IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මඟුල් ගෙදරදී පැරැණි පෙම්වතිය දැක ඉහ මොළ රත්වෙලා

කඹුරුපිටිය විශේෂ – කේ. අජිත්



තමා කලින් ඇසුරු කළ පෙම්වතියගේ දියණියගේ මංගල උත්සවයට ගොස් අපහසුතාවට පත්වීමට පෙර උපක්‍රමයකින් යාමය බේරා ගත් පුද්ගලයෙකු පිළිබඳ පුවතක් මාතර දිසාවෙන් වාර්තා වෙයි.
මාතර නගරයෙන් ඈත ග්‍රාමීය පෙදෙසක විසු රජයේ නිලදරුවෙකු වූ ඔහු යම් සමාජ මට්ටමක සිටි පුද්ගලයෙකි. ගමෙහි මෙන්ම අවට ගම්වල ද මංගල හා අවමංගල උත්සවයක්, පිරිත් පිංකමක් මෙන්ම වෙනත් වුවමනාවන් සඳහා මුලිකත්වය ගෙන කටයුතු කළේ ඔහුය. ඒ ඔහු තුළ තිබූ සංවිධාන ශක්තිය හා තැනට උචිත චතුර කථිකත්වය නිසාවෙනි.
දිනක් තම ඥාති පුතෙකුගේ මංගල උත්සවයකට ඇරයුම් ලැබූයෙන් එම ගමනට සුදානම් වුයේ තම අායතනයෙන්ද නිවාඩු අනුමත කර ගැනීමෙන් අනතුරුව තම බිරිය සමගිනි. දුර බැහැරක පැවැති මංගල උත්සවය සඳහා ඔවුන් පිටත් වුයේ මංගල දිනය දා උදෑසනිණි.
මංගල නිවසට පැමිණි ඔවුන් පිළිගනු ලැබුයේ මනාලියගේ පියා විසිනි. ඒ මව තම දියණිය සුදානම් කිරීමේ කටයුතුවල නියැලී සිටීම නිසාවෙනි. පැමිණි පිරිස තේ පැන් සංග්‍රහය භුක්ති විඳීමෙන් අනතුරුව ආ ගිය විස්තර කථා කරමින් සිටින විට ඔහු හට ඉතා හුරු පුරුදු කාන්තා රුවක් දැකගන්නට ලැබූයෙන් ඒ පිළිබඳ සොයා බැලු‍ ඔහුගේ ඉහ මොළ රත්වුයේ තමා මේ ඇවිදින් සිටින්නේ මෙයට වසර 25 කට පමණ පෙර ආදරයෙන් බැඳී සිටි පෙම්වතියගේ දියණියගේ මංගල උත්සවයට බව දැන ගැනීමෙනි. 


වහා ක්‍රියාත්මක වූ ඔහු බොරු ලෙඩක් මවා කඩයකින් මුව ආවරණයක් ගෙන්වා පැළඳ ගත්තේ එම කාන්තාවට තමා කවුරුන්දැයි හඳුනාගත නොහැකි වන්නටය. එතැනින්ද නොනැවතුනු ඔහු කල්පනා කළේ මෙතැන සිටියොත් මංගල කථාවේ දී තමා කවුරුන් ද යන්න මනාලියගේ මව හඳුනා ගන්නා බවත්, ඉන් තමාගේ සමාජ තත්වයට මෙන්ම පවුල් ජීවිතයටත් බලපෑමක් වන බවත්ය.
වහා තම ජංගම දුරකථනය අතට ගත් ඔහු ඇමතුමක් පැමිණි ආකාරයෙන් කතා කරමින්, තමාට ඇරයුම් කළ ගෙහිමියා ළගට ගොස් කලබලයෙන් මෙන් ප්‍රතිචාර දැක්වූයේ “හරි මම දැන්ම එන්නම්” යනුවෙනි. මේ කතාව අසා සිටි ගෙහිමියා “මොකක් ද මහත්තයෝ කරදරයක් ද” යනුවෙන් විමසූ විට, “ඔව් අනේ අයියේ ඊයෙ රෑ අපේ ඔපීස් එකේ දොර කඩලා. මගේ කාමරයේ තිබුණු පරිගණකය අරගෙන ගිහින්. දැන් කතා කළේ ඒ ගැන පොලිසියේ පැමිණිල්ලක් දාන්න යන්න. නැත්නම් මාවත් අත්අඩංගුවට ගනීවි.”
“අනේ එහෙනම් ඉක්මනට යන්න මහත්තයෝ. මම කථාව වෙන කෙනෙකුට පවරන්නම්” යනුවෙන් පැවසීමත් සමග ඔහු එතනින් ලිස්සා ගියේ ඉබ්බා දියට දැම්මාක් මෙනි.



අදහස් (2)

මඟුල් ගෙදරදී පැරැණි පෙම්වතිය දැක ඉහ මොළ රත්වෙලා

Sumana kumara Wednesday, 29 May 2024 02:27 PM

පැරණි පෙම්වතියක් හම්බ වුණා කියලා නම් පැනලා දුවන්න අවශ්‍ය නැහැ. සමහර විට ඒ කාලේම සල්ලිත් ඉල්ලන් පොල්ලක් තියලාම මාරු වෙන්න ඇති...!

:       0       15

Upali Rathnayake Saturday, 01 June 2024 12:26 PM

මම මගේ පැරැණි පෙම්වතිය බලන්න ඇඟේ ගෙදරත් යනවා. එයාගේ හස්බන්ඩ් එක්කත් කතාකරනවා. කිසිම අවුලක් නැහැ. මේ පොර girlfriend ගෙන් සල්ලි අරගෙන පොල්ලක් තියලා වගේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site