IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මඟුලේදී දෑවැද්ද එපා වූ ගුරු නැන්දම්මා ලේලි එක්ක ඇවිළෙයි

(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
දෑවැදි එපා කියා  වසර පහකට පෙර පුතාට  කැන්දාගෙන ආ  ලේලියගෙන් ගුරු නැන්දම්මා දෑවැද්ද ඉල්ලූ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.


වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.


 කෑගල්ල නගරයට ආසන්න ගමකි. මේ ගමේ මීට වසර දෙකකට පමණ ඉහතදී ගුරුවෘත්තියේ සේවය කොට විශ්‍රාම ලැබූ කාන්තාවක් සිටින්නීය. ඇය පුතුන් දෙදෙනකුගේ සහ දියණියකගේ මවකි. සැමියා ද විශ්‍රාමිකයෙකි. මෙම විශ්‍රාමික ගුරු මාතාවගේ මව්පියන් මිය යෑමෙන් පසු  ඔවුන් භුක්ති විඳිමින් සිටි නගරය ආසන්නයේ ඉඩම් කඩම් ඇයට හිමි වූවාය. එම ඉඩම්වල වටිනාකම කෝටි ගණනකි. ඇයගේ වැඩිමහල් පුතා අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඇඟළුම් ආයතනයක සේවය කරයි. එම ඇඟළුම් ආයතනයේ සේවය කරමින් සිටින අවස්ථාවේදී තරුණයා අවිස්සාවේල්ල ප්‍රදේශයේ තරුණියක හඳුනා ගත්තේය. දරුවාගේ කල වයසත්  සම්පූර්ණ වීමත් ගැන සිතූ විශ්‍රාමික ගුරුවරිය සහ ඇගේ සැමියා දෑවැදි කිසිවක් අවශ්‍ය නැති බවත්  තියෙන  ඉඩම් කඩම් රැක බලාගෙන ජීවත්වීමට හැකි තරුණියක් ප්‍රමාණවත් යැයි පවසා තරුණියගේ මව්පියන්ද දැනුවත් කර දෙපාර්ශ්වයේම කැමැත්ත පරිදි විවාහ මංගල්‍යය පැවැත්වීමට සූදානම් කෙරිණි. 


විවාහ මංගල්‍යය ඉතා උත්කර්ෂවත් අයුරින් පළමු දින දෙහිඕවිට ප්‍රදේශයේදීත් දෙවැනි දින වූ මනාලයාගේ පාර්ශ්වයේ උත්සවය පින්නවල ප්‍රදේශයේ උත්සව ශාලාවකත්  ජයටම  ගැනීමට කටයුතු සිදුකර තිබුණි.


දෑවැද්ද අවශ්‍ය නැති බව මනාලයාගේ මව ප්‍රකාශ කිරීම හේතුවෙන් එදා මනාලිය මනාලයාගේ නිවසට පැමිණෙන අවස්ථාවේදී රැගෙන ආවේ තමන්ට අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම් ටික පමණි. පුතාගේ විවාහයෙන් පසුව නැන්දම්මා ලේලිය රැකියාවට යාමද නවතා දැමුවාය. ගෙදර දොරේ වැඩ ටික කරගනිමින් ජීවත්වන ලෙසද ඇය කිහිප වරක් ලේලියට කීවාය. 


දැන් ලේලියට වයස අවුරුදු 3ක පිරිමි දරුවෙක් සිටී. තවත් දරුවකු බිහි කිරීමටද ඇය සූදානමින් සිටින්නීය. පුතා අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයේ රැකියාවට පිටත්ව ගියාට පසු  ගුරු නැන්දම්මා ලේලියගේ අඩු පාඩු කියමින් දෙදෙනා අතර කලක සිට මත ගැටුම් ඇතිකර ගත්තාය. ලේලිය කෑවත් හොඳ නැත. ඇය අමාරුවෙන් සැමියාගේ සහ තමාගේ රෙදි ටික සේදුවත් හොඳ නැත. ඇඟේ අමාරුවට ටිකක් නිදා ගත්තද නැන්දම්මාට හොඳ නැත.  ගෙනාපු දෑවැද්දකුත් නැතැයි පවසමින් ඇයට දොස් කියන්නට පටන් ගත්තාය.


ඇය දින කිහිපයක් සිය සැමියාට මේ බව නොදන්වා සිටියද  එන්න එන්නම දෑවැදි කතාව මතුවීම නිසා දුකට පත් ගැබිනි මව දිනක් ගුරු නැන්දම්මාගේ ප්‍රශ්නය තම සැමියාට කීවාය. පසුව ඔහුද සිය මවට මේ සම්බන්ධයෙන් කරුණු  කාරණා පැහැදිලි කර දුන්නද ඇය සත පහකට එය ගණන් ගත්තේද නැත. බැරිම තැන දිනක් ඇඳුම් ටිකක් බෑගයකට දමාගෙන දරුවාත් සමග ගැබිනි මව යළි මව්පියන් ළඟට යන බව සැමියාට දැන්වීමෙන් පසුව ඔවුන් කුලී පදනම මත ගත් නිවසකට ගොස් ඇති බවද මේ වනවිට වාර්තා වෙයි.



අදහස් (1)

මඟුලේදී දෑවැද්ද එපා වූ ගුරු නැන්දම්මා ලේලි එක්ක ඇවිළෙයි

sampath Monday, 01 March 2021 06:48 PM

ලංකාවේ පවුල් ආරාවුල් වැඩි ප්‍රමාණයකට මුල දෙමව්පියන්..

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 458 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site