(නාමල් ශ්‍රී ලියනගේ කොස්ගොඩ)
හිතවත් අයකුගේ මඟුල් කෑමට ගොස් දුන් ගණනට අඩු මුදලක් තමන්ගේ දුවගේ කොටහළු මඟුල් දා දීම නිසා කෝපයට පත් කාන්තාවක අඩු මුදල ඉල්ලා අසල් වැසියාගේ නිවෙසට යෑමේ සිද්ධියක් බළපිටියෙන් වාර්තා වේ.
සිද්ධිය සැකවින් මෙසේය.
මෙම තැනැත්තිය විවාහ මංගල උත්සවයකට ගියදා රුපියල් 2000 ක් දී ඇත. එම පිරිස තම දුවගේ මඟුල් ගෙදරට පැමිණි දී ඇති ලියුම් කවරය පරීක්‍ෂා කිරීමේදී තිබී ඇත්තේ ඊටත් රුපියල් 500/- ක් අඩුවෙන් රුපියල් 1500 කි.
මෙයින් කෝපයට පත් කාන්තාව පසුවදා හිතවතාගේ නිවෙසට ගොස් අඩුවෙන් දීම ගැන දොස් පවරා ඉතිරි මුදලට පොලියත් එක්ක රුපියල් 1000 ක් වත් දෙන මෙන් ඇවිටිලි කර ඇත.
එම මුදල එදිනම සවස දෙන බවට පොරොන්දු වීමෙන් පසු ඇය ආපසු ගොස් තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ පැත්තේ මිනිස්සුන්ගේ හැටි කොහොමත් රටම දන්නවනේ
අනේ බොරු නොලියා ඉන්න.
ඔය නම් බොරු, අපේ ගම් පළාත්වල ඔහොම කපටි වැඩ සිද්ධ වෙන්නේ නැහැ...
අනේ රටට ගිය කල . තෑගි වලටත් පොලි ඉල්ලන තරමට මිනිස්සු නරක වෙලා. සල්ලි මතම හැමදේම කරන්න ගියාම මිනිසුන්ගේ මනස විකුර්ති වෙනවා මගුල් ගෙදර හෝටලේක තියෙන්න ඇති. කොටහළු මගුල තියෙන්න ඇත්තේ ගෙදර වෙන්න ඇති . දුන්න ගාන අඩුඋනත් 1500 නිසා ලැබුණු ලාබය වැඩි වෙන්න පුළුවන්
මේ කතාව ඇත්ත.
අපෝ, ඔය දකුණේ උදවිය ඔහොම තමයි. හරි අමුතුයි, කපටියි ඒ වගේම ප්‍රචණ්ඩකාරියි. වෙන පැතිවල අය ඔහේ ගිහින් ජීවත් වෙන්න ගියොත් එපාම වෙනවා.
අපෝ ! අපේ පැත්තටත් ඔය බලපිටියෙන් කට්ටියක් අලුතෙන් පදිංචියට ඇවිල්ල ඉන්නවා .( එහෙ දාල අවේ මොකද කියල කවුරුවත් දන්නේ නැහැ )ඇවිල්ල ටිකකලක් යනකොට පොඩි දේටත් අහල පහල මිනිස්සු ඔක්කොමත් එක්ක රන්ඩු කරන්න පටන ගත්ත , හැබයි හතර පෝයට සිල්නම් ගන්නවා පන්සලේ