ගමේ අහල පහළ නිවැසියන් වූ නිමල් හා සුමනා පාසල් වියේ සිටම එකට එක්වී සොයුරුදා මෙන් කාලය ගෙවුවත් වියපත් විමේ දී මේ දෙදෙනා ආදර වන්තයන් බවට පත් වූයේ නොදැනුවත්මය.
මේ ගැන හාංකාවිසියක්වත් නොදත් සුමනාගේ මවුපියෝ ඇයට මඟුල් කපුවෙකුගේ යෝජනාවක් මගින් දුර බැහැර පළාතක තරුණයෙකුට ඇය විවාහ කරදීමට සියලු කටයුතු සුදානම් කළහ. නිමල් හා සුමනා අතර සම්බන්ධයක් ඇතැයි නිවැසියන් පවා සැක නොකරන ලද්දේ කුඩා කල පටන්ම ඔවුන් දෙදෙනා හිතවත්ව ඇසුරු කළ බැවිනි.
මේ අතර මේ දෙදෙනා කතා කරගත් පරිදි මඟුල් දිනය එළඹීමට මත්තෙන් නිවෙසින් පලා යෑමට ඔවුහු සියල්ල සුදානම් කර ගත්හ. තමන් කුඩා අවදියේ සිට ආදරය කළ නිමල් හා විවාහ වී දුර පළාතකට ගොස් හොඳින් ජීවත් වන බවත් ඔවුන් ගැන සොයා බැලීම අනවශ්‍ය බවත් දන්වා තම මවුපියනට ලිපියක් ලියා තැබීමට ද සුමනා අමතක නොකළාය. මඟුල්දා උදාවිය. සුමනා නිවෙසේ නැති බව දුටු මවුපියන්ට දෙලෝ රත්වී විලාප නගමින් දුවපනිද්දී ඇය ලියා තබා ගොස් ඇති ලිපිය හමුවිය. තව නොබෝ වේලාවකින් මනාලිය කැන්දා යාමට මනාලයා ආවිට කුමක් කරන්නද? ඔවුන්ට කදිම උපායක් කල්පනා විය. මඟුල ජෝඩු කළ කපුවාගේ දීග යන වයසේ සිටින දියණියක් ඇති බව ඔවුන් දන්නා බැවින් වහාම ඔහු යවා තම නිවෙසට ගෙන්වා මනාලියගේ අඩුව ඇයගෙන් පිරිමසා ගත්හ.
නියමිත වේලාවට මනාලයා තම නැදෑ පිරිස සමඟ පැමිණි අතර, මංගල්‍යයේ කටයුතු නොපිරිහෙලා ඉටු කෙරිණි. පොරොන්දු වූ පිරිදි ඉඩකඩම්, හරකබාන, මිල මුදල් ආදි දායාදය ද සුමනා වෙනුවෙන් නව මනාලියට පිරි නැමුණි. මනාලිය පැන ගිය බැවින් කපුවාගේ දෝණියට පෙර පිණක් පෑදුන බව ගමපුරා ආරංචි විය.
මතුගම පියසේන දොඩන්ගොඩ
2025 දෙසැම්බර් මස 18
24
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මඟුල්දා මනාලිය පැනගියාම කපුවාගේ දියණියට ඉල්ලමක් පෑදිලා