IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මඟුලේ මදුවිත නැතුව බජට් එක කපලා

(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
තමා සහභාගි වූ මංගල උත්සවයේ මත්පැන් සාදයක් නොතිබීමත්, ගෙදර ගෙනයාමට කෑම පාර්සලයක් නොලැබීමත් නිසා දීමට ගිය තෑගි මුදලෙන් බාගයක් පිරිනැමූ පුද්ගලයකු පිළිබඳව පුවතක් පසුගියදා දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 


 බොහෝ දෙනා හඳුනාගෙන ඇති පරිදි ඔහු බෙහෙවින් මසුරු පුද්ගලයෙකි. මසුරු බව කොතෙක් ද යත් රුපියල දෙකට ගැලවිය හැකිනම් ඒකත් දෙකට ගලවා රුපියල් දෙකක් ලෙස භාවිත කිරීමට ඔහු පසුබට නොවේ.


 තමාට ලැබෙන වාසිය ගැනම පමණක් සිතා සෑම විටම කටයුතු කරන හෙතෙම, මඟු‍ල් ගෙදරකට, දානෙ ගෙදරකට හෝ එවැනි අවස්ථාවකට සහභාගි වුවහොත් ආපසු නිවෙසට එන විට කෑම පාර්සලයක් ඉල්ලාගෙන ඒමට අමතක නොකරයි.


පසුගිය දිනෙක මංගල උත්සවයක් සඳහා ඔහුට ඇරයුම් ලැබිණ.  උත්සවය පැවතියේ කිලෝ මීටර් හැට හැත්තෑවක් ඈතින් පිහිටි උත්සව ශාලාවකය.


උත්සවයට යාමට පෙර සිය බිරිඳ ඇමතූ ඔහු  මඟුල් ගෙදරට කීයක් විතර දිය යුතුදැයි බිරිඳගෙන් ඇසුවේය. ඔවුන්ගේ පුතාගේ මංගල උත්සවයට ඒ අය රුපියල් 3000/=ක් දී තිබූ බැවින්  රුපියල් 5000/=වත් දිය යුතු යැයි බිරිඳ යෝජනා කළාය. 


එම යෝජනාවට එරෙහිව යමක් නොපැවසුවද මංගල උත්සවයේ දී ලැබෙන සංග්‍රහ සත්කාර පිළිබඳව සලකා බලා දෙන මුදල තීරණය කිරීමට ඉටාගත් හෙතෙම නම ලියූ ලියුම් කවරයක් ද දාහෙ පන්සීයෙ නෝට්ටු කීපයක් ද පසුම්බියට දමා ගත්තේය.


මංගල උත්සවයේ දිවා භෝජන සංග්‍රහය ඉතාමත් ඉහළ මට්ටමෙන් තිබුණ ද මත්පැන් නොතිබීම නිසා ඔහුගේ සුරා මතින් සැනසීමේ බලාපොරොත්තුව හිරු දුටු පිණි මෙන් සුන්වී ගියේය. (සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එම දිනවල මංගල උත්සවවලට මත්පැන් සඳහා අවසර නොලැබිණි)


ඔහු ගම් ප්‍රදේශයේ ප්‍රකට මත්පැන් ලෝලියෙකු වුව ද තම අතින් වියදම් නොකර කාගේ හෝ දතක් ගැලවීමට උපන් හපනෙකි.
 දිවා භෝජනයෙන් පසුව මනමාලියගේ පියා අසලට කිට්ටු වූ හෙතෙම  ඔහුගේ කනට කර ‘‘මල්ලි මට ගෙදර ගෙනියන්න කෑම එකක් ගන්න පුළුවන් වෙයි ද  දන්නෙ  නෑ නේ ද?”‍ යැයි විමසීය.


‘‘අනේ අයියෙ ගමේ මඟුල් ගෙවල්වලින් වගේ මේවයින් කෑම පාර්සල් ගෙනියන්න ඉල්ලන්න බැහැනේ”‍ යැයි  ලැබුණු පිළිතුරෙන්  ඔහුගේ දෙවන බලාපොරොත්තුව ද සුන්වී ගියේය. 


උත්සවය අවසානයේ තෑගි බෝග පිරිනැමීමේ අවස්ථාව එළඹිණ. 
බිරිඳ කීවාට රුපියල් පන් දහසක් දීමට නම් ඔහුගේ සිත කොහෙත්ම ඉඩ දුන්නේ නැත. ගණන අඩු කරන ලෙස සාධාරණ ⁣හේතු ඔහුගේ මසුරු  සිත පුන පුනා ඔහුට කියයි.


 පැමිණි වාහනේට දාහයි, මධුවිත නැති එකට පන්සීයයි, කෑම පාර්සලයට පන්සීයයි. අඩු කළා දෙදාහයි. 


ණයත් කැපෙනවනේ, තුන් දාහ ඇති.


ඔහු ගණන සාධාරණීකරණය  කළේය. තුන් දහසේ ලියුම් කවරය නව යුවළට දී සුබ පැතුවේය .


 මුදලෙන් රුපියල් 2000/=ක් අඩු කළ බවක් බිරිඳට නොකීමට ඔහු  ප්‍රවේශම් වුවද පසුගිය දිනෙක මිතුරන් සමඟ මදුවිත තොලගා බමර පදම් වී පම්පෝරි කියද්දී මඟුල් ගෙදරට ගිය බජට් එක ඔහුත් නොදැනීම ඔහුගේ කටින් ම එළියට පැන්නාලු‍.



අදහස් (0)

මඟුලේ මදුවිත නැතුව බජට් එක කපලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 691 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site