IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


මැණිකට ලොබ බැඳ ඒකත් මුදලත් දෙකම නැතිකරගෙන

විශාල මුදලක් වැය කර ව්‍යාජ මැණික් ගලක් ලබාගෙන මුදලත් මැණික් ගලත් දෙකම අහිමි කරගත් මුදලට දැඩි ගිජුකමක් දක්වමින් ජීවත්වූ මුදලාලි කෙනෙකු  පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.

තොග වෙළෙදාම මෙන්ම සිල්ලර වෙළෙඳාම සිදුකිරීම සිය ජීවිකාව කරගත් තරුණ මුදලාලි අතිශයෝක්තියට දැඩි කැමැත්තක් දැක්වූවෙකි. කවමදාකවත් ව්‍යාපාරයේ ලාබ ලබන බවක් ඔහු නොපවසන අතර පාඩු පිට සේවයක් ලෙස වෙළෙඳාම් කරන බවට නිතරම පුරසාරම් දෙඩීම දින චරියාවේ සුපුරුදු අංගයක් විය. අත්‍යාවශ්‍යම හේතුවකට නිවාඩුවක් ලබා ගැනීමට අවශ්‍ය වූ විට බිරිඳ වෙළෙඳසලේ නතර කිරීමට ද ඔහු වගබලා ගත්තේය.

මුදල් තැන්පත් කිරීම සඳහා බැංකුවට ගිය මුදලාලි බැංකුවේ සිටි පුද්ගලයකු කතා කරමින් සිටි දුරකථන ඇමතුමකට සවන්දීගෙන සිටියේය. මැණික් ගලක් අලෙවි කිරීමක් පිළිබඳව එම පුද්ගලයා කතා කරමින් සිටි අතර එය මිලදී ගැනීමට මුදලාලිට ආශාවක් ඇති විය. පසුව එම පුද්ගලයා සමග දොඩමළු වූ මුදලාලි මැණික් ගල මිලදී ගැනීමට සූදානම් බව පැවසුවේය.

වෙනත් අයෙකුට මැණික ලබාදීමට පොරොන්දු වී ඇති නිසා ගනුදෙනුවට එම පුද්ගලයා අකමැත්ත පළකළේය.  කෙසේ හෝ වටිනා මැණික් ගල මිලදී ගෙන මැණික් ව්‍යාපාරිකයකුට අලෙවි කර විශාල ලාභයක් ලබා ගැනීමේ සිතුවිල්ල පහලවූ මුදලාලි ගනුදෙනුවට එකඟ කර ගත්තේය. ගනුදෙනුව රහසක් ලෙස තබාගන්නා ලෙස මැණික් ගල රැගෙන පැමිණි පුද්ගලයාගෙන් ඉල්ලා සිටි මුදලාලි ගනුදෙනුව සඳහා වේලාවක් ද කඩිනමින් යොදා ගත්තේය.

මැණික් ගලෙහි වටිනාකම යැයි පැවසෙන මුදල නෝට්ටුවලින් සකසා පරණ හාල් මල්ලකට දමා මුදලාලි විසින්  මැණික් ගල රැගෙන පැමිණි පුද්ගලයාට ලබාදී  සිය කඩය පිටිපස කොටසේදී ගනුදෙනුව සිදුකර ඇති බව පැවසේ.

දින කිහිපයක් ගතවීමෙන් පසු මුදලාලි මැණික් ගල අලෙවි කිරීම සඳහා ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකු හමුවීමට ගියේ බිරිද සමගින් වන අතර, ගල මැරුණු මැණික් ගලක් බවත් මෙහි කිසිදු වටිනාකමක් නොමැති බවත් මැණික් ගල පරීක්ෂා කළ ව්‍යාපාරිකයා පැවසීමත් සමග මුදලාලිට උන් හිටි තැන් අමතක විය.

 ගනුදෙනුවක් කිරීමේදී කිසිදු ලිඛිත සාක්ෂියක් නොමැති නිසා නීතිය හමුවේ ගනුදෙනුව සනාථ නොවන බව බිරිඳ පැහැදිලි කර දුන්නාය.

හක්මණ විශේෂ 
දෙනගම යසන්ත ආරියසේන



අදහස් (0)

මැණිකට ලොබ බැඳ ඒකත් මුදලත් දෙකම නැතිකරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17645 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site