(තිහගොඩ උපසේන ලියනගම)
සිය පුතු නිවෙසට කැඳවාගෙන ආ මනාලිය හඳුනාගැනීමට මවුපියන්ට නොහැකිවීමේ අපූරු සිදුවීමක් පසුගියදා අසන්නට ලැබුණේ සතුන් පිළිබඳ උද්‍යානයක් ඇති බස්නාහිර පළාතේ නිවෙසකිනි.
එතරම් වත්පොහොසත් කමක් නැති වුවද හොඳින් ඉගෙන ගත් මෙම පුතා පෞද්ගලික ආයතනයක සේවයට පැමිණ උපකාරක පන්ති හේතුවෙන් තරමක ධනවතකු වූ අතර දැන හඳුනාගත් තරුණියක සමඟ මවුපියන්ට හොරෙන් විවාහවීමට කටයුතු කළේ ඇය එතරම් රූමත් එකියක නොවීම හේතුවෙනි. එහෙත් යහළුවන් මගින් තම පුතා විවාහ වන දිනය දැනගත් මවුපියන් එහි ගියේ පුතාටද දොස් පවරමිනි.
මංගල්‍ය දිනයේ මනාලිය මනා හැඩැති රන්වන් පැහැයෙන් යුත් තැතැන්තියක වීම මනාලයාගේ මවට මහා සතුටක් ගෙන දුන්නාය. මඟුල් උත්සවයෙන් පසු ඇය පුතාට කීවේ තැන් තැන්වල නොගොස් දෙවැනි ගමන සිය නිවෙසට එන ලෙසටය. පුතා එසේ කළේය.
එහෙත් එදින ලේලිය දුටු මවට ඇය හඳුනා ගත නොහැකි වූයේ ඇයගේ වියපත් කළු පැහැති මුහුණ නිසාය. ඇය රහසේ පුතුගෙන් ඇසුවේ මේ එදා සිටි මනාලියද කියාය.
කාමරයේ සිටි සිය මනාලියට මේ බව ඔහු කීවේ එදා කළ මේකප් එක නැති නිසා මව රැවටී ඇති බවයි. එවිට බිරිය ඔහුට කීවේ අපූරු කතාවකි.
‘‘මේකප් එක නෙවෙයි දැන් අම්මලගෙ ඇස් පේනවා අඩු ඇති. අනික අපි පසුගිය දවස් දෙකේ හරියට නිදි මැරුවානේ’’ කියාය.
2025 ඔක්තෝබර් මස 08
1982
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මඟුලට පස්සේ පුතාගේ මනාලිය දැක්ක නැන්දම්මාට තරු පෙනිලා