බලංගොඩ වයි.ඵ්.ඵස්. වීරවංශ
මෙය බලංගොඩට නොදුරු එක්තරා ප්‍රදේශයක සිදුවූ අපූරු සිදුවීමකි.
ඇය වයෝවෘද්ධ මවකි. තම ස්වාමියා පුරුෂයා වසර ගණනාවකට පෙර මිය ගියේය.
ඇයට දියණියන් සිව් දෙනෙකි. ඔවුහු විවාහ වී ලංකාවේ විවිධ පැතිවල වාසය කරති.
දියණියන් ඇයට කියා සිටියේ මාස දෙක තුන තම තමන්ගේ නිවෙස් වලට පැමිණ කාලය ගත කරන ලෙසයි.
එහෙත් වයෝවෘද්ධ තත්ත්වයේ පසුවුවද ඇය මහ ගෙදර දමා යන්නට කැමැත්තක් දැක්වූයේ නැත.
එබැවින් දියණියෝ තම තමන්ට හැකි වේලාවට පැමිණ මවගේ සුවදුක් බැලුවෝය.
සැම අලුත් අවුරුද්දකටම තම මවට සාරියක්, චීත්තයක් අරගෙන දෙන්න මේ දියණියන් අමතක කළේ නැත.
එහෙත් ඇය මේ අලුත් ඇඳුම් ඇන්දේ නැත. තම අල්මාරියේ රාක්කවල මේ ඇඳුම් ගොඩගැසීය.
මේ අතර ඇය හදිසියේම මියගියාය. දියණියෝ තම ස්වාමි පුරුෂයන් හා දරුවන් සමග පැමිණ අවසන් කටයුතු සිදු කළහ.
සත් දින දානමය පිංකමෙන් පසු දියණියෝ සිව් දෙනා තම මවගේ අල්මාරිය විවෘත කළහ.
මේ තියෙන්නේ මම අරගෙන දුන්නු චීත්ත රෙදි ටික. එකියක් කීවාය. ඒ අනුව ඇය එම චීත්ත ටික තම ගමන් මල්ලට දමා ගත්තා ය.
ආ... මේ තියෙන්නේ මම අරගෙන දුන්නු සාරි ටික තව එකියක් කීවාය. ඒ අනුව ඇය ද එම සාරි ටික තම ගමන් මල්ලට දමා ගත්තා ය.
ඒ ආකාරයෙන් දියණියෝ සිව් දෙනා තම මවට තෑගි කළ රෙදි ටික බෙදා ගත්හ.
ගෙදර තියෙන අනෙක් බඩු මුට්ටු පස්සෙ වෙලාවක බෙදා ගනිමු කියමින් නිවසෙහි දොරගුළු දමා දියණියෝ නිවසින් පිට වූහ.
මේ දුටු අසල්වාසීහු ‘‘දෙයියෝ සාක්කි මෙහෙමත් ළමයි’’ කියා කම්මුල්වලට අත තියා ගත්හ.
තම තමන් අරගෙන දුන්නු දේවල් බෙදා ගන්න නොවෙයි තිබුණේ නැති බැරි අයට බෙදලා දෙන්නයි තිබුණේ වැඩිහිටි කාන්තාවක් කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් අරන් දුන් දේවල් ගන්න එකේ වරදක් නෑ. ඒවා පිනට බෙදා දිය යුතු නැහැ. එහෙනම් මව් පියන්ගේ ඉඩමුත් පිනට බෙදලා දෙන්න එපැයි .ප්‍රයෝජනයට ගන්න පුළුවන් දේවල් ප්‍රයෝජනයට ගන්න ඕන . ඒ දුවලා දෙන්නා කලේ හරි දේ