IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


මනාලියගේ පොරොන්දුව මනාලයාගේ ගෙදර ඇඳ යටින් මතුවෙයි

උණවටුන – ඩී.ජී. සුගතපාල


ඇය නගරයේ අර්ධ රාජ්‍ය ආයතනයක සේවය කළ විසි අට හැවිරිදි වියේ පසු වූ කාන්තාවකි. රැකියාවට පැමිණ වසර තුනකින් පමණ ඇය විවාහ දිවියට ඇතුළත් වූවාය. ඇයගේ සැමියා ඇයට අවශ්‍ය පරිදි සොයාගත් කෙනකු නොව මවුපියන්ට ඕනෑ විදිහට සොයා දුන් කෙනකු විය. එහෙත්, මංගල උත්සවය ජයටම පැවැත්විණ. ආයතනයේ ප්‍රධානියා ඇතුළු යහළු යෙහෙළියෝ රැසක් ද මංගල උත්සවයට පැමිණ සිටියහ.

මංගල උත්සවයට පැමිණ සිටි ඇයගේ සමීපතම මිතුරියන් විමසා සිටියේ, පැරැණි පෙම්වතා අමතක කොට අලු‍ත් මනාලයකු සමග ආවේ ඇයි ද කියාය. එවිට මංගල ඇඳුම පිටින්ම ඇය කියා සිටියේ, ඔහු කිසි දිනක අමතක නොකරන බවය.

උත්සවයේ කටයුතු අවසන් වීමෙන් පසු නව යුවළ මධු සමය ගත කිරීමට පිටත්ව ගිය අතර, පැමිණ සිටි නෑදෑ හිත මිතුරෝ ද විසිර ගියහ.

දැන් ඇය පදිංචි සැමියාගේ නිවෙසේය. එම නිවෙසේ සිටියේ සැමියාගේ මව පමණි. මව ද බො‍හෝ දිනවල අල්ලපු ගමේ සිටින දියණියගේ නිවෙසට යාම පුරුද්දක් කරගෙන සිටියාය. මේ අතර ඇය සැමියා නොමැති බො‍හෝ අවස්ථාවල සිටියේ ජංගම දුරකතනය කනේ ගසාගෙනය. 

දිනක් සැමියා නොමැති අවස්ථාවක ඇය සොයා අමුත්තෙක් ආවේය. නිවෙසට ඔහු අමුත්තකු වුව ද ඇයට නම් ඔහු අමුත්තෙක් නොවීය. ඇය මග බලා සිටියේ ද ඔහු කෙදිනක හෝ පැමිණෙන තුරුය. අමුත්තා දෝතින් බදා පිළිගත් ඇය, ඔහු කාමරයටම කැඳවාගෙන ගියාය. ඒ සමගම හතර වටින් කළු කර වැහි වළාකුළු ද පාවී එන්නට විය. සිහිල් සුළං පොද ජනෙල් කවුළු අතරින් කාමරයට රිංගුවේය. ඇය ජනෙල් පියන් වැසුවාය. වසර ගණනාවක සිට පෙමින් වෙලී සිටි දෙදෙනා ආදරයෙන් තුරුළු විය.

එහෙත් බලාපොරාත්තු නොවූ ලෙස සැමියා හදිසියේම පැමිණියේය. වසා තිබූ දොරට සැමියා කිහිප වරක්ම තට්ටු කළත්, දොර ඇරීමට ඇයට ටික වේලාවක් ගත විය. ‘හුළඟේ සද්දෙට මට ඇහුණේ නැහැ’ යැයි ඇය ‍දොර විවෘත කරමින් කීවාය. ඔහු කාමරයට ගොස් ඇඳුම් මාරු කරන විට ඇඳ යටින් කිවිසුමක් පිට විය. ඔහු හතර වටේ බැලු‍වේය. කාමරයේ මුල්ලක කලිසමක් විය. එය තමාගේ නොවන බව ඔහු දැනගත්තේය.

කුමක් හෝ අසුබ දෙයක් කාමරයේ සිදුව ඇති බව ඔහුට දැනිණ. බිරිඳගේ පැරැණි පෙම්වතා ගැනත් ඔහුට තොරතුරු ලැබී තිබිණ. කලබල නොවූ ඔහු ජංගම දුරකතනයෙන් කිසිවකුට ඇමතුමක් දී, දිගු පොල්ලක් ගෙන ඇඳ යටට දමා ඒ මේ අතට වැනුවේය. පොලු‍ පහර කිසිවකුගේ ඇඟට වදින අයුරු ඔහුට දැනිණ. බිරිඳ දුවගෙන ඇවිත් සැමියාගේ දෙපා ළඟ වැඳ වැටුණාය. එහෙත් ඒ සමගම නිවෙස ඉදිරිපිට පොලිස් ජීප් රියක් නතර විය. පොලිස් නිලධාරීන් පැමිණ ඇඳ යට සිටි පුද්ගලයාට කලිසම අන්දවා ජීප් රථයට නංවා ගත්තේය.



අදහස් (0)

මනාලියගේ පොරොන්දුව මනාලයාගේ ගෙදර ඇඳ යටින් මතුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1900 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1518 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 531 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site