IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


මවගේ මිනී පෙට්ටියෙනුත් මාටියා ගහලා


කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත



සිය මවගේ මිනී පෙට්ටියෙන් මාටියා ගසා අලි අමාරුවක වැටුණු පුදුම පුතකු පිළිබද පුවතක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
මේ මවට පුතුන් තිදෙනෙකි. එක් අයෙක් පිටරටය. අනෙක් දෙදෙනා මෙරටය. මව මියගියේ මෙරට සිටි පුතුන් දෙදෙනාගෙන් එක් අයෙක් ළඟය. පිට රට සිටින පුතා මව ජීවත්ව සිටියදී සිය මවට අවශ්‍ය දේ රැගෙන දීමට මුදල් එව්වේය. ඒ මව සිටි පුතාට නොව අනෙක් පුතාටය.
මව මියගිය පසු පිට රට ඉන්න පුතා මුදල් එවන සිය සහෝදරයාට කතා කොට පැවසුවේ මවගේ අවසන් කටයුතු ලස්සනට පිළිවෙළට කරන ලෙසය. යන වියදම තමන් දරන බවය. ඒ අනුව ඔහු සියලු‍ දේ කළේය.
මේ මවගේ අවසන් කටයුතු අවසන් විය. මව ළඟ සිටි පුතුටද මවගේ මරණය නිසා මුදලක් වියදම්විය. අතමාරුවට ඉල්ලා ගත් මුදල් ඔහු ඒ සඳහා වියදම් කළේය. ඔහුට එම මුදල් ආපසු දීමට අවශ්‍ය විය. මේ පුතා ඒ සඳහා කළේ සිය ආයතනයෙන් හදිසි ආපදා ණය මුදලක් ඉල්ලීමය. ඒ සඳහා කාරණය ලෙස පෙන්වා තිබුණේ මවගේ මරණයට ගිය වියදම්ය.
මවගේ මරණයට අනෙක් වියදම් සඳහා බිල්පත් නොලැබුණත් මිනී පෙට්ටිය සඳහා බිල්පතක් ලබා ගත හැකි බව ඔහු සිතුවේය. ඒ අනුව ඔහු අම්මා සඳහා මිනීපෙට්ටිය මිලදීගත් ආයතනය වෙත ගියේය. කාරණය කීවේය. එවිට එම ආයතනයේ අයිතිකරු කීවේ මව සඳහා ලබාගත් මිනී පෙට්ටියට තවමත් මුදල් නොලැබී ඇති බවය. පිටරට ඉන්න සොහොයුරා පෙට්ටිය සඳහා මුදල් ලබාදීමට සිය සොහොයුරාට එක්ලක්ෂ අසූදහසක් එවූ බව ඔහු මල් ශාලා හිමිකරුට කීවිට මල් ශාලා හිමිකරු ඔළු‍වේ අත තබා ගත්තේය.


අයියෝ මහත්තයෝ අපි පෙට්ටිය දුන්නේ රුපියල් අසූ දහසකටනේ මේ හාදයා අම්මගේ පෙට්ටියෙනුත් ලක්ෂයක් ගහලානේ. ඒක ඔය ගොල්ලන්ගේ ප්‍රශ්නයක් මට පෙට්ටියේ සල්ලි ටික ඉක්මනටම දෙන්න කියන්න. එතකොට මම මහත්තයාට ණය ගන්න බිල් පත දෙන්නම් යයි මල් ශාලා හිමිකරු කීවේය.
සිය සොහොයුරා සිය මවගේ මිනී පෙට්ටියෙන් රුපියල් ලක්ෂයක් ගසා ඇති බව පිටරට සිටි සහෝදරයාට ද කනින් කොනෙන් ආරංචිය ගියේය. කලකිරුනු ඔහු දැන් අර සොහොයුරාට මාසිකව එවූ මුදල කපා දමා තිබෙනවාලු‍.

 



අදහස් (0)

මවගේ මිනී පෙට්ටියෙනුත් මාටියා ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 637 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 531 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 433 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site