IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මැරුණු අම්මාගේ ඡන්දෙ ඉල්ලන්න ගිහින්


අනුරාධපුර විශේෂ බී. ජී. චතුරංග 



අනුරාධපුර නගරයට යාබද ප්‍රාදේශීය සභාවක ආසනයක් ලබා ගැනීම සඳහා එක් කොට්ඨාසයක අපේක්ෂකයන් අතර පැවතියේ එකම යුද්ධයකි. කලහකාරී සිදුවීම් නොමැති වුවත් එම කොට්ඨාසය එකම පොර පිටියකි. 
විටෙක පක්ෂ කිහිපයක පිරිස් පෙරහරක් මෙන්, පෝලිමේ නිවෙස් කරා පැමිණෙමින් සිටියහ. එසේ පැමිණෙන අපේක්ෂක අපේක්‍ෂිකාවන් නිවැසියන් සමග ලෙන් ගතු වූයේ නැති නෑදෑ කම්වලින් නිවැසියන් ආමන්ත්‍රණය කරමින්ය. 
මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කිරීමට දින කිහිපයකට පෙර අපේක්ෂකයෙකු, තම බිරිය සමග ගම වටා ගෙයින් ගෙට, යතුරු පැදියෙන් ගමන් කළේ පක්ෂ පාට අමතක කරමින් තමාට මනාපයක් ලබා දෙන ලෙසට ආයාචනා කරමින්ය. 


එම අපේක්ෂකයාගේ ගමේ සිටින ඥාතීන් පවා වෙනත් පක්ෂවල අපේක්ෂකයන්ට උදව් කරමින් තැන තැන කතා බස් කරන බව මුළු ගමේම මිනිස්සු පෙර සිටම දැන සිටියහ.
ගමේ එක් නිවසකට ගිය මෙම අපේක්ෂකයා සහ බිරිඳ තරුණ වයසේ දරුවන් ආමන්ත්‍රණය කරමින් කියා ඇත්තේ , පුතේ මේ පාර, පුතාලගේ මාමා ප්‍රාදේශීය සභාවට ඉල්ලනවා. ගෙදර සියලු‍ දෙනාගේ මනාපය මාමා තරග කරන අදාළ පක්ෂයට ලබා දෙන ලෙසය.දරුවන්ගේ මව නිවසේ පෙනෙන්නට නොමැති නිසා මෙම යුවළ එම දරුවන්ට පවසා ඇත්තේ ම්මගේ ඡන්දයත් මාමට දෙන්න කියාය.
“ඇයි මාමේ, ඔයා ගමේ කෙනෙක් නෙමෙයිද? දන්නේ නැද්ද අපේ අම්මා අසනීප තත්වයෙන් කාලයක් ලෙඩ ඇඳේ ඉඳලා මිය ගිහින් අවුරුද්දකටත් වැඩියි කියලා. ඒකවත් දන්නේ නැද්ද?”‍ දරුවන්ගේ එම වචන වලින් ලැජ්ජාවට පත් වූ අපේක්ෂකයා සහ බිරිඳ යතුරු පැදියට නැග එක්වරම එම නිවසින් පිටත්ව ගියහ.
මේ කතාව ගම් වැසියන් සහ ඥාතීන් අතර පැතිර ගියේ විදුලි වේගයකින්ය.



අදහස් (0)

මැරුණු අම්මාගේ ඡන්දෙ ඉල්ලන්න ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site