IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මුදලාලි දැක්කාම අන්ධයාගේ ඇස් පෙනිලා

තිහගොඩ උපසේන ලියනගම
සිඟමන් යදිමින් සිටි දෑස් නොපෙනෙන යාචකයකුට හදිසියේ පැරණි හිතවතකු මුණගැසීමත් සමඟ අන්ධභාවය අතුරුදන්වීමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ උතුරු මැද පළාතෙනි.


අගනුවර සිට අනුරාධපුරය බලා ධාවනය වූ පෞද්ගලික බස්රථයක් ප්‍රධාන නගරයක නැවැත් වූයේ මගීන්ට තේ පානය සඳහාය.
මේ මොහොතේ එතැනට තම බිරියයැයි සිතිය හැකි වියපත් කාන්තාවගේ උර තලය අල්ලාගෙන ආවේ අන්ධ පුද්ගලයෙකි. ඔහු කළු උපැස් යුවළක්ද පැළඳ සිටියේය. හැකි පමණින් ඔහුට මුදල් නෝට්ටු සහ සිල්ලර කාසිද දැමුවේ මේ යුවළට අනුකම්පාවෙනි.


මොහොතකින් බසයෙන් බැස ආවේ තරබාරු සුදු ඇඳුමින් සැරසුණු මුදු මාල පැළඳි ව්‍යාපාරිකයකුයැයි සිතිය හැකි කෙනෙකි. ඔහු දුටු සැනෙන් අන්ධ යාචකයා ඔහුගේ නමද පවසමින් ‘‘මුදලාලි මේ කොහේද යන්නේ’’යි පැවසුවේ සිනාසෙමිනි.


මවිතයට පත් මුදලාලි යාචකයාගේ ද නම පවසමින් ‘‘යකෝ උඹේ ඇස් අන්ධවුණේ කවදා ඉඳලදැයි’’ අසන විට යාචකයාට කණවැල ඇල්ලූ කාන්තාවට දෙවියන් සිහිවිය.


මොහොතකින් යාචකයාට සිය බොරු අන්ධභාවය මතක් වී පසෙකට ගිය අතර බස් මගීන් කීප දෙනකු අන්ඳමන්ද වී මේ  සිදුවීම නැරඹුවත් තවත් සමහරු දැඩි කෝපයෙන් මේ ගැන කතා කළහ.

 



අදහස් (1)

මුදලාලි දැක්කාම අන්ධයාගේ ඇස් පෙනිලා

Perera Wednesday, 21 December 2022 03:56 PM

දේශපාලුවොත් රටේ ජනතාව අන්දන්නේ ඔහොම තමයි...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 22 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site