පමණට වඩා අවංකවීමට ගොස් මංගල රාත්‍රියේදීම මධු සමයත්, මංගල්‍යයත් දෙකම අහිමි කරගත් මනාල යුවළක් පිළිබඳ තොරතුරු බස්නාහිර පළාතේ එක් නගරයකින් වාර්තා විය.
මනාලයා රජයේ සේවකයෙකි. විසි හය හැවිරිදිය. කඩවසම්ය, තරුණිය ඇඟලුම් කම්හලක සේවය කළාය. විසි හතර හැවිරිදිය. රූමත්ය. දෙදෙනා හමු වූයේ යෝජනාවකට අනුවය.
‘ඔයාට නම් ගොඩක් කෙල්ලෝ ඉන්නැති’’ කුළුපග බවින් පිරීගිය දිනෙක මිතුරු දොඩමළුවක දී මනාලිය කීවාය.
‘‘ස්කෝලේ යන කාලේ පොඩි සම්බන්ධයක් තිබුණා. ඒත් ඒක දුරදිග ගියේ නෑ. ඊට පස්සෙ මට හමුවෙච්ච පළමු කෙල්ල ඔයා තමයි. මනාලයා කීවේය.
‘‘ඇත්තමයි කියන්නේ මට නම් කිසිම සම්බන්ධයක් තිබුණෙම නෑ. කොල්ලොනම් පස්සෙන් ආවා. ඒත් ඒ එකකටවත් මම කැමැති වුණේ නෑ. මගේ ‘ෆස්ට් ලව් එක ඔයා’ මනාලිය කීවාය.
දෙදෙනාගේම ප්‍රකාශ අවිශ්වාස කිරීමට දෙදෙනාටම අවශ්‍ය නොවීය. ඒවා පරම සත්‍ය ලෙස දෙදෙනාම ඇදවූහ.
නගරයේ මනරම් විසල් හෝටලයක ජයටම මංගල උත්සවය පැවැත්වීමෙන් පසු මධු සමය සඳහා නව යුවළ ගියේ සීතල කඳුකරයේ හෝටලයකටය. ජීවිතයේ පැතුම් ප්‍රාර්ථනා එලෙසින්ම ඉටු වීම සම්බන්ධයෙන් දෙදෙනාටම දැනුණේ අප්‍රමාණ ප්‍රීතියකි.
හෝටල් කාමරයට ගිය සැණින් මනාලිය වැළඳගත් මනාලයා උතුරන සතුටෙන් මෙසේ කීවේය.
‘‘අද ඉඳලා මගේ ජීවිතයේ හිරුත් ඔයා සඳුත් ඔයා තරුත් ඔයා’’
මේ කියන්නේ හිරු, සඳු, තරු ගැන නොව මනාලයා මෙයට පෙර යාළු වී සිටි ගැහැනු ළමයින්ගේ නම් යැයි වරදවා තේරුම් ගත් මනාලිය ‘‘මගේ මහත්තයා මට අවංක වුණා වගේම මමත් අවංක විය යුතු යැයි සිතූ මනාලිය මෙසේ කීවාය.
‘‘ඇයි අනේ ඔයාට විතරක් අද ඉඳලා මගේ ජීවිතයේ සරතුත් ඔයා, පියලුත් ඔයා කමලුත් ඔයා.
ගත වූයේ නිමේෂයකි. මනාලයාගෙන් මනාලියට කම්මුල් පහරකි.
තමුසෙ නටන්න ඕනෑ නාඩගම් නටලා අන්තිමට මාවත් රැවට්ටුවා තමුසෙ වගේ ගෑනියෙක් මට එපා දැන්ම අම්මලට කතා කරලා තමුසෙගෙ ගෙදරට යනවා.
එසේ කී මනාලයා වෙනත් කාමරයක් කුලියට ගෙන එහි නිදා ගැනීමට ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගෙ දේවල්වලින් පෙන්වන්නෙ මේ රටේ තරුණ තරුණියන්ගෙ නුගත් බව මෝඩ කම සාමාන්‍ය දැනීම නැති කම අනාගතයේ මොකකින් මොකක් වේවිද තරු හොටෙල් වල වරුවක් කාල බීල නැටුවට ජිවිතෙ ගැන අබමල් රේනුවක අවබෝධයක් නැතිව විවහයට පිවිසීම කියන්නෙ සමජයටම බරක්
දෙන්නම මෝඩයින්. දීගේ කැඩුණු එක හොඳයි. නැත්නම් මිනී මැරුමක් වෙනවා. එහෙම නොවුණත් ලැබෙන ළමයිනුත්... ඒ වගේම මෝඩයින් වෙනවා.
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් අසන්න ඕනේ. මේ ලිපිය කියවපු ගමන් තේරෙනවා ගොතපු විහිළු කතාවක් කියලා. ගොඩක් දෙනාට ඒ අවබෝධය නැහැ...