IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


මවගේ මිනියට ගුටි කෙළගෙන

මියගිය පස් දරු මවගේ දේහය භාර ගැනීම පසෙකලා දරුවන් පස් දෙනා ගුටි බැට හුවමාරු කර ගනිද්දී හදිසි මරණ පරීක්ෂකවරයකු මැදිහත් වී ගැටුම සමථයකට පත් කිරීමක් සම්බන්ධයෙන් පුවතක් සබරගමුව පළාතේ රෝහලකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
මිය ගොස් ඇති 85 හැවිරිදි වයෝවෘද්ධ මවට දරුවන් පස් දෙනෙකි. ඇගේ සැමියා විශ්‍රාමික විදුහල්පතිවරයෙකි. ඔහු ද මීට මාස හතකට ඉහත දී මිය ගොස් තිබුණි. පස් දරු මව මිය යන අවස්ථාවේ දී බාල දියණියගේ නිවසේ පදිංචිව සිටියාය. සෙසු දරුවන් සිව් දෙනා විවාහ වී වෙන වෙනම පදිංචිව සිටින්නෝය. දරුවන් පස් දෙනාගෙන් දෙදෙනකු ගුරුවරුය. සෙසු තිදෙනා ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටින්නෝය.
හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් පස් දරු මව බාල දියණිය විසින් රෝහල් ගත කෙරිණ. සෙසු වැඩිමල් සහෝදර සහෝදරියන්ට මව රෝහල් ගත කළ බව බාල සහෝදරිය දුරකතනයෙන් දැනුම් දීමක් කර තිබුණි.


රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි මව දින කිහිපයකට පසුව මිය ගියාය. මිය ගිය මවගේ බාල දියණිය ඒ බව වැඩිමල් සහෝදර සහෝදරියන්ට දැන්වූවාය. පශ්චාත් මරණ පරීක්ෂණයක් නොකර කට උත්තර දෙකක් පමණක් දරු දෙදෙනෙකුගෙන් ගෙන දේහය නිදහස් කිරීමට ප්‍රදේශය භාර හදිසි මරණ පරීක්ෂකවරයා කාර්යාලයට පැමිණ රෝගී සටහන් පත්‍ර පරීක්ෂා කර බලා තීරණය කර තිබුණි. 
හදිසි මරණ පරීක්ෂකවරයා කාර්යාලයට පැමිණ දේහය නිදහස් කර දීමට කටයුතු සියල්ල සූදානම් කළේය. හදිසි මරණ පරීක්ෂක කාර්යාලය ආසන්නයේ පිරිසක් කෑ කෝ ගසමින් ගුටි බැට පවා හුවමාරු කර ගන්නා බව එතනට පැමිණ සිටි පුද්ගලයකු දැක හදිසි මරණ පරීක්ෂක කාර්යාලයට දිව ගොස් ”‍ සර් පිරිසක් ගහ ගන්නවා’’ යැයි පැවසීය.
අසුනෙන් නැගිට ගත් හදිසි මරණ පරීක්ෂකවරයා පිරිස කෑ කෝ ගසමින් සිටි ස්ථානය වෙත ගියේය. ”‍ ඇයි මේ කෑ ගහගන්නේ, අම්මාගේ දේහය භාර ගන්න කෙනකු නැද්ද? යැයි පිරිස ගෙන් විමසීය. ”‍ නෑ සර් තාත්තා මීට මාස හතකට ඉහත දී මිය ගියා. තාත්තාගේ මරණ සහතිකය තිබුණේ ගුරු වෘත්තියේ සේවය කරන වැඩිමල් අක්කා ළඟ. තාත්තාගේ විශ්‍රාමික වැටුප අම්මාට ගන්න අක්කා හදලා දුන්නේ නෑ අපි මරණ සහතිකය ඉල්ලු‍වා අපට සහතිකය අක්කා දුන්නෙත් නෑ යැයි මිය ගොස් සිටි පස් දරු මවගේ පුතෙක් කනස්සල්ලෙන් හදිසි මරණ පරීක්ෂකවරයා හමුවේ පැවසීය.
“ඒක ඔබතුමාලා විසඳා ගන්න. දැන් මේ මරණය මම කපන්නේ නැතිව නිකං දෙන්න තීරණය කරලා තියෙන්නේ. ප්‍රශ්න ඇති කර ගත්තොත් අම්මාගේ දේහය කපලා තමයි මම දෙන්නේ යැයි හදිසි මරණ පරීක්ෂකවරයා පිරිස ඉදිරියේ දී කරුණු පැහැදිලි කර දුන්නේය. ‘‘නෑ සර් එහෙම කරන්න එපා අපි කිසිම ප්‍රශ්නයක් මීට පසු ඇති කර ගන්නේ නෑ කිහිප දෙනෙක් හැඩූ කඳුළින් විලාප තියන්න පටන් ගත්හ.

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න



අදහස් (0)

මවගේ මිනියට ගුටි කෙළගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 637 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 531 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 433 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site