කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
පාසල් ආපන ශාලාවෙන් ආහාර පාන නොමිලයේ ලබා ගැනීමට අපූරු අවසර පතක් රැගෙන යන සිසු පිරිසක් පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ.
දකුණේ පමණක් නොව රටේම ජනප්‍රිය පාසලකි. නම කියූ සැනින් මේ පාසල ගැන නොදන්නා කෙනකු නැති තරම්ය.
පාසලේ කැන්ටිමෙන් නිකං කන සිසුහු පිරිසක් සිටියහ. ඒ සඳහා ඔවුහු අපූරු අවසර පතක් රැගෙන ගියහ. මේ අවසර පත නිසා සිසුහු බඩකට පුරා කති, බොති, සතුටුවෙති. පන්තියේ සිටින විට දී සප්පායම් වීමට ද ගෙන ගියහ.
සිසුන්ට මේ අපූරු අවසර පත ලැබී ඇත්තේ එම විදුහලේ ඉහළ නිලධාරියකු මාර්ගයෙනි. මේ අවසර පතට තමන්ට අවශ්‍ය කෑම ඇණවුම ලබා දුන්විට කිසි කරදරයක් නොමැතිව තමන්ට අවශ්‍ය කෑම බීම ජාති ලැබෙන බව සිසුහු කියති.
මේ අපූරු අවසර පත අන් කිසිවක් නොව එම විදුහලේ ඉහළ නිලධාරියකුගේ පුතා බව සිසුහු කියති. ඔහුට අවශ්‍ය කෑම බීම ඇති තරම් ලබාදෙන ලෙස එම නිලධාරියා පාසලේ කැන්ටිමට උපදෙස් ලබා දී ඇති නිසා මේ වාසනාව තමන්ට ද ලැබී ඇති බව සිසුහු කියති. තමන්ට කැන්ටිමෙන් අවශ්‍ය කෑමබීම නොමිලයේ ලබා ගැනීමට මේ අපූරු අවසර පත උදව්වන බවද සිසුහු කියති.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මිතුරාගේ ‘ ලයිසමෙන්’ සිසුන්ට හොඳ පල්ලමක් ලැබිලා