බුලත්සිංහල ලක්මි කුඩලිගම
අතරමගදී හමුවූ කැබැල්ලෑවාට පොල්ලකින් පහරදී සතා මිය ගියායැයි සිතා ගෝනියක ඔතා ගැට ගසා කැලෑවේ සඟවා තබා තිබියදී මිතුරකු ඉදිරියේ තමන්ගේ සායම යාමේ ඇබැද්දියක් බස්නාහිර පළාතේ ගමකින් වාර්තා වේ.
ගමේ හන්දියේ බුදුමැදුරක් ඉදිකර එහි තැන්පත් කිරීමට බුදු රුවක් වඩම්මවාගෙන එන පෙරහරට එක්වන ලෙසට එය ඉදිකළ දානපතියා දඩමසට ගිජු ගමේ පුද්ගලයකුට ද ආරාධනා කර තිබුණේ මේ මනුස්සයා කරන පව්වලට තරමක් හෝ අස්වැසිල්ලක් ලබාදෙන අරමුණ ඇතිවය.
ආරාධනාව පිළිගත් මස් වැද්දා ද හිමිදිරි උදයේ තම නිවෙසින් පිටවුණේ පෙරහරට සම්බන්ධවීමටය.
නිවෙසින් පිටවී වැඩි දුරක් එන්නට මත්තෙන් පාර හරහා පැන්නේ විශාල කබල්ලෑවෙකි. ගමනත් අරමුණත් පැත්තකය, අතට අසුවූ පොල්ලක් ගෙන ඈයාට තඩිබෑවේය. ගුලියක්වූ කබල්ලෑවා ගෝනියකට දමා ගැට ගසා කැලයේ සඟවා පෙරහරට ගියේය. පෙරහර අවසන් වූ පසු එතන සිටි තම සගයකුටද සිද්ධිය පවසා කඩයට ගොස් පොලිතින් කවර මිටියක් හා තරාදියක්ද ඉල්ලා ගෙන කැලයට ගියේ මෙයින් යම් මුදලක්ද උපයාගත හැකි යැයි සිතාගෙනය.
කබල්ලෑවා සැඟවූ ස්ථානයට යන විට ඌ නැත. ගෝනිය ඉරාගෙන පැන ගොස්ය. මස්වැද්දාට කිසිවක් හිතාගන්නට බැරිවිය. කෑලි දෙකට වෙන්වූ ගෝනිය පමණක් ඇත, ඔළුවට අතගසාගත් දෙදෙනා හිස් අතින් ආපසු ගියේ සිදුවූ නස්පැත්තිය ගැන විස්සෝප වෙමිනි.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මැරුණ කබැල්ලෑවා මස් වැද්දාට පාඩමක් උගන්වලා