IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මවගේ මළගමේ බර ඇද්ද පවුලේ බාලයාට නෑයන්ගෙන් දඩ කොළයක්

පොල්ගස්ඕවිට එස්.වික්‍රමආරච්චි
සිය මවගේ මළගමදා අවශ්‍ය සියලු කටයුතු වෙනුවෙන් අතදිගහැර විය පැහැදම් කළ පවුලේ බාලයාට පවුලේ සෙසු සාමාජිකයන් විසින් සකස්කරනු ලැබූ වියදම් ලැයිස්තුවක පංගුවක් ගෙවීමටද සිදුවීමේ පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබේ.
සහෝදර සහෝදරියන් පස් දෙනකුගෙන් යුත් පවුලේ බාලයා වන ඔහු බෙහෙවින් සමාජශීලි පුද්ගලයෙකි. 
රජයේ රැකියාවක නිරත හෙතෙම සුළු ව්‍යාපාරික කටයුත්තක්ද කරයි. එහෙත් මුදල් වියදම් කරන්නේ සල්ලි ගස්වලින් කඩා ගන්නා දෙයක් සේ සිතාය. බාලයාගේ නොමසුරු බවෙන් උපරිම වාසිය ගන්නා පවුලේ සෙස්සෝ නිතරම වියදම්වලින් කර ඇරීමේ පිළිවෙත  අනුගමනය කරති.


මේ නිසා ඔහු සිය බිරිඳගේ නිරන්තර දෝෂාරෝපණයටද ලක්වෙයි. පසුගියදා ඔහුගේ මවගේ මරණය සිදුවූ අතර එම ආරංචියත් සමග බිරිඳගේ සහෝදරියන් තිදෙනා රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් ඔහුට  පරිත්‍යාග කර ඇත්තේ මළ ගෙදර කටයුතු සඳහා වියදම් කිරීමටයි.
මේ අනුව මරණය සිදුවූදා සිට අවසන් කටයුතු අවසන් වන තෙක්  සහ මළගෙදරට අවශ්‍ය සුළු සුළු වියදම් තොරණ, සැරසිලි, වළ කැපීම ආදී කටයුතු කරන ලද පිරිසට බීමට මත්වතුර සහ වෙනත් සංග්‍රහ සත්කාර සඳහා ඔහු අත දිගහැර වියදම් කළේය. ඔහුගේ පුළුල් සබඳතා නිසා මළගෙදරට වැඩි පිරිසක් පැමිණ ඇත්තේ ඔහු වෙනුවෙන් බවද රහසක් නොවීය.
මළගෙදරට පැමිණි වැඩි දෙනකු ඔහුගේ හිත මිත්‍රාදීන්වීම නිසාත් අවමඟුල් උත්සවයේ කතිකයන්ගේ වර්ණනාවට වැඩියෙන්ම ලක්වූයේ ඔහු නිසාත් පවුලේ සෙසු අය හිත යටින් ඔහු සමග නොහොඳ නෝක්කාඩු තත්ත්වයක් ඇතිකරගෙන ඇති බවද ඔහුට වැටහෙන්නට විය.
මළගෙදර අවසානයේ සෙසු සහෝදර සහෝදරියන් විසින් සකස් කරන ලද වියහියදම් ලැයිස්තුවක එක් පංගුවක් වශයෙන් රුපියල් හැටදාස් ගණනක මුදලක් ගෙවීමටද ඔහුට නියම විය.
කිසිදු ගණන් හිලව් බැලීමකින් තොරව රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක්ද අත දිගහැර වියදම් කර අවසානයේ අනෙක් අයගේ වියදම් පංගුවකටද කරගැසුවේ යැයි ඔහු දැන් බිරිඳගෙන් හොඳ පදමට ලුණු ඇඹුල් ඇතිව අහගන්නවාලු.

 



අදහස් (0)

මවගේ මළගමේ බර ඇද්ද පවුලේ බාලයාට නෑයන්ගෙන් දඩ කොළයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site