ඔහු ගමේ කාගෙත් හොඳ හිත දිනාගෙන සිටි පුද්ගලයෙකි. ගමේ කෙනෙකුගේ ඕනෑම හදිසි අවශ්‍යතාවකදී ඔහු නැතුවම බැරිය. එනිසාම ගමේ සියලු දෙනා ඔහු ඇමැතුවේ ‘ලොකු තාත්තා’ යනුවෙනි. ඕනෑම කෙනෙකුගෙ පවුලකට හදිසි අවශ්‍යතාවක් වූ විට එක් වරම කියන්නේ “ලොකු තාත්තාට එන්න’’ කියන්න යනුවෙනි.
ඔහු මත්පැනට ලොල්වී සිටියත් එය ගෙදරට හෝ ගමට කරදරයක් නොවිය. මේ අතර ඔහු හදිසියේම මිය ගියේය. මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 62ක් විය. මළ ගෙදරට ගමේ සියල්ලෝද දුර බැහැර සිටින නැදෑමිත්‍රයෝ ද පැමිණියහ. පුද්ගලයකු මියගිය පසු ඔහු වඩාත්ම කැමති කෑමක් හෝ බීමක් ද නැතිනම් වෙනත් දෙයක් හෝ මිනිය සමග පෙට්ටියේ තැන්පත් කිරීමඩ ද එගම වැසියන්ගේ සිරිතක් විය.
මේ අතර ලොකු තාත්තා මිය යාමට පෙර එක් ඉල්ලීමක් ද කර තිබිණි.”මම මැරුණ දවසට මගේ පෙට්ටියෙත් අරක්කු ටිකක් තියාල්ලා” ඔහුගේ ඉල්ලීම විය. මියගිය පසු එම ඉල්ලීම ඉටු කිරීමට ඥාතිහු වගබලා ගත්හ. කුඩා බෝතලයකට අරක්කු ටිකක් දමා පෙට්ටියේ මුල්ලක තැබීය. මේ අතර පිණිදිය බෝතලයක් ද මිනියේ ඉහ අද්දර විය. පැමිණෙන බොහෝ දෙනා පිණිදිය බෝතලය ගෙන මිනියට පිණිදිය ඉස යාමද සිරිතක් විය.
අවමංගල උත්සවයට දුර බැහැර සිට පැමිණි නෑදෑ පිරිසක්ද වූහ. එම පිරිස නගරයේ ජීවත්වූ නිසා ගම්බද ප්‍රදේශවල චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ එතරම් දැන සිටියේ නැත. මළ ගෙදරට පැමිණෙන අය පිණිදිය බෝතලය ගෙන මිනියට ඉසින අයුරු එම පිරිසේ එක් අයෙක් බලා සිටියේය. ඔහුද පෙට්ටිය අසලට ගොස් එහි තිබු කුඩා බෝතලයක් අතට ගෙන එහි පියන විවෘත කර එය මිනියට ඉස්සේය.
මුලු නිවසම අරක්කු ගඳින් පිරි ගියේය. ඔහු පිණිදිය බෝතලයයි සිතා මිනියට ඉස ඇත්තේ අරක්කු බව දැන ගත්තේ පසුවය. සිදුව ඇති වරද නිවැරදි කිරීමට දැන් කාලයක් ද නැත . අවමංගල කටයුතු කිරීමට ද ආසන්නය. එනිසා පෙට්ටිය වසා දැමීමට ඥාතින් පියවර ගත් අතර වරද සිදු වූ පුද්ගලයා ද කිසිවෙකුටත් නොකියා පිටව ගොස් තිබිණි.
උණවටුන ඩී.ජී. සුගතපාල
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මිනියට පිනිදිය ඉහිනවා වෙනුවට අරක්කු කුප්පිය හලලා