IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මල්ලිගේ දියුණුව ඉවසන්න බැරිව අයියා පොලිසි ගිහින්

දවසින් දවස මල්ලි දියුණු වෙනවා තමාට එය ඉවසා දරා ගත නොහැකි යැයි වැඩිමල් සහෝදරයෙක් පැමිණිල්ලක් කර ඇතැයි කෑගල්ල ප්‍රදේශයේ පොලිසියකින් වාර්තා වෙයි .
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 46 හැවිරිදි තිදරු පියෙක් බිරිඳ දරුවන් තිදෙනා සමග පදිංචිව සිටියි. පෙදරේරු රැකියාවක් කරන තිදරු පියා තදින්ම මත්පැන් පානයටත් දුම්පානයටත් බුලත් විට කෑමටත් පුරුදුව සිටින්නෙකි. දිනකට උපයන වැටුපෙන් අඩකටත් වඩා මුදලක් හැන්දෑවට ඔහුට වැය වෙයි. ඉතිරි මුදලින් පස් දෙනකු වේල් තුනකට කෑමටත් පාසල් යන වයසේ දරුවන් තිදෙනාගේ අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමටත් සිදුව ඇත. 
තිදරු පියා පෙදරේරුවකු වුව ද ඉන්න හිටින්න තැනක් ද ස්ථීරව ගොඩ නගාගෙන නොමැත. අඩක් ඉදි කර ඇති නිවසක ටකරන් සෙවිලි කර ඉටි රෙදි වලින් ද වට කර ගෙන අනාරක්ෂිතව පදිංචිව සිටියි.
මෙම තිදරු පියාගේ නිවස ආසන්නයේ බාල සහෝදරයා මෑතකදී නව නිවසක් තනාගෙන බිරිඳ  දරුවන් දෙදෙනා සමග පදිංචිව සිටියි. බාල සහෝදරයා විවාහ වීමටත් පෙර සිට රැකියාව ලෙස ගම්වල ඇවිද කෙසෙල්, පොල්, පුවක්, පලතුරු කාලයට රඹුටන්, මැංගුස්, දූරියන් ගෙඩි කඩාගෙන කුලියට වාහනයක් ගෙන පටවා අලව්ව ප්‍රදේශයට රැගෙන ගොස් විකුණා ලැබෙන ලාභයෙන් ජීවත් වූවෙකි. 


ඔහු මත්පැන් මත්ද්‍රව්‍ය දුම්වැටි බුලත් විට කන්නේ නැත. කලකට ඉහතදී එකතු කරගෙන තිබුණු මුදලකින් ත්‍රිරෝද රථයක් ගත්තේය. එම ත්‍රිරෝද රථයෙන් සොයා ගන්නා ගස් ගෙඩි ප්‍රවාහනය කර ගැනීමට මහත් අත්වැලක් විය. ලැබෙන ලාභයෙන් නව නිවසක් ද අසල්වැසි පෙදරේරුවෙකු ලවා ඉදි කර ගත්තේය. මෑතක දී යතුරුපැදියක් ද ගෙන ඇත. දරුවන් දෙදෙනා ද හොඳ අධ්‍යාපනයක් ලබමින් සිටින අතර බිරිඳ ද අරපිරිමැස්මෙන් කටයුතු කරන කාන්තාවකි.
මීට දින කිහිපයකට ඉහතදී පෙදරේරු රැකියාව සිදු කරන තිදරු පියා පොලිසියට පැමිණ බාල සහෝදරයා දවසින් දවස දියුණු තියුණු වෙනවා දියුණු වීම තමාට සැක යැයි වහාම සොයා බැලීමක් සිදු කරන්න යැයි පවසා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ ඇත. පසුව පොලිසිය ඊට දින කිහිපයකට පසුව අයියා මලෝ කැඳවීය. 
එහිදී අයියා මලෝ දුන් ප්‍රකාශ අවබෝධයට ගත් පොලිසිය බාල සහෝදරයාගේ දියුණුව ඉවසා දරා ගත නොහැකිව වැඩිමල් සහෝදරයා පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවට පොලිසියට වැටහුනි. 
‘‘සර් හැන්දෑවට අයියා බීලා ඇවිල්ලා මගේ දියුණුව ගැන කියලා මට බනිනවා. ගමේ මිනිස්සු දන්නවා මා ගැන. මම මත්පැන් මත්ද්‍රව්‍ය විකුණලා මුදල් හොයන මනුස්සයෙක් නෙමේ. දුක් මහන්සියෙන් ගස් නැගලා ගෙඩි කඩලා මුලදී පාරේ බස්වල දාගෙන අලව්වට ගිහින් දීලා දවසින් දවස දියුණු වුණේ. 
පස්සේ ත්‍රිරෝද රථයක් ගත්තා. ඊට පස්සේ විවාහ වුණා. මට දරුවන් දෙදෙනකු ඉන්නවා. බිරිඳ ගෙදර හැමදේම අරපිරිමැස්මෙන් කටයුතු කරනවා. මම මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරන්නේ නෑ. මේ ළඟ දී බයික් එකක් ගෙනාවා. අයියා මේසන් බාස් වෙලත් ගෙයක් හදා ගන්න බැරි වෙලා තියෙනවා. මගේ දියුණුව ඉවසා ගන්න බැරිව තමයි පොලිසියට ඇවිල්ලා තියෙන්නේ. අපි අතර අමනාපකමක් නෑ යැයි බාල සහෝදරයා පොලිසිය හමුවේ පැවසුවේය. 
‘‘කවුරු හරි නොසිතූ අයුරින් දියුණු වෙලා තියෙනවා නම් පොලිසිය ඉන්නවා බුද්ධි අංශ ඉන්නවා හොයලා බලයි. බාල සහෝදරයාගේ දියුණුව ඉවසා දරා ගත නොහැකිව තමුන් පොලිසියට පැමිණ ඇති බව මෙයින් පෙනී යනවා. කාටවත් ඊර්ෂ්‍යා නොකර ජීවත් වෙන්න අද ඉඳලා පුරුදු වෙන්න ඕනෑ. මීට පස්සේ මල්ලීට බීලා ඇවිල්ලා දියුණුව ගැන කියලා බැනලා තිබුණොත් කූඩුවට ගෙනත් දානවා යැයි පොලිසිය තිදරු පියා හමුවේ පැවසීය.”‍ නෑ සර් මම ආයේ මල්ලිට බනින්නේ නෑ. එහෙනම් කට උත්තරයක් දීලා යන්න පුළුවන් පොලිසිය පැවසීය. පසුව බාල සහෝදරයා පොලිසියෙන් පිටව ගොස් ඇති අතර වැඩිමල් සහෝදරයා ප්‍රකාශයක් ලබා දී පිටව ගොස් ඇත.

 

 කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න



අදහස් (1)

මල්ලිගේ දියුණුව ඉවසන්න බැරිව අයියා පොලිසි ගිහින්

s m n jayasekara Friday, 13 December 2024 03:06 PM

කෑගල්ලේ හැම ගමකම වගේ මෙහෙම තමයි පවුල්. ඉවසගෙන ඉන්නවා මිස වෙන දෙයක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site