IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මිතුරියන් දෙදෙනාටම පෙම්කර අන්තිමේ අලි ජංජාලයක

පෙම්වතියන් දෙදෙනකුට පෙම් කළ 21 හැවිරිදි පෙම්වතෙක් 18 හැවිරිදි පැරැණි පෙම්වතිය අතහැර 14 හැවිරිදි බාල වයස්කාර අලුත් පෙම්වතිය රැගෙන පලාගොස් ඇතැයි ඇල්ල පොලිසිය පවසයි. 


පෙම්වතියන් දෙදෙනා ද මිතුරින් වන අතර පෙම්වතා එකිනෙකාට හසු නොවන සේ දෙදෙනාට පෙම් කර තිබේ. කෙසේ නමුත් 27දා මේ රහස හෙළිවීමත් සමඟ මිතුරියන් දෙදෙනා අතර රණ්ඩුවක් වී ඇත.


බාලවයස්කාර පෙම්වතිය වහාම ගොස් මේ ගැටුම පිළිබඳව පෙම්වතාට පවසා තිබේ. ඔහු ඇය සමගම අනෙක් පෙම්වතිය හමුවීමට ගොස් ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට උත්සාහ කළ ද පෙම්වතා බෙදාගැනීමට බැරිව දෙදෙනා කෙස්වලු පටලවාගෙන තිබේ.


ඉන් පසු පරණ පෙම්වතිය හඬා වැටෙද්දී පෙම්වතා බාලවයස්කාර අලුත් පෙම්වතිය රැගෙන පලා ගොස් තිබේ.


බාල වයස්කාර පෙම්වතියගේ පියා විසින් තම දියණියගේ අතුරුදන් වීම පිළිබඳව පොලිසියට පැමිණිලි කළ බවත් ඒ අනුව කළ විමර්ශනවලදී මේ තොරතුරු අනාවරණය වූ බවත් ඇල්ල පොලිසිය පවසයි.


බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ හා සහකාර පොලිස් අධිකාරි ජයන්ත රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.ඩී.එන්. කරුණාරත්න මහතාගේ මෙහෙයවීම යටතේ ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

(බදුල්ලේ - පාලිත ආරියවංශ සහ ඇල්ල - ප්‍රසාද් රුක්මල්)



අදහස් (0)

මිතුරියන් දෙදෙනාටම පෙම්කර අන්තිමේ අලි ජංජාලයක

පිටබැද්දර ජයා Friday, 30 September 2016 10:46 AM

මිල අඩු උනාට බඩු බාලයි , බාල බඩු ගත්තොත් විඳවන්න වෙනවා . දැන් ඉතින් කුරූ ගනින්න. (ර)

:       0       0

සාරා Sunday, 02 October 2016 10:51 PM

දිසා හරියටම හරි (නි)

:       0       0

දිසා Saturday, 01 October 2016 07:30 AM

වැඩක් හරියට ප්ලෑන් කරලා කරන්න ඕනෑ. වැරදුනාම මොනාද කරන්නේ කියලා කලින් හිතලා ඉන්න ඕනෑ. මම නම් දෙන්නම දාලා යනවා ඒ වෙලාවේ. පස්සේ ඕනෑ නම් ඔය දෙන්නම අායෙත් යාලු කරගන්න පුළුවන්. දෙන්නට දෙන්න ඊර්ෂ්‍යා වුණාම දෙන්නම අල්ලගන්න පුළුවන් (නි)

:       0       0

පිටිගල Monday, 03 October 2016 04:37 AM

මාර වැඩක් තමයි.(හේ)

:       0       0

මලික් Friday, 30 September 2016 09:47 PM

මෙහෙම මිනිස්සු අතරනේ අපි ජීවත්වෙන්නේ (නි)

:       0       0

ජනහිත Friday, 30 September 2016 10:29 PM

හරි වැඩේනේ වෙලා තියෙන්නේ. තවත් සම්බන්ධකම් තිබෙන්නත් පුළුවන් (නි)

:       0       0

අබය Friday, 30 September 2016 10:51 PM

මේකත් නීතිප්‍රකාර වරදක් තමයි. මේවා ඇහුවහම ඇඟේ මාළු ගඟේ නටනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 75 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site