IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මුත්‍ර පරීක්ෂණයට වතුර කවලම් කරගෙන රටයාමේ සිහිනය බොඳවෙලා

 (කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
වෛද්‍ය පරීක්ෂණයට අපූරු මුත්‍ර සාම්පලයක්  ඉදිරිපත් කර අලි අමාරුවක වැටුණු කෙනෙකු පිළිබඳව දකුණෙන් අසන්නට ලැබුණේ මේ ඊයේ පෙරේදාය.


විදෙස් රටකට යාමට පැවති වෛද්‍ය පරීක්ෂණයකි. ඒ සඳහා සහභාගි වූ රැසකි. වෛද්‍ය පරීක්ෂණය අකුරටම පැවැත්වුණි. එහි අඩු පාඩු පැවතියහොත් රට නොව මෙරට සිටීම අනිවාර්යය. ඒ තරමටම ඒ පරීක්ෂණය සැරටම පැවතියේය.


වකුගඩු, සීනි ආදී අසනීප පැවති අයෙක්ද මේ පරීක්ෂණයට සහභාගි වී සිටියේය. ඔහු කෙසේ හෝ මේ පරීක්ෂණය සමත්වී රට යාම සිහිනයක් කරගෙන සිටියේය. ඔහුගේද මුත්‍ර සාම්පලය පරීක්ෂණය සඳහා ලබා දුන්නේය.


 මුත්‍ර සාම්පල් පරීක්ෂණයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් පිරිස නොඉවසිල්ලෙන් සිටියහ. ඒ අතරතුරදී මුත්‍ර සාම්පල් පරීක්ෂණයට සම්බන්ධව සිටි නිලධාරියෙක් මුත්‍ර සාම්පලයක් උස්සාගෙන ආවේය. එහි අයිතිකරුගේ නම කියා ඔහු කෑගැසීය.


අයිසේ තමුසේ මුත්‍ර කරන්නේ නැත්නම් වතුරද කරන්නේ යයි එම නිලධාරියා ඇසුවේ දෙනෝදාහක් මධ්‍යයේය. කාරණය කාටත් පැහැදිලිය. මුත්‍රා සාම්පලයට වැඩි වශයෙන්ම වතුර කවලම් කොට ඇති බව අවට සිටියවුන්ට දැනගන්නට ලැබෙන විටත් රටයාමේ සිහිනය බොඳකරගෙන ඔහු එතනින් මාරුවී හමාරය.

 



අදහස් (0)

මුත්‍ර පරීක්ෂණයට වතුර කවලම් කරගෙන රටයාමේ සිහිනය බොඳවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 17 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site