IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


මව දැඩි සත්කාරයේ සිටිද්දී පුතා මල්ශාලාවකට සල්ලි බැඳලා

ගලහ ඩබ්ලිව්.ඒ. අසේල 

තම මව අසාධ්‍ය වී මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී නගරයේ ඇති මල් ශාලාවලට ගොස් මිල ගණන් විමසා මවගේ අවමංගල්‍ය කටයුතු සඳහා සූදානම් වූ පුතකු පිළිබඳ පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වේ.


ඔහු මහනුවර නගරයේ රැකියාවක් කරන්නෙකි. ඔහුගේ වයස්ගත මව ප්‍රදේශයේ මහ රෝහලකට ඇතුළත් කළේ හදිසියේම වාගේ අසනීප වීම නිසාය.


දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටියත් ඇයගේ අසනීප තත්ත්වය එන්න එන්නම  උත්සන්න වීය. එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ප්‍රතිකාර සඳහා මාරුකර ඇත.


දැඩි සත්කාර ඒකකයට  ඇතුළත් කර මව ප්‍රතිකාර ලබන අතරතුර පුතා රෝහල අවට ඇති මල් ශාලාවලට ගොස් මිනි පෙට්ටිවල හා අනෙකුත් දේවල්වල මිල ගණන් විමසුවේය.


ඔහු එයින් එළියට ආවේ තමාට දැරිය හැකි මිලකට අවමංගල්‍ය කටයුතු කළ හැකි මල් ශාලාවක් තෝරාගෙන පසුව එන බව පවසමිනි.


ඒ අතර තුර කාර්යාලයේ හිතවතකුට දුරකතනයෙන් අමතා කාර්යාලයේ සුබ සාධක සංගමයෙන් මරණාධාර දෙන ක්‍රමය පිළිබඳව විමසුවේ ඇඟට පතට නොදැනෙන්නටය.


කෙසේ වුවත් දැඩි සත්‍කාර ඒකකයේ ප්‍රතිකාර ලබා අසනීප තත්ත්වය තරමක් සුව වූ බැවින් මව නැවතත් සාමාන්‍ය වාට්ටුවකට වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරුකොට එවනු ලැබුවාය.
එහෙත් කාර්යාලයේ හිතවතා මවගේ තොරතුරු විමසද්දී ඔහුගේ කටින්ම මල් ශාලාවලට ගිය කතාව ද එළියට ආවේ ඔහුටත් නොදැනීමය. 

 



අදහස් (1)

මව දැඩි සත්කාරයේ සිටිද්දී පුතා මල්ශාලාවකට සල්ලි බැඳලා

Manolo. Marasinga Friday, 21 July 2023 04:15 PM

වරදක් දකින්නේ නම් නැහැ..

:       3       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1900 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1518 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 531 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site