IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මචංලාගේ බයිට් එකට විදින්න ඇවිත් ලණුවක් කාලා

එක බඩවැල කඩාගෙන උපන් සහෝදරයන් සිව්දෙනෙක් මෙන් ගජ මිතුරන් සිව් දෙනෙකි. මෙයින් තිදෙනෙක් මත් වතුර පානය හා දුම්පානය කරති. එහෙත් දේහධාරී අනෙක්  මිතුරා මත් වතුරෙන් හා දුම්පානයෙන් වැළකී සිටින්නෙකි. සමාජයේ බොහෝ පිළිගැනීමක් තිබෙන මොහුට සෑම තැනකම මිතුරෝ වෙති.


පුහු ආටෝපවලට ඇබ්බැහි නොවූ මොහුගේ කොණ්ඩයේ කළු පාටට වඩා වැඩියෙන් ඇත්තේ සුදු පාටය. මොහු මත් වතුර භාවිතා නොකළත් මත් වතුර ගන්නා මිතුරන් ළඟ සිටිමින් බයිට් කෑමට ගිජුකමක් දක්වයි. මේ නිසා බොහෝ මිතුරෝ  මත් වතුර පානය කිරීමේදී මොහු ළංකර ගැනීමට මැලිකමක් දක්වති.


පසුගිය දිනෙක වෙස් මුහුණුවලට සහ රූකඩවලට ප්‍රසිද්ධ  නගරයක අවන් හලක් අසලදී  මොහුට මෙම ගජ මිතුරන් තිදෙනකු හමුවිය.


‘හලෝ මචංලා  කොහොමද..? ගොඩ කාලයකින් හමු වුණේ’ අපි තුන් දෙනා ආවා මේ ටවුන් එකට පොඩි වැඩකට. තව යාළුවෙක් එනව කියල කිව්වා එයා එනතුරු අපි ඉන්නේ.’


‘අද සෙට් වෙන්න වගෙයි හදන්නේ...‘


‘අපි සෙට් වුණාට වැඩක් නැහැ උඹ සෙට් වෙන්නේ නැහැ නේද..? ‘මිතු‍රෝ ඇසූහ.


‘හරි..හරි..මම සෙට් නොවුණට මම හැමදාම උඹල ළඟ ඉන්නවා නේ.’ මිතුරා කීය.


‘හා..හා.. යමු කියමින් මොහුද කැටුව සියල්ලෝම අවන්හලට ගොඩ වූහ.


කෑමට අවශ්‍ය සියලු‍ බයිට් වර්ග ඕඩර් කළ මිතුරන් තිදෙනා පිටව  ගියේ තවත් මිතුරකු කැඳවාගෙන ඒමට බව කියමිනි. අපි ඉක්මනට එනවා. කොහේවත් නොයා ඉන්න යැයි කියමින් මිතුරන් තුන් දෙනා  පිටව ගියහ.


මිතුරන් තුන් දෙනා පිටව ගිහින් සුළු වෙලාවකින් රෝස් කළ කුකුළන් ඇතුළු බයිට් වර්ග රැසක් මොහු සිටි මේසය මත වේටර්වරයා ගෙනැවිත් තැබුවේය.


මිතුරන් තුන් දෙනාට හොඳ ලණුවක් දීමේ අදහසින් මොහු ගෙනැවිත් තැබූ බයිට් වර්ග සියල්ල කා දැමුවේ සැන්ඩි වලට ගෙනෙන ලද පැණි බීම බෝතලයද හිස් කරමිනි. ඉතා සතුටින් බයිට් කා සිටියත් මිතුරන් තුන් දෙනාගේ පැමිණීම මොහොතින් මොහොත පමා විය. පැයක පමණ කාලයක් ගත වූ විට මොහු මිතුරන් තුන් දෙනාට දුරකතන ඇමතුම් ගත් විටදී ඔවුන් පවසා සිටියේ ළඟම ඉන්නේ තව විනාඩි පහකින්  පැමිණෙන බවත් කොහේවත් නොයා සිටින ලෙසත්ය. එහෙත් මිතුරන්ගේ පැමිණීම තව තවත් පමාවිය. පසුව මොහු මිතුරන්ට ඇමතුම් ගන්නා විට තුන් දෙනාගේම දුරකතන විසංධි කර තිබිණි.


පැය දෙකකට වැඩි කාලයක් ඉක්ම ගියත් මිතුරන් නොපැමිණි නිසා මොහු අවන්හලෙන් පිටවී යාමට සූදනම් වෙද්දී වේටර්වරයා බිලක් ගෙනැවිත් තැබුවේය. බිලේ ගණන දුටු  ඔහුට හීන් දහඩිය දමා දෙවියන් සිහිවිය.


ඒ සැණින් තවත් මිතුරන් කිහිප දෙනෙකුගෙන් ඇමතුම් ගලා එන්නට විය. ඒ සියල්ලෙන්ම කියවුණේ හා.. කොහොමද බයිට් එක රසද..?‘ යනුවෙනි. අනුන්ට ලණුවක් දීමට ආ තමාට ලණුවක් කන්න සිදු වුණා යැයි කටින් පිටවුණේ ඉබේටමය.  


කරකියාගත හැකි දෙයක් නොවූයෙන් බිරිඳට අවශ්‍ය බෙහෙත් වර්ග කිහිපයක්  ගෙන යාමට අතේ තිබූ මුදල් වලින් බිල ගෙවා අවන්හලෙන් පිටවූයේ නැවත මේ වගේ ලණු කන්නේ නැතැයි මුමුණමිනි.

බළපිටියේ එ්.ඒ.වයි.ද සිල්වා



අදහස් (0)

මචංලාගේ බයිට් එකට විදින්න ඇවිත් ලණුවක් කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 50 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site