IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මාමාට ​‘ටටා’ කියා බෑණලා කනෙන් රිංගලා

වලව කේ.පී. සුමනදාස
යතුරු පැදියකින් පැමිණි තරුණයන් දෙදෙනකු නිවසේ දොර හැර අයිතිකරු බලා සිටියදීම ‘වී’ කවරයක් රැගෙන අයිතිකරුට ද අපි යනවා මාමේ යැයි පවසා නික්ම යාමේ පුවතක් සෙවනගල හබුරුගල ග්‍රාම නිලධාරි වසමේ කිරිඉබ්බන් වැව ජනපදයෙන් වාර්තාවේ.


නිවෙසේ ජීවත් වන්නේ ඉතා ගුණ යහපත් යුවළකි. ස්වාමි පුරුෂයා කාත් සමගත් වැඩි කතා බහක් නොමැති වුවත් බිරිඳ කා සමගත් සුහදශීලීව කටයුතු කරන්නියකි. ඔවුහු ගොවිතැන් බත් කරමින් ජීවත් වෙති. මොවුන් මෙවර නෙළාගත් ‘වී’ අස්වැන්න නිවෙසේ සාලයේ තැන්පත් කර තිබුණේ සතුන්ගෙන් අසානාසි වේ යැයි බියෙනි. 


මෙවර යල කන්නයේ ද වගා කටයුතු සිදු කිරීමට සැලසුම් කර වෙනත් ගොවි මහතකුගෙන් බිත්තර වී කවර දෙකක් මාරු කර ගැනීමට සිතා වී කවර දෙකක් දොරකඩට ඇද දමා එම කටයුත්ත තවත් සුළු මොහොතකින් සිදු කිරීමට ඔවූහූ සූදානම් වූහ. දෙන්න දෙමහල්ලන් මුළුතැන් ගෙට ගොස් සිටි මොහොතේ යතුරු පැදියකින් පැමිණි තරුණයන් දෙදෙනකු යතුරුපැදිය පාරේ නවතා එක් ‘වී’ කවරයක් ගෙන යතුරුපැදිය උඩින් තබාගෙන ඇත.


ඒ මොහොතේ නිවෙසේ ස්වාමි පුරුෂයා මුළුතැන් ගෙයි දොරටුවෙන් පිටව පාර දෙසට ආවේ ඇසුණ ශබ්දය ගැන විපරම් කිරීමටය.
එවිට යතුරුපැදියේ සිටි තරුණයන් දෙදෙනා යන්නම් මාමේ කියා ‘වී’ කවරයක් ඔඩොක්කුවේ තබාගෙන පිටවී ගියේ ඔහුට කිසිවක් සිතා ගැනීමට ඉඩ නොතබාය. 


නිවෙස් හිමියා නිවෙසේ ඉදිරිපස දොරකඩ දෙස බලන විට ‘වී’ කවරයක් නොමැතිවීමෙන් කලබලවී බලනවිට යතුරුපැදියේ පැමිණි තරුණයන් දෙදෙනා රැගෙන ගොස් ඇත්තේ එම ‘වී’ කවරය බව හෙළිවී ඇත. 

 



අදහස් (0)

මාමාට ​‘ටටා’ කියා බෑණලා කනෙන් රිංගලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 711 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17905 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 763 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site