කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
සිය මවගේ අවමඟුල දා දේහය තැන්පත් කොට තිබූ අවමංගල උත්සව ශාලා හිමිගෙන් කෑම ඇණවුම් කොට අලි අමාරුවක වැටුණු උසස් හමුදා නිලධාරියකු පිළිබඳව අපූරු කතාවක් ගාලු දිසාවේ ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ.
අවමංගල උත්සව ශාලාවට අමතරව අවමංගල්‍ය කටයුතුද කරන ආයතනයකි. ලොක්කෙකි. ඔහුට මේ අවස්ථාව ලැබුණේ පියාගෙනි. පියා සිටින සමයේ ඔහු ඉතා සාධාරණව අවමංගල්‍ය කටයුතු සිදු කරමින් නමක් දිනාගෙන සිටියේය.
පියාගේ මරණයෙන් පසුව එම රැකියාව ඔහු භාර ගත්තේය. එහෙත් කාලයක් යද්දී ඔහු මුදලටම පමණක් වශී වූවේය. ඔහුගෙන් මිනිස්කම දුරස්වී ගියේය. ළං කර ගත්තේ මුදල්ම පමණි. ඒ නිසාම ඔහුහේ වංහුං දන්නා අය ඔහුගෙන් අවමංගල්‍ය කටයුතු ඉටුකර ගැනීමට මැළිවූහ.
මේ අල්ල පනල්ලේ යුද හමුදාවේ උසස් නිලයක කෙනකු නොදන්නාකමට ඔහුගෙන් සිය මවගේ අවමංගල්‍ය කටයුතු ඉටුකර ගැනීමට ඉටා ගත්තේය. ඒ අනුව ඔහුට කතා කළේය. ඔහුගේ ටෝක මහා වංශයෙනි. මේ ටෝකට යුද හමුදා නිලධාරියාද අසුවුණේය. මවගේ අවමංගල කටයුතු පමණක් නොව දේහය මහජන ගෞරවය සඳහා මේ නසරානි තැනැත්තාගේ අවමංගල්‍ය උත්සව ශාලාවම තෝරාගත්තේය.
සිය මවගේ දේහය ඔහුගේ අවමංගල්‍ය උත්සව ශාලාවේ තැන්පත් කළ මොහොතේ සිටම එක එක තහංචි ඔහු දැම්මේය. කෑමබීම පිටතින් ගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම්ය. ඒ සඳහා අවස්ථාව උදාකර ගත යුත්තේ ඔහුගෙන්ම පමණි. මේ නිසා හමුදා නිලධාරියාට ඒ ආසන්නයේම යුද හමුදා කඳවුරෙන් සුබසාධක ක්‍රමයට ලැබුණු කෑම වේල් ලබාගැනීමට නොහැකි විය. ඉතා අධික මිලකට ඔහුගෙන්ම කෑම ලබාගැනීමට සිදුවිය. කතාව නම් එය නොවේ.
දැන් තමාට කළ හැකි දෙයක් නොවන නිසා මේ යුද හමුදා නිලධාරියා වැඩි මිලට ඔහුගෙන් කෑම ඇණවුම් කළේය. කෑම පිඟන් ගණන ද කීවේය. ඒ අනුව ඔහු කෑම මළ ගෙදරට සැපයූවේය. හමුදා නිලධාරියා කෑමට සිය නෑහිතවතුන්ට ආරාධනා කරන්න කලියෙන් ඔහු සැපයූ කෑම භාජනවලට ඔළුව දැම්මේය.
දෙවියනේ තමා ඇණවුම් කළ කෑම ඕඩරයට සැපයූ ගණනටත් අඩකටත් වඩා අඩුවෙන් එහි කෑම තිබුණේය. ඉහමොළ රත්වූ යුද හමුදා නිලධාරියා සිතුවේ තවත් කෑම මේ සඳහා ලැබෙනු ඇතැයි සිතාය. ඒ අනුව අවමංගල උත්සව ශාලා හිමිකාර නරුමයාට කතා කළේය.
ඒ සම්බන්ධයෙන් විමසීමේදී ඔහු කීවේ ඇණවුම් කළ ප්‍රමාණයට කෑම දෙනුයේ ඔය ප්‍රමාණය බවය. හමුදා නිලධාරියාට කර කියා ගන්න දෙයක් නැතිවිය. තමා ඇණවුම් කළ ආහාර ලබාදිය හැක්කේ ඉන් අඩකටත් අඩුවෙන් නිසා ආහාරය සඳහා ආරාධනා කළ යුත්තේ කාටදැයි යන්න පිළිබඳව හමුදා නිලධාරියා ලොකු ආහාර අර්බුදයක පැටලුණේ ප්‍රශ්නය වෙනත් ස්ථානයකින් ආහාර ඇණවුම් කිරීමටද අවමංගල උත්සව ශාලා හිමිකරුගේ දණ්ඩ නීති සංග්‍රහය අනුව බැරිය. මේ නිසා එදා මේ මළගමට සහභාගීවූ අයට යන්නට සිදුවූයේ බඩගින්නේය. එමගින් අපහසුතාවයට පත්වූවේ අවමංගල උත්සව ශාලා හිමිකරු නොව හමුදා නිලධාරියාය.
මේ අවමංගල්‍ය උත්සව ශාලා හිමිකරු එදා කෑම සඳහා එවා තිබුණ හමුදා නිලධාරියා ඇණවුම් කළ කෑම පිඟන් ගණන අනුව මාළු කෑලි, අල කෑලි සහ අනෙක් කෑම සමානවීම තවත් ප්‍රශ්නයක්වී තිබුණේය. යම් කෙනෙක් මාළු කෑලි හෝ අල කෑලි දෙකක් පිඟානට දාගත්තොත් ඉතිං කෑමට සිටින අනෙක් අයට දෙවියන්ගේම පිහිටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd