IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මනාලයා ගෙට ගොඩවෙද්දී මනාලිය අතුරුදහන් වෙලා

මවුපියන්ගේ ආරාධනයෙන් නිවසට පැමිණ සිටි මනාලයාට බුලත් හෙප්පුව දීමට නියමිත වේලාව පැමිණෙන තුරු කාමරයේ සිටි මනාලිය හදිසියේ අතුරුදන් වූ පුවතක් ඉකුත් දා කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ගම්මානයක මවුපිය යුවළක්  සිය දරුවන් තිදෙනා සමග පදිංචිව සිටියහ. දරුවන් තිදෙනා ගෙන් දියණිය වැඩිමල්ය. තරුණියගේ වයස අවුරුදු 27 කි. ඇය තරමක් සුරූපිය. වරකාපොළ ප්‍රදේශයේ ඇඟළුම් ආයතනයක මැෂින් ක්‍රියා කරවන්නියක ලෙස වසර 6 ක පමණ කාලයක සිට ඇය සේවය කරන්නීය.


මෙම තරුණිය වසර දෙකක පමණ කාලයක සිට අල්ලපු ගමේ පදිංචිව සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි 30 හැවිරිදි තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් මව්පියන්ට හොර රහසේ පවත්වාගෙන ගියාය. මීට මාස හයකට පමණ ඉහතදී තරුණිය වැඩ නිම කර සවසක නිවසට පැමිණෙමින් සිටින අතර වාරයේ දී පාරේ කොනක සිට තරුණයකු සමග කතා බහ කරමින් සිටින අයුරු ලොකු අම්මා දුටුවාය. පසු දිනක ඇය තරුණියගේ නිවසට ගොස් අහවල් තරුණයා සමග දියණිය කතා බහ කරමින් සිටියා යැයි සහෝදරිය සමග පැවසුවාය.
පසුව තරුණියගේ මව ඒ සම්බන්ධයෙන් තරුණියගෙන් විමසීමක් කළාය. ඇය චෝදනාව ප්‍රතික්ෂේප කළාය. ඔය කියන තරුණයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවත් එවැනි තරුණයකු සමග විවාහ වී පවුල් ජීවිතයක් ඉදිරියට ගෙන යා නොහැකි බව දන්වමින් සම්බන්ධතාවක් පවත්වාගෙන යනවා නම් වහා නතර කරන ලෙස අවවාද කළාය. මවගේ අවවාද පසෙකලා තරුණිය තරුණයා සමග සම්බන්ධතාව දිගින් දිගටම පවත්වාගෙන ගියාය.
තරුණියගේ මව කපු මහතකුට තම දියණියට ගැලපෙන මනාලයකු සොයා දෙන ලෙස ඔය අතරේ ඉල්ලීමක් කර සිටියේ මීට මාස දෙකකට පමණ ඉහතදීය. කපු මහතා රඹුක්කන ප්‍රදේශයේ පදිංචිව සිටින විදේශ රටක සේවය කර මෑත කාලයේ ලංකාවට පැමිණ සිටින තරුණයකු සොයා තරුණියගේ මවට ඒ බව කීවේය. දෙපාර්ශවයේ අය කපු මහතා ලබා දුන් තරුණයාගේ හා තරුණියගේ ජායාරූප බලා දෙදෙනා දෙදෙනාට ගැලපෙන බව කීවේය.
පසුව තරුණියගේ මව තරුණයාගේ ජායාරූපය දියණියට පෙන්වා කදිම මනාලයෙක් බව කීවාය. දැනට පවත්වාගෙන යන සම්බන්ධතාවය නතර කරන ලෙසත් ඉදිරියේදී කපු මහතා කතා කර ඇති මනාලයා නිවසට ගෙන්වා දෙදෙනා අතර සම්බන්ධතාවක් ඇති කරන බවත් මව දිනක් පැවසුවාය. තරුණිය මවට කිසිවක් නොකියා පාඩුවේ සිටියාය.
තරුණියගේ මව කපු මහතාට කියා සිටියේ මනාල මහතාගේ පවුලේ උදවිය දිනෙක නිවසට කැඳවා ගෙන එන ලෙසය.
දෙපාර්ශ්වය ඒ සඳහා දිනක් නියම කර ගත්හ.
තරුණියගේ මව අල්ලපු ගමේ සිටින මනාලියන් හැඩ ගන්වන තරුණියක ද ගෙන්වා දියණිය ලස්සනට හැඩ ගැන්වා ගත්තාය. තේ මේසයක්ද පිළියෙළ කෙරිණි. අසල්වැසි ඥාතීන් කිහිප දෙනෙකුට ද නිවසට පැමිණෙන ලෙස තරුණියගේ මව ආරාධනා කළාය.


මනාලයාගේ වැඩිමල් සහෝදරයාගේ මෝටර් රථයෙන් කපු මහතා සහ පිරිස නිවසට පැමිණියහ. ඔවුන් පිළි ගැනීමට තරුණියගේ මව පෙරට ආවාය. මේ තමා මනමාල මහතාගේ අම්මයි තාත්තයි. මේ තමා මනාල මහතාගේ වැඩිමල් සහෝදරයා. මේ තමා මම කියපු මනාල මහත්මයා. සිංහල සිරිතට විරිතට අනුව පිළි ගත් සියලු‍ දෙනා මනාලියගේ මවගේ ආරාධනයෙන් නිවසට ගොඩවූහ. “කතා කරමු පස්සේ මුලින්ම අපි තේ ටිකක් බීලා ඉදිමු නේද කපු මහත්තයා”‍ මනාලියගේ මව කපු මහතා ඇතුළු පිරිසට ආරාධනා කළාය. මනාලිය හැඩ ගැන් වු තරුණියට ද මව තේ කෝප්පයක් පානය කිරීමට ආරාධනා කළාය. මනාලිය කාමරයේ තනිවම සිටුවා රූපලාවණ්‍ය ශිල්පිනිය ඇතුළු සියලු‍ දෙනා තේ මේසයට ගියහ.
තේ පානය කරන ලද රූපලාවණ්‍ය ශිල්පිනිය යළි කාමරයට ගිය ද මනාලිය කාමරයේ නොමැති බව මනාලියගේ මවට කතා කර කීවාය. තරුණියගේ මව දියණිය කාමරයේ කුස්සියේ වැසිකිළියේ පවා සෙව්වාය. පසුව අල්ලපු ගෙදරට ගිය මනාලියගේ මව සිය දියණිය දුටුවේ නැද්ද යන වග ද විමසීමක් ද කළාය. ඔවුන් ද නොදුටු බව කීවාය.
 තරුණියගේ මව වැළපෙමින් කපු මහතා කුස්සියට කැඳවා සිද්ධිය විස්තර කළාය.
පසුව කපු මහතා මනාලයා ඇතුළු පිරිසට කිසිවක් නොකියා ආපසු නිවසට රැගෙන ⁣ගොස් ඇති බව වාර්තා වෙයි.
පසුව තරුණියගේ මව පියා ඇතුළු පවුලේ ඥාතීහු තරුණිය සොයන්නට පටන් ගත්හ.
රූපලාවණ්‍ය ශිල්පිනිය කාමරයේ සිටිය දී මනාලිය ඇඳ යටින් එළියට ආවාය.
රූපලාවණ්‍ය ශිල්පිනිය මනාලිය සිටින බව මවුපියන්ට පැවසුවාය. සියලු‍ දෙනා කාමරයට ගියහ.
“මම කැමති නෑ ඒ මනාලයට මට කොල්ලෙක් ඉන්නවා තරුණිය පිරිස ඉදිරියේදී පැවසුවාය. සියල්ලෝම එකිනෙකාගේ මුහුණු දෙස බලන්නට වූහ.

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න

 

 



අදහස් (0)

මනාලයා ගෙට ගොඩවෙද්දී මනාලිය අතුරුදහන් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 99 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 901 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site