IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


මුනුබුරා එක්ක දඩයමේ ගිහින් උපන් ඇඳුමෙන් ගෙදර ඇවිත්

කැබිතිගොල්ලෑව - හේමන්ත රණසූරිය
තම මුනුබුරා සමග වන සතුන් දඩයමේ ගිය සීයාට, ඇඳ සිටි සරම අහිමි වී, උපන් ඇඳුමෙන්ම ගමට ඒමට වීමේ පුවතක් රජරට කැලෑබද ගමකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
ගමේ ඉත්තෑවන් නිතර ගැවසෙන ගල් කන්දක් ආශ්‍රිතව මෙම සීයා සහ මුනුබුරා දඩයමේ යමින් සිටියහ. එක්වරම ඉත්තෑවකු ඔවුන්ගේ ඇස ගැටුණු අතර, ඔවුන් ඉත්තෑවා පසුපස ලු‍හුබැන්දේ අසල ගල් කන්දේ ගල් ගුහාවකට රිංගනු ඇතැයි සිතාගෙනය.
ඔවුන්ගේ සිතුවිල්ල ටක්කෙටම හරි ගියේය. ඉත්තෑවා පණ බේරා ගැනීමට ගල් කන්දේ ගල් බෙණයකට රිංගුවේය. ඉත්තෑවා රිංගූ ගල් බෙණයේ පිට වන කවුළුව වහාම කොළ අතුවලින් පන්දුවක් ගසා වසා දමා, ඉත්තෑවා එළියට ගැනීමට ඔවුහු විවිධ උපක්‍රම කල්පනා කළහ.
මුනුබුරාගේ ටිකිරි මොළයට සීයා ඇඳ සිටි සරම පෙනුණේය.
“සීයෙ ඔයාගේ සරම ගලවලා, ඕකෙන් අපි කූඩුවක් හදලා, ඉත්තෑවා පිටවෙන කටට තියලා හරි ගස්සමු. එතකොට ඌ පනිනකොට සරමේ කූඩුවට කොටු වෙනවා.”‍ යැයි කීවේය.
සීයා සරම ගැලවීමට අකැමැති වුවත්, මුනුබුරාගේ දැඩි පෙරැත්තය නිසාම ඔහුට සරම ගැලවීමට සිදු වූයේ අසල පඳුරකට මුවා වෙලාය.
මුනුබුරා සැලසුම ක්‍රියාත්මක කළේය. ඉත්තෑවා එළියට පැන්නේ සරමෙන් සකස් කළ තිබූ කූඩුවටය. මුනුබුරා අත තිබූ කැත්තෙන් ඉත්තෑවාට කෙටුවේය. සීයාගේ සරම කැති පහරින් දෙපලු‍ විය. ඉත්තෑවාට කිසිදු හානියක් නොවුණත්, ඔහුගේ කටුවලට ඇමිණී තිබූ සරම ද රැගෙන ඉත්තෑවා අසුරු සැණින් පණ බේරාගෙන පැන දිව්වේය.


සීයා කොළ අතුවලින් තම නිරුවත වසාගෙන, මුනුබුරාට කනේ ඇඟිලි ගසා ගන්නට බැණ වැදුණේ, තමාට සරමක් රැගෙන එන ලෙස නියෝග කරමිනි.
කෙසේ හෝ මුනුබුරා සීයා අස්වසා ගම ආසන්නයටම රැගෙන ආවේ, තම නිවෙසට ගොස් හැකි විගසින් සීයාට සරමක් රැගෙන එන පොරොන්දුව පිටය. එතෙක් කැලෑවේ සැඟවී සිටින ලෙස දැනුම් දීමෙන් පසුව මුනුපුරා වහාම සීයාට සරමක් රැගෙන ඒමට ගමට දිව්වේය.
සීයාට සිදු වුණු අකරතැබ්බය ගැන මුණුබුරා තනිවම සිනාසුණත්, ඔහුට මුළු ගමේම අය සමග සිනාසීමට වුවමනා විය. මුනුබුරා වහාම ගම පුරා දුවගෙන ගොස්, කොල්ලෝ, කුරුට්ටෝ, ගෑනු පිරිමි ආදී හමුවෙන සියලු‍ම දෙනාට සීයාගේ හෙළුව ගැන රස කර කර පවසා, මුළු ගමම වැවේ වෑ කන්දට කැටුව ආවේය.
මුනුබුරා, සීයා සැඟවී සිටි ස්ථානය ඔවුන්ට පෙන්වූ අතර, සියල්ලෝම හූ සංග්‍රහයක් සීයාට තිළිණ කළහ.
සීයා ආපසු යළි කැලෑවටම පැන දිව්වේය. කෙසේ හෝ අඳුර වැටුණු පසු සීයා හොල්මන් ගමනින් තමාගේ පැල්කොටයට රිංගා ගත්තාලු‍.

 



අදහස් (1)

මුනුබුරා එක්ක දඩයමේ ගිහින් උපන් ඇඳුමෙන් ගෙදර ඇවිත්

නිහාල් Thursday, 30 November 2023 10:18 AM

එකට කැවත් බොක්ක වෙනස්

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1831 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1480 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 526 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site