IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


මධුසමය පැත්තක දමා මනාලයා ඕටී කරන්න ගිහින්

මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි
 මධුසමයට ගිය මනාලිය හෝටලයේ තනිකර දමා රාජකාරි ස්ථානයේ අතිකාල සේවය සඳහා ගිය මනාලයකු පිළිබඳ පුවතක්  මිණිකැට පිරුණු පුරවරයකින් අසන්නට ලැබිණි. කලක පටන් පැවති පෙම් සබඳතාවයක් මත සිදු වූ මංගල්‍යයකි. සතියේ   සුබ  දිනයක සුබ නැකතින් මංගල්‍යයේ කටයුතු සිදු කෙරුණි. සති අන්තයත් සමඟ තුන් දිනක් මේ යුවළ මධුසමය සඳහා දින වෙන් කර තිබිණි. 
මංගල දාට පසු දින උදේ මනාලයාට දුරකතන ඇමතුමක්  ලැබිණි. එයින් කියවුණේ එදින ඔහුගේ  රාජකාරී ස්ථානයේ අතිකාල සේවයට නිලධාරියෙකුගේ අඩුවක් ඇති බව ය.
එය ඇසූ වහාම හිසේ මලක් පිපුණු මනාලයා  මනාලියට චාටු බස් කියා ඉක්මනින් හැඳ පැළඳගෙන අතිකාල රාජකාරී සඳහා පිටත්ව ගියේ ය. 
සැන්දෑවේ ඔහු ආපසු එනතුරු මනාලිය හෝටලයේ කාමරයට වී හුදෙකලාවේ කුසගින්නේ කල් ගත කළා ය.
දෙවෙනි ගමන යෙදුණු දවසේ මනාලිය සිය යෙහෙළියකට මේ බව හෙළි කිරීමෙන් පසු මනාලයා ගේ මධුසමයේ අතිකාල සේවය පිළිබඳ කතා පුවත කටින් කට යාම හේතුවෙන් අතිකාල මනාලයා යයි නමක් පට බැඳී ඇතැයි ද දැන ගන්නට ලැබිණි.



අදහස් (0)

මධුසමය පැත්තක දමා මනාලයා ඕටී කරන්න ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1800 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1472 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 524 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site