IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


මනාප හුටපටයට ඇයි හොඳයියත් නැතිවෙලා


කරන්දෙණිය එම්.සුසිල් පියන්ත



වෙනත් නිවසක පැවති තේ පැන් සංග්‍රහයකදී සිය නැන්දණිය තමාට ඡන්දය දී නැති බව සනාථ වී ඇය සමග එතෙක් මෙතෙක් පැවති සියලු‍ම සබඳතා නවතා දැමූ මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව පරාජය වූ බෑනා කෙනෙකු පිළිබඳව අපූරු පුවතක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
මෙවර පළාත් පාලන මැතිවරණයට මේ ගමේ අයකු ඉදිරිපත්වූවේය.ඒ ප්‍රධාන පක්ෂයකිනි. නොසිතූ පරිදි ඔහු පරාජයට පත්විය. තමා පරාජයට පත්වුවද තමාට ඡන්දය දුන්නේ යයි කියන පිරිසට හේ තේ පැන් සංග්‍රහයක් ලක ලැහැස්ති කළේය. තමාට ඡන්දය දුන් අයට ස්තූති කිරීම සඳහා මෙය ඔහු සංවිධානය කළේය. දිනය කටින් කට මේ පණිවිඩය යැව්වේය. එයින් කියවුණේ ඔහුට ඡන්දය ලබාදුන් අයට පමණක් මේ තේ පැන් සංග්‍රහය පවත්වන බවය.


ඒ අනුව සැලකිය යුතු පිරිසක් එදින ඔහුගේ නිවසට පැමිණ සිටියහ. මේ අපේක්ෂකයා තවත් දෙයක් දියත් කළේය. ඒ ගමේ තමා සමග ඡන්දය ඉල්ලා පරාජයවූ අනෙක් ප්‍රසිද්ධ පක්ෂ දෙකේ අපේක්ෂකයන් දෙදෙනාටද මේ තේ පැන් සංග්‍රහයට ආරාධනා කිරීමය. ඒ තුළින් ඔහු අපේක්ෂා කළේ මැතිවරණයේදී පැතිවලට බෙදී තරග කළත් ගමේ තමන්ලා එකට සිටිය යුතුය යන්නය.
ඒ ආරාධනාව පිළිගත් පරාජිත තවත් අපේක්ෂකයකු ඔහුගේ මේ තේ පැන් සංග්‍රහයට පැමිණියේය. ඒ සමගම එම අවස්ථාවට සහභාගීවූ පිරිස අතරින් සැඳෑ සමය ගත කරන කාන්තාවක සිය හිස පහත් කරගෙන සිටිනු ඔහු දුටුවේය. ඔහු මේ කාන්තාවගේ වෙනස පැහැදිලිවම දුටුවේය. ඒ සමගම තමාගෙන් වහන්වීමට දඟලන මේ කාන්තාව කවුද යන්න පිළිබඳව ඔහු විමසිල්ලෙන් සිටියේය. හත් දෙයියනේ මේ ඉන්නේ තමාගේ පියාගේ නැගණිය නොහොත් නැන්දාය. ඔහුට දෙවියන් බුදුන් සිහිවූවේය.
මෙවර මැතිවරණයේදී තමාගේ බෑනාට හැර වෙන කිසිම අයකුට සිය මනාපය ලබා නොදෙන බව මේ නැන්දා දිවුර දිවුරා ඔහුට පොරොන්දු වූවාය. ඇය තමාගේ අයියාගේ පුතාට හැර වෙනතක් නොබලන බව මේ නැන්දණිය කීවේ මේ බෑනාගේ මුහුණටමය. එක දිගටමය. ඔහුත් තමාගේම නැන්දාගේ මේ ඡන්ද පොරොන්දුව ගෙඩිය පිටින්ම ගිල්ලේය. ඒ මේ කත තමාගේම නැන්දාවූ නිසාවෙනි. දැන් ඔහුට තමාගේ නැන්දා ඡන්දය දී ඇත්තේ කාටදැයි වඩාත්ම අවබෝධ විය. එය වඩාත්ම සාක්ෂාත් වූවේ ඇය මේ නිවසේදී තමාට මුහුණ නොදී හැංගි හැංගී සිටීමට ගත් උත්සාහයත් සමගමය.
තමාව ගොනාට අන්ඳා වෙනකෙනකුට ඡන්දය දුන් නැන්දාගේ මළ ගමකටවත් මින් ඉදිරියට සහභාගී නොවන්නේ යයි එතන සිටි පිරිසට ඔහු කියමින් එම ස්ථානයෙන් පිටවූවේ සිය නැන්දාට ද මේ පණිවිඩය දන්වන ලෙසට දන්වමින්ලු‍.

 



අදහස් (0)

මනාප හුටපටයට ඇයි හොඳයියත් නැතිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1902 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1521 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 532 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site