IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


මඟු‍ල් දා රැග් එකෙන් බේරාගන්න මාමණ්ඩි මැරයන් අරන් ගිහින්


වියලු‍ව වාර්තාකරු 



තම දියණියගේ විවාහ මංගල්‍යය දා දියණියටත් සිය අනාගත බෑනාටත් ඔවුන්ගේ මිතුරන්ගෙන් අත් විඳින්නට සිදුවන නවක වදයෙන් බේරා ගැනීම සඳහා තම ගම්මානයේ සිට මැර පිරිසක් රැගෙන ගොස් සූදානමින් තැබූ මාමණ්ඩියකු පිළිබඳ පුවතකි.
 සිද්ධිය මෙසේය.
 ඔහු නගරබද ප්‍රදේශයක තරුණයෙකි. රජයේ රැකියාවක නිරතවූවෙකි. ග්‍රාමීය ප්‍රදේශයක සිට රැකියාවට පැමිණි ඇයද සේවය කළේ ඔහු සේවය කළ ආයතනයේමය. කලෙක සිට පැවැති දෙදෙනාගේ දැන හැදුනුම්කම ආදරයක් බවට පෙරලු‍නි. ආදර සබදතාව කෙළවර වූවේ විවාහ යෝජනාවකිනි. ඒ දෙපාර්ශ්වයේම ඥාතීන්ගේ ආශිර්වාද මැද්දේය.
තරුණයාගේ පාර්ශ්වයේ උදවිය නගරයේ හැදී වැඩුනු අය වීම නිසාම මනාලයා මෙන්ම ඔහුගේ පාර්ශවයේ පිරිස ද තරමක් සංකර වූ අතර මනාලියගේ පියාට සිය බෑනනුවන්ගේ අඩුවක් ලෙස දැනුනේ නම් ඒ එම සංකර බව පමණි. එහෙත් අනාගත බෑනා අත්හැර දමන්නට ඔහු අකමැති වූයේ ඔහු තුළ තිබූ ආකර්ෂණීය පෙනුමත් ධනය මෙන්ම බලයත් උගත්කමත් නිසාය.


විවාහය තීන්දු කෙරුණේ සම්ප්‍රදායික නැකත් චාරිත්‍ර වාරිත්‍රවලටද ගරු කරමිනි. නගරයේ ප්‍රසිද්ධ හෝටලයක මංගල උත්සවය පැවැතියේ දෙපිරිසේම නෑ හිතවතුන්ගේ සහභාගීත්වයෙනි.
මංගල උළෙල අතරතුර මංගල උත්සවයකට නොගැළපෙන අයුරින් හැඳ පැලඳගත් රස්තියාදුකාර පෙනුමක් ඇති තරුණ පිරිසක් උත්සවය පැවති හෝටලය සහ තැන තැන ගැවසෙනු එහි සිටි බොහෝ දෙනකුගේ අවධානයට ලක් වූ අතර උත්සවයට පැමිණි පිරිස අතර එම පුවත පැතිරෙන්නටද වැඩි වෙලාවක් ගත නොවිණි.
ඒ දුටු ඇතැමුන් පවසා සිටියේ මනමාලියට කලින් ආදරය කළ තරුණයෙකු පැමිණ මංගල උළෙල කඩාකප්පල් කරන්නට සූදානමක් ඇති බවකි. කෙසේ වෙතත් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූයේ මේ තරුණ පිරිස පිළිබඳවය. පසුව දැනගන්නට ලැබුණේ මංගල උත්සවය අවසානයේ දී මනාලයාගේ මිතුරන් පිරිසක් විසින් මනාලියට හා මනාලයාට ලබා දීමට නියමිතව තිබූ නවක වදයෙන් ඔවුන් දෙදෙනා බේරාගෙන මධුසමය ගත කිරීම සඳහා යෑමට අවශ්‍ය ඉඩ සලසා දීම සඳහා මනාලියගේ පියා විසින් මෙම පිරිස කැඳවාගෙන විත් ඇති බවකි. 
මනාලිය හා මනාලයා වෙනුවෙන් තමුන් සැලසුම් කළ නවක වදය අත්හැර දමන්නට උගත් මිතුරන්ට සිදුවූවේ දෙපාර්ශවගේම ආත්ම ගෞරවය රැකදෙමිනි. 



අදහස් (1)

මඟු‍ල් දා රැග් එකෙන් බේරාගන්න මාමණ්ඩි මැරයන් අරන් ගිහින්

ගුණරත්න Wednesday, 11 June 2025 06:37 PM

මාමණ්ඩි මොළකාරයා. ඔය බූරු රැග් නිසා ජීවිතහානිත් වෙලා තිබෙනවා. ඉතින් කරපු දේ හොඳයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 637 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 531 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 433 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site