මඟුල් ගෙදරකට සහභාගිවී අධික බීමතින් පාන්දර දෙකට පමණ ගෙදර ගිය පුද්ගලයකුට උදේ වනතුරු තම නිවෙස සොයා ගැනීමට නොහැකි වූ සිද්ධියක් කලවාන ප‍්‍රදේශයෙන් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
ඔහු තම යහළුවකුගේ මංගල උත්සවයකට සහභාගී වී පාන්දර දෙක පමණ වනතුරු මිතුරන් සමග මත්පැන් පානය කර නැවත නිවෙස බලා තනිව පිටත්ව තිබේ.
ඔහුගේ නිවෙස පිහිටා ඇත්තේ කුඹුරක් මැදින් යන පාරකය. පාන්දර දෙකේ සිට අසල ඇති හැම කුඹුරකම ඇවිද උදේ වනතුරු නිවෙසට යන හරි පාර සොයා ගැනීමට ඔහුට නොහැකිව ඇත.
උදෑසන පාර සොයා ගන්නා විට ඔහුගේ ඇඟ පුරා මඩ තැවරී සපත්තු කුට්ටම කුඹුරේ එරී තිබී ඇත. පසුවදා උදෑසන ඔහුගේ බිරියගේ දෝස් මුර මැද ඔහු නැවත නිවසින් පිටව ඇත්තේ යළිත් මධුවිත තොල ගෑමටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඇත්තමද නැත්නම් ප්‍රබන්ද කතාද ? (නදී)
හෙළයන්ගේ ජනගහන වරදාන වේගය වැඩිවෙලා තියෙන්නේ ඕකනේ. එළිවෙනකන් ගෙදර හොයනවා. (නදී)
බමන මතේ කොහේ හරි වැටිලා නිදා ගන්නවා මිසක් බීමත් මිනිසෙක් ඔය වගේ හැම කුබුරකම වැටී වැටී ඇවිද ඇවිද ඉන්නේ නැහැ නේද? (නදී)
මේ කතාව මිට කලින් මං කොතැනක හරි දැක්කා. මට මතක හැටියට මේ පුවත් තීරයේම ටිකක් වෙනස් විදියට පළවුණේ. (නදී)
සමහරුන්ට බොන්න ගියාම තැන නොතැන මතක නැහැ (නි)
මේක සිරි ලංකාවේ වුනු දෙයක් හන්ද පිළිගන්න වෙනවා (බ)
ඒක නම් නියම වැඩේ! (නි)
විදුලි පහන් කණුවක ඇති ස්විච් එක ඔබන ගමන් බිමත් මනුස්සයා ගෙදර කවුදෝ කියලා ඇහුවා එක දැකපු පාරේ ගිය කොලු ගැටයෙක් ගෙදර කවුරුවත් නෑ වාගේ නේද අයිය කීවාලු .බීපු මනුස්සයා කිව්වලු වෙන්න්න බැ මල්ලි උඩ තට්ටුවේ ලයිට් දාලනේ කියලා . (ම)
බමන මතින් වැටුනම එතනම වැටි වමනය දමා නිදාගෙන නැද්ද? (නි)