IMG-LOGO

මිතුරාගේ බිරිඳට බැල්ම දාන්න යාළුවා හීනෙන් ඇවිදියි

(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
මිතුරාගේ බිරිඳ සමඟ අනියම් ඇසුරක් පැවැත්වූ පුද්ගලයකු ඇයගේ පහස සොයා යන අතර තුර මිතුරාට අසුවීමෙන් සිදුවූ අකරතැබ්බයක් පිළිබඳව පුවතක් නිකවැරටියට  ආසන්න පෙදෙසකින් වාර්තා වේ.


 සිද්ධිය මෙසේය.


මෙම පුද්ගලයා රජයේ රැකියාවක් කරන අයෙකි. මිතුරා මුර රැකියාවක නිරත වූවෙකි. අසල්වැසි මිතුරා රාත්‍රී මුර රැකියාවට ගිය පසු මිතුරා එම නිවසට යමින් එමින් එම බිරිඳ සමඟ අනියම් සබඳතාවක් ගොඩ නගා ගත්තේ කාටත් හොර රහසේය.


 දෙදෙනා වෙනදාටත් වඩා දැඩි මිතුරුකමක් දක්වමින් ඔවුනොවුන් ඉතා සුහදශීලි, ලෙස නිවෙස් වලටද යමින් එමින් කල් ගෙවන්නට වූයේ අසල්වැසියන් ද පුදුමයට පත් කරමිනි.


 මෙසේ කාලය ගෙවී යද්දී මුරකාර මිතුරාට තම මිතුරා ගැන සැකයක් උපදින්නේ මිතුරාගේ සුවඳ විලවුන් සුවඳම බිරිඳ ළගින්ද වහනය වීමෙනි. මේ පිළිබඳව දිගින් දිගටම කල්පනා කළ මුරකාර මිතුරා බිරිඳගේ අනියම් පෙම අල්ලා ගැනීමට උපායක් කල්පනා කළේය.


 මෙදින මුර රැකියාවට නිවාඩුවක් දමා නිවසේ සිටි මිතුරා රැකියාවට යන බව පවසා නිවසින් නික්ම ගියේය. අතරමග රැදී සිටි ඔහු අඳුර වැටීගෙන එද්දී ආපසු පැමිණ නිවස ආසන්නයේ වූ කැලෑ රොදක සැඟවී සිටියේය.


ඝන අන්ධකාරය දසත පැතිරෙද්දී තම නිවස දෙසට අඩිපාර ඔස්සේ එන ඡායාව දෙස මුරකාර මිතුරාගේ දැස් යොමුවිනි. මොහු තම මිතුරාම බව අඳුනා ගැනීමට ඔහුට වැඩි වෙලාවක් ගත නොවීය.

කැලෑ රොදින් එළියට ආ මුරකාර මිතුරා පැමිණී පුද්ගලයා තදින්ම අල්ලා බදා ගත්තේ හොරෙක් සේ අඟවමිනි.


“මේ...මේ..කොහේද මං මේ...” මිතුරා නින්දෙන් අවදි වූවෙකු සේ කතා කරන්නට විය.


 අප්පේ මචං උඹට හමුවුන හින්දා හොඳයි නැත්නම් දිය කඩිත්තක් පෑගෙන කල්ම මම මේ ගමන යනවා.”


යැයි මිතුරා තම මුරකාර මිතුරාට සත්‍ය වසන් කරමින් රඟපෑමක් කළේය. මෙය තේරුම් ගත් මුරකාර මිතුරා ද ඒ ලෙසම හැසිරෙන්නට වූයේ කිසිවක් නොදත් අයුරිනි.


 ඉතිං මචං මාර ලෙඬේනේ මගදි මොකක් හරි අනතුරක් වුණා නම් සතෙක් සර්පයෙක් කෑවා නම් මොනවා කරන්නද යැයි මුරකාර මිතුරා තම මිතුරාට පැවසුයේ තවදුරටත් වැඩි විස්තර දැන ගැනීමේ අටියෙනි.


 “ඔව්. බං දැන් මාස 6 ක විතර ඉඳලා මම මේ විදියට හීනෙන් ඇවිදිනවා. අපේ නෝනා තෙත ගෝනියක් දානවා ඉස්සරහා දොර ළඟට මම අද මේ ඇවිත් තියෙන්නේ පිටිපස්සේ දොරෙන්නේ.” යැයි මිතුරා මුරකාර මිතුරාට කියා ඇත.


 සියල්ල තම සැකය සනාථ කරමින් සිදුවී ඇති අයුරු වටහා ගත් මුරකාර මිතුරා තම මිතුරාට මෙසේ කීවෙලු.


“මචං අද ගිහින් නෝනට කියපං දොරවල් දෙක ළඟටම තෙත ගෝනි දෙකක් දාන්න කියලා. නැත්නම් උඹට ළඟදීම ලොකු අනතුරක් වේවි.”


එසේ පවසා මුරකාර මිතුරා නික්ම ගියේලු. ඉන්පසු ඔවුන්ගේ ගජ මිතුරුකමට ද තිත තැබී ඇත.



අදහස් (0)

මිතුරාගේ බිරිඳට බැල්ම දාන්න යාළුවා හීනෙන් ඇවිදියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 627 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 762 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 323 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site