තමා වතුර බොන ළිඳ මුනුපුරාට කියා ශුද්ධකරවාගත් අත්තම්මා වැඩි හොඳට ළිඳේ සිටි ලූල් මාළුවාත් හොඳට පිරිසිදු කර ළිඳට දාලා, පසුවදා උදේ ළිඳ තුළ මිය ගොස් සිටි මාලුවා දැක්ක දියණිය සිය අම්මාගෙන් කරුණු විමසු පුවතක් බස්නාහිර පළාතෙන් වාර්තා වෙයි.
බස්නාහිර පළාතේ පිටිසර ගමක නිවසක තනිව වාසය කරන අත්තම්මා බීමට ජලය සපයා ගන්නේ නිවස පිටු පස ඇති කුඩා ළිඳකිණි. ළිඳේ පිරිසිදු බව රැක ගැනීම සඳහා තම දියණියක විසින් ලූලා නැමැති මාලුවෙක් මේ ළිඳට දැමීමෙන් පසු ළිඳේ පිරිසිදු බව ද ආරක්ෂා වෙමින් මාලුවා ද හොඳින් වැඩෙමින් තිබිණි.
දිනක් දියණිය සිය 15 හැවිරිදි පුත්‍රයා ද සමග අම්මා බැලීමට නිවසට පැමිණි අවස්ථාවක සිය මුනුපුරා එකතුකරගෙන ළිඳ ශුද්ධ කර ගැනීමට මාන බලමින් සිටි අත්තම්මා මුනුපුරා ලවා ළිඳේ වතුර ඉවත් කර පිරිසිදු කර මුනුපුරාට කියා ළිඳේ සිටි මාලුවා ද ගොඩට ගෙන බේසමකට දමා නිවසට රැගෙන ගොස් ටික වෙලාවකින් නැවත ළිඳට දැමීමට කටයුතු කර තිබිණි.
පසුදා උදේ මුහුණ සේදීමට ළිඳට ගිය දියණිය මාලුවා මියගොස් සිටි අයුරු දැක සිය පුත්‍රයාට මාලුවා මිය ගොස් ඇතිබව දන්වා තිබේ. එහෙම වෙන්න විදියක් නැහැ අම්මා, ළිඳ සුද්ද කරද්දී මම මාලුවා වතුර දැමූ බේසමට දමා ආච්චි අම්මාට දුන්නා, ආච්චි අම්මා පස්සේ එයාව පරිස්සමට ආයෙත් ළිඳට දැම්මා යැයි පුත්‍රයා කියා තිබේ. ඒ අනුව දියණිය මේ පිළිබඳව අම්මාගෙන් විමසූ අවස්ථාවේ ඇය පවසා ඇත්තේ, මම පුතාට කියා ළිඳ පිරිසිදු කළ වෙලාවෙ ජරාවට සිටි මාලුවා ආයෙත් ළිඳට දමන්නට බැරි නිසා, ගෙදරට ගෙනත් සබන් කුඩු දමා පොල් මුඩුවකින් අතුල්ලා හොඳට පිරිසිදු කර යළි ළිඳට දැමූ බවයි. කාරණය වැටහුණු දියණිය ඔලුවේ අත ගසාගෙන කටින් ඉහළට ගත් හුස්ම පහළ හෙලන්නට බැරිව ලතවෙමින් සිටියාලු.
බුලත්සිංහල - ලක්මි කුඩලිගම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd