහින් මුදල් ⁣බැංකුවට දීලා රන්ආභරණ අරන් එන්න කියා යෝජනාවක් කළ අවස්ථාවේ ඇය කැමැත්ත ප්‍රකාශ කළාය.
 ක්ෂනිකව අත තිබූ මුද්ද ගලවා දුන්නද මුද්දට ලොකු මුදලක් ගන්න බෑ එහෙම නම් ටසල් දෙකද ගෙනැවිත් අත තැබූ අම්මා සර් එහෙනම් මේ දෙකම අරන් යන්න ඇය පැවසුවේ මාසයට රුපියල් ලක්ෂයක් ම ගැනීමේ අදහසිනි. අම්මා හොඳටම රැවටී ඇති බව දැනගත් වංචාකරු නැවත යෝජනාවක් කළේය.
ඒ යෝජනාව වූයේ එහෙනම් අම්මේ චේන් එකයි, මුද්දයි, ටසල් දෙකයි  දෙන්න මම මේ තුනම බැංකුවේ තියා  39000 ගන්නම්. අම්මා බැංකුවට ගිහින් සල්ලි දී අරවාගෙන එන්න. ලබන මාසේ ඉඳලා අම්මාට වැඩිහිටි දීමනාවක් ලක්ෂයක් ලැබෙනවා. ඒ මුදල් වලින් හරි ⁣රන්ආභරණ බේරාගන්න.  අම්මා එහෙනම් බොහොම ස්තුතියි කියා නැවත  පිටු පසවත් නොබලා වංචාකරු  පියාඹා ගියේය.


නිවසට පැමිණි තම පුරුෂයාට ලබන මාසේ සිට මට ලක්ෂයක්  වැඩිහිටි දීමනාව ලැබෙනවා කියා සිදුවූ කතාව පුරුෂයාට ඇය පැහැදිලි කළාය. කතාව ඇසූ පුරුෂයාට දවල් තරු පෙනුනි. සැනෙකින් බිරිඳ කැටුව  අරලගන්විල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල මහතාට සිද්ධිය  පිළිබඳ  පවසා පැමිණිල්ලක්ද කළේය. සර් මගේ බිරිඳ  උසස් පෙළ විභාගයත් ලියලා තියෙන්නේ. එහෙත් මේ වංචා කරුට අසුවෙලානේ. 
 වංචාකරු පැමිණි  යතුරුපැදිය ලියාපදිංචි අංකය වෙනස් කර ව්‍යාජ අංකයක් යතුරුපැදියේ සවිකර ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිදරව් වී ඇත.
මෙවැනි වංචාකරුවන් වෙස්වළාගෙන  ගම්මානවලට  පැමිණ කාන්තාවන් රවටන බැවින් වංචාකරුවන්ට අසු නොවෙන ලෙස  පොලිසිය ජනතාවට අවවාද කර සිටී.



අදහස් (1)

මාසෙට ලක්ෂයක් ගන්න ගිහින් ‘කපුටකුට’ අහුවෙලා

ධනංජය Friday, 03 May 2024 01:10 PM

කපුටට අහුවෙලා ලක්ෂෙන් බේරුනා ඇති. ලංකාවට ආවොත් බිලියන ගණනක් එකතු කරගෙන තමා ආපහු යන්නේ.

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site