IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මිනී කාරයේදී පණ ඇවිත්

කරන්දෙණිය එම්. සුසිල් පියන්ත


මියගියා යයි පවසා සුවසැරියෙන් ගෙන යාම ප්‍රතික්ෂේප කළ රෝගියකු මරණ පරීක්ෂණය සඳහා අවමංගල රථයකින් රෝහලට ගෙන යන අතරතුර පණ ආ අපූරු පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.
හදිසි අසනීප තත්වයක් නිසා සිහිමූර්ඡා වී සිටි රෝගියකු රෝහලට ගෙන යාම සඳහා නිවැසියෝ සුවසැරිය රථයට දුරකතන ඇමතුමක් දුන්හ. ඒ අනුව ක්‍රියාත්මක වූ සුවසැරිය ගිලන් රථයේ නිලධාරීහු නියම ස්ථානයට පැමිණියහ. රෝගියා පරීක්ෂා කර බැලූ ඔවුහු ඔහු මියගිය බව පැවසූහ. මියගිය අයෙකු සිය රථයෙන් ගෙන නොයන බව පවසා ඔවුහු ආපසු ගියහ.


නිවැසියෝ තමන්ට ලැබී ඇති උපදෙස් අනුව මියගියා යයි කියන තැනැත්තාගේ සිරුර හදිසි මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා මල් ශාලාවකින් අවමංගල රථයක් ගෙන්වාගෙන රෝහලට රැගෙන යාමට කටයුතු කළහ.
මියගියා යයි අවමංගල රථයට දමා සිටි අය කැස්සක් සමග කටින් සෙම දැම්මේය. මෙය දුටු අවමංගල රථයේ අය මේ තැනැත්තා ජීවත්වනු ඇතැයි සිතා අවමංගල රථයෙන්ම රෝහලට ගෙන ගොස් ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළහ.



අදහස් (0)

මිනී කාරයේදී පණ ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site