බුලත්සිංහල ලක්මි කුඩලිගම
බෑනාගේ පක්ෂයේ මැයි රැලියට යන්න එන්නේ නැතිව වෙනත් පක්ෂයක මැයි රැලියට ගියයි කියා බෑනා තම මාමණ්ඩිය ගෙදරින් එළවා දැමූ පුවතක් බස්නාහිර පළාතේ පස්දුන් කෝරළයේ ගම්මානයකින් වාර්තාවේ.
එකම නිවසක වාසය කරන තම දියණිය සහ බෑනා එක පක්ෂයකය. මාමණ්ඩිය ඡන්ද අයිතිය ලැබුණු දා සිට ඔහු කැමති වෙනත් පක්ෂයකය. නමුත් මැයි දින රැලියට යන්නට දෙදෙනාම කල්තියාම සූදානම් වෙමින් වෙනදා නැති ආදරයක් දැක්වූ බෑනා මාමණ්ඩියට පවසා ඇත්තේ, ‘‘ඔය පක්ෂයට කවදාවත් දිනන්න බෑ, ඔයා එන්න අපේ පක්ෂයේ මැයි රැලියට. එසේ කියා අතට මග වියදමක්ද දුන් බෑනා මාමණ්ඩියට කල් තියාම ගරු ආරාධනාවක් කළේය.
ඒ අනුව දෙදෙනාම මැයි රැලිවලට යන්නට පිටත් වූහ. පාට පක්ෂ බේද නැතුව මැයි රැලිවලට යන බස් රථ ටික හන්දියේ එක පෙළටය. සතුටින් ඉපිල ගිය බෑනා සිය පාක්ෂිකයන් ඉදිරියට ගොස්, ‘‘පුදුම වෙන්න එපා හොඳේ, ඔන්න අද අපේ මාමණ්ඩියත් ඉන්නවා’’ කියා සිය පාක්ෂිකයන්ට කීය.
බස් රථ පිටත් වෙන්නට සූදානම්ය, සිය පක්ෂයේ සටන් පාඨයෙන් යුත් බැනරයක් ද රැගෙන බස් රථයට ගොඩවූ බෑනා අවට සිසාරා බැලුවත් බස් රථය තුළ මාමණ්ඩිය පෙනෙන්නට නැත. පාක්ෂිකයන් මාමණ්ඩිය ගැන විමසුවේය, බෑනාට යකා නැංගේය. වරෙන්කෝ උඹ අද ගෙදර කියා සිතා ගත්තාය, මාමණ්ඩිය තම පක්‍ෂයේ මැයි රැලිය නිමවී මෙදින හැන්දෑවේ නිවසට එන විට තමාගේ පැදුර, කොට්ටේ සහ අඩුම කුඩුම ටික ස්තොප්පුවට දමා කල්තියාම ගෙදර දොර ජනෙල් වසා දමලාය. පුදුමයට පත් වූ මාමණ්ඩිය, මොකද දුවේ මේ කියා දොරට තට්ටු කළේය. සැනෙකින් ජනේලයක් විවෘත කර එබිකම් කළ දියණිය, තාත්තේ අද ඉදන් ඔයාට මෙහේ ඉඩ නෑ, අපේ එක්කෙනා කියනවා ගිය දිහාකටම වෙලා ඉන්නලු. මාමණ්ඩියට කාරණය වැටහුණි.
හොඳයි දුවේ කියූ මාමණ්ඩිය කොට්ට පැදුර සහ අඩුම කුඩුම ටික රැගෙන ගෙදරින් පිටවිය. එදින රැයේ සිට ආසන්න ප්‍රධාන මාර්ගයේ බස් නැවතුමක් සිය නිවහන කර කරගත් මාමණ්ඩිය ගමේ පුද්ගලයෙකුට පවසා ඇත්තේ, ‘‘එයා කිව්වා කියලා මට එදා ඉඳන් ඡන්දය දුන්නු පක්ෂය කවදාවත් වෙනස් කළ නොහැකි’’ බවය. මැයි දින රැලි සියල්ල හමාරය, එහෙත් මෙකී මාමණ්ඩිය තවමත් බස් නැවතුමේලු.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැයි රැලියට නාවාට බෑනා මාමණ්ඩිය ගෙදරින් එලවලා
ආචාර්ය තිස්ස සේනානායක (PHD in Astrophysics) Wednesday, 08 May 2024 01:34 PM
ඔය බොරදියේ මාළු බාන සියයට තුනේ කට්ටියගේ වැඩ ඔහොමයි.