IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


මධුසමය දා මනාලයා ඕටී කරන්න ගිහින්


ගලෙන්බිඳුණුවැව - චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය



විවාහ දිවියට ඇතුළත්ව, ජීවිතයේ සොඳුරුතම මතකයන් එක් කරගන්නා මධුසමය අතරතුර, සිය නව මනාලිය සුඛෝපභෝගී හෝටල් කාමරයක තනිකර, සේවය කරන කාර්යාලයේ අතිකාල සේවය (OT) සඳහා පිටත්ව ගිය රත්නපුර ප්‍රදේශයේ මනාලයෙකු පිළිබඳ අරුම පුදුම පුවතක් වාර්තා වේ. 
පසුගිය සතියේ දී විවාහ දිවියට ඇතුළත් වූ මෙම යුවළ, සිය මධුසමය ගත කිරීම සඳහා නුවරඑළියේ ප්‍රසිද්ධ හෝටලයක නවාතැන් ගෙන ඇත. මනාලිය සමඟ ආදරයෙන් වෙලී, සොබා සෞන්දර්ය විඳිමින් සිටි මනාලයාට, ඔහු සේවය කරන පෞද්ගලික ආයතනයේ ප්‍රධානියාගෙන් හදිසි දුරකථන ඇමතුමක් ලැබී ඇත.


එම ඇමතුමෙන් දැනුම් දී ඇත්තේ, ආයතනයේ අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක හදිසි අවශ්‍යතාවයක් මතුව ඇති බැවින්, වහාම සේවයට වාර්තා කළ යුතු බවය. ජීවිතයේ එක් වරක් පමණක් උදාවන මධුසමය පසෙක තැබූ මෙම අපූරු මනාලයා, මනාලියට තත්වය පැහැදිලි කර, “පැය කීපයකින් ආපහු එනවා, ඔයා බය නැතුව ඉන්න” යැයි පවසා, ඇයව හෝටල් කාමරයේ තනිකර රත්නපුර බලා පිටත්ව ගොස් ඇත..
සියලු‍ බලාපොරොත්තු සුන් වූ මනාලිය, සිදුවූ දෙය හිතා ගැනීමටවත් නොහැකිව කම්පනයට පත්ව ඇති අතර, ඇය සිය සමීපතම යෙහෙළියකට දුරකථන ඇමතුමක් ලබා දී සිදුවීම පවසා ඇත.
“අපි කොච්චර ආසාවෙන්ද මේ දවස් ටික ගත කරන්න ආවේ. එයාට වැඩේ තමයි ලොකු වුණේ. මට නම් මේක හීනයක් වගේ” යැයි ඇය කඳුළු සලමින් පවසා ඇති බවද දැනගන්නට ඇත. 
කෙසේ වෙතත්, පැය පහ හයකට අධික කාලයක් අතිකාල සේවයේ නිරත වූ මනාලයා, නැවතත් නුවරඑළිය බලා පැමිණෙන විට මධ්‍යම රාත්‍රියද පසුවී තිබූ බව වාර්තා වේ. 
මෙම සිදුවීමත් සමග යුවළ අතර යම් මතභේදාත්මක තත්වයක් උද්ගතව ඇති බවද ඔවුන්ගේ සමීප ආරංචි මාර්ග සඳහන් කරයි. රැකියාවට දක්වන අසීමිත ලැදියාව සහ කැපවීම අගය කළ යුතු වුවත්, ජීවිතයේ වැදගත්ම අවස්ථාවකදී පවා එයට මුල් තැන දීම කෙතරම් සදාචාරාත්මකද යන්න පිළිබඳව මෙම සිදුවීම සමාජය තුළ කතාබහක් ඇති කිරීමට සමත් වී තිබේ.

 



අදහස් (4)

මධුසමය දා මනාලයා ඕටී කරන්න ගිහින්

himal Monday, 16 June 2025 08:59 AM

ඉතින් විවාහ මංගල්‍යය අතරතුර ජාතික කණ්ඩායමෙන් කැඳවීමක් ලැබිලා තරගයට ගිය ක්‍රීඩකයෙක් ගැනත් අපි අහලා තියෙනවා. මේ තරුණයා ආයතනය වෙනුවෙන් ගියේ. මේ ගැන සමාජයේ කතාවක් ඇති වෙන්න, මේ ලියුම්කරු හිතන් ඉන්නේ මේ ගෙවල් වල අය තමයි සමාජය කියලා. මේ යුවළ විසඳාගන්න ඕන ප්‍රශ්නයකට මේ ලියුම්කරු හොට දාන්නේ එයා මේකේ කවුද?

:       4       9

mangala Monday, 16 June 2025 01:47 PM

රාජකාරිය දේවකාරිය කරගත් කෙනෙක්. මනාලිය නුවණ ඇති අයෙක් නම් ජීවිතේ වරදින්න විදියක් නෑ.

:       2       6

වික්‍රම විදුර Monday, 16 June 2025 07:56 PM

ජෙන්සො සෝලා ඒකෙ ලොක්කාද මන්දා..

:       0       0

ගුණරත්න Tuesday, 17 June 2025 08:50 AM

මනමාලයා සොෆ්ට්වෙයා ඉන්ජිනීයර් කෙනෙක් වෙන්න ඇති!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 40 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 341 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 359 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site