IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මනාලයා මනාලියට දැමූ රන්තැල්ල පාරේ කුණු ගොඩක

මංගල මොහොතේ මනාලයා විසින් මනමාලියගේ ගෙළෙහි බැඳි රන් තැල්ලක් පැය කීපයකට පසුව කසළ ගොඩකින් සොයා ගත් සිද්ධියක් මහියංගනයට නුදුරු හෝටලයකින් වාර්තා විය.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


ඇය හසලක ප්‍රදේශයේ යුවතියක් වන අතර ඔහු මහියංගන ප්‍රදේශයේ පෞද්ගලික ව්‍යාපාරයක හිමිකරුවෙකි. මවුපියන්ගේ කතාබහකින් පසු දෙදෙනාගේ විවාහ මංගල උළෙලේදී මනාලයා විසින් එළඹි නැකතට මනාලියගේ ගෙළෙහි රන් තැල්ලක් සහිත රන් මාලයක් පළඳවනු ලැබීය. පැවැති කළබලකාරී තත්ත්වය නිසා මනමාලිය මාලයේ රන් තැල්ල ගලවා මනමාලයා අතට දුන්නේ සාක්කුවේ බහා තබා ගන්නා ලෙස ඉල්ලමිනි. එහෙත් එය සාක්කුවේ දමා ගන්නවා වෙනුවට ඔහු කළේ එය ටිෂූ කඩදාසියක ඔතා අසල අසුනක වාඩි වී සිටි මනමාලියගේ සහෝදරයකු වෙත විසි කිරීමය. එය අහුලාගත් සහෝදරයා කඩදාසි ගුලියකින් තමන්ට මස්සිනා දමා ගැසුවේ විහිළුවකට යැයි සිතා ඒ මොහොතේම එය පසෙක තිබූ කසළ බඳුනකට දමා තිබේ.


හෝටලයේ කටයුතු නිමවීමෙන් පසු මනාල යුවළ පිරිසට සමුදි පිටත්ව ගියේ නුවරඑළිය නගරයේ හෝටලයක් වෙතය. හෝටලයට ගිය පසු මනමාලිය මනමාලයාට කතා කොට ඉල්ලා සිටියේ තමන් දහවල් දුන් මාලයේ රන් තැල්ල කෝ කියාය. ඔහු පැවැසුවේ එය මස්සිනාට එම අවස්ථාවේම දුන් බවත් ඔහුගෙන් ඒ පිළිබඳව විමසන ලෙසත්ය. ඒ අනුව ඇය සිය සහෝදරයාට දුරකථනයෙන් කතා කොට විමසුවේ රන් තැල්ල පිළිබඳවය.


එහිදී ඔහු පැවැසුවේ ‘මම රන්තැල්ලක් ගැන නම් දන්නේ නැහැ හැබැයි ඔයාගේ මහත්තයා මට කඩදාසි ගුලියකින් නම් ගැහුවා. ඒක මම ඒ වේලාවේම එතන තිබුණු කුණු පෙට්ටියට දැම්මා යනුවෙනි. ඒක නිකම්ම නිකන් කඩදාසි ගුලියක්නෙ’
ඒකේ තිබුණෙ මගේ කරේ බැඳපු රන් තැල්ල’ යැයි ඇය කීවාය.


එයින් කලබලයට පත් සහෝදරයා තම බිරිඳට සිද්ධිය පවසා නි​ෙවසේ සිට කිලෝ මීටර් 4ක පමණ දුර පිහිටි දහවල් මංගල උත්සවය පැවැත්වූ හෝටලය කරා වහාම පිටත්ව ගියේය. ඒ වනවිටත් රාත්‍රි 9 පසුවී තිබිණි. හෝටලයට යන විට එහි කටයුතු නිමාකර හෝටලය වසා දැමීමට සූදානම්ව තිබිණි. ගිය විගස සිද්ධිය පිළිබඳව කළමනාකාරිත්වය දැනුම්වත් කිරීමේදී ඔහු පැවැසුවේ උත්සවය පැවැත්වූ ශාලාව සම්පූර්ණයෙන්ම පිරිසුදු කළ බවත් කසළ බඳුන්වල තිබූ කසළ මාර්ගය අයිනේ ඇති කසළ ගොඩට සේවකයන් විසින් දමා ඇති බවත්ය.


එම කසළ ගොඩේ රන් තැල්ල ඇද්දැයි බැලීමට මොවුන් දෙදෙනාට තනියම නොහැකි වූයෙන් ඒ සඳහා සේවකයන් දෙදෙනකුගේ සහය ගැනීමට ඔවුන්ට සිදුවිය. කුලියට ගත් සේවකයන් දෙදෙනා සමඟ කසළ ගොඩ එහෙට මෙහාට කර බැලීමේදී රන් තැල්ල ඔවුනට හමුවන විට පැය තුනක පමණ කාලයක් ගත වී තිබුණු බව කියයි.

හසලක සුනිල් ඒකනායක

 



අදහස් (0)

මනාලයා මනාලියට දැමූ රන්තැල්ල පාරේ කුණු ගොඩක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 711 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17905 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 763 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site