IMG-LOGO

මාරුවට මළ පැන ඉබ්බෝ දමා ගිහින්

හක්මන  විශේෂ  -  දෙනගම  යසන්ත  ආරියසේන


රජයේ කාර්යාලයක ආරක්ෂක නිලධාරියෙකු ස්ථාන මාරුවිම් ලැබ වෙනත් කාර්යාලයකට යාමේදි කාර්යාලයේ තිබු ඔහුගේ විවේක කාමරයට දොරගුළු දමා යාම හේතුවෙන් ආයතන ප්‍රධානියාට දොරගුළු කඩා එය විවෘත කිරිමට සිදුවු අපුරු කතාවක් දකුණු පළාතේ රජයේ කාර්යාලකින් වාර්තා වේ.
ආරක්ෂක නිලධාරියෙකු රජයේ කාර්යාලයක සේවය කර ඇති අතර ඔහු පමණක් රාත්‍රි සේවා මුරය පමණක් සිදුකරන බවද පැවසේ.
දිවා කාලයේදි විශේෂ හේතුවකට හැර කාර්යාලය නොපැමිණෙන අතර රාත්‍රි සේවා මුරය නිමවිමෙන් පසු ඔහු පිටව යාම සිදුකරයි.
ආරක්ෂක නිලධාරියාට විවේක ගැනිමට රාත්‍රි කාලයේ වේලාවක් වෙන් නොවුද ඒ සදහා කාමරයක් වෙන්කර තිබිම පිළිබදව අනෙකුත් සේවකයෝ ද මවිතය පළකරති. එම විවේක කාමරයේ දෙමුහුන් ගණයට අයත් සුඛෝපභෝගි මෙට්ටයක් මදුරු දැලක් සහ විදුලි පංකාවක් සහිත අංගසම්පුර්ණ එකක් බවද පැවසේ.


ආරක්ෂක නිලධාරියකුට රාත්‍රී කාලයේ මුර සේවයේ යෙදිමට පහසුකම් සහිත නිදන කාමරයක් කුමටද යන්න ගැටලු‍වක් බවට පත්වි ඇති අතර වාර්ෂික ස්ථාන මාරු පදනම මත ඔහුට මාරුවිමක් ලැබි ඇත.
එම මාරුවිම අවලංගු කර ගැනිමට ඔහු දැරු උත්සාහයද අසාර්ථක වූයෙන් කාමරයට දොරගුළු දමා වසා තබා නව සේවා ස්ථානයට ගියේය. කාමරයේ යතුර කීපවිටක් ඉල්ලා සිටියත් නොලැබිම හේතුවෙන් උසස් නිලධාරින්ගේ උපදෙස් ලබාගෙන දොරගුළු කඩා කාමරය විවෘත කිරිමට ආයතන ප්‍රධානියා කටයුතු කළේය.
එහි තිබූ උපකරණ සහ භාණ්ඩ පිළිබදව ලේඛනයක් ලබා ගැනීමෙන් අනතුරුව කාමරයට මුද්‍රා තැබිමට පියවර ගෙන ඇති බව පැවසෙන අතර නිල වශයෙන් කාමරය බාරදීම මෙතෙක් සිදුකර නොමැති බවද පැවසේ.  



අදහස් (1)

මාරුවට මළ පැන ඉබ්බෝ දමා ගිහින්

Pradeep Kumara Wednesday, 15 January 2025 01:40 PM

කිසිම ප්‍රශ්ණයක් නෑනේ, රාත්‍රී සේවා මුරයකට අදාල දේවල් නේ කාමරේ තිබිලා තියෙන්නේ. මෙට්ටයක්, මදුරු දැලක් ෆෑන් එකක්, බොරු නම් රාත්‍රී සේවා මුර කරන අයගෙන් අහලා බලන්න.

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1018 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site