මඟුල් ගෙදරකට සහභාගිවී අධික බීමතින් පාන්දර දෙකට පමණ ගෙදර ගිය පුද්ගලයකුට උදේ වනතුරු තම නිවෙස සොයා ගැනීමට නොහැකි වූ සිද්ධියක් කලවාන ප‍්‍රදේශයෙන් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
ඔහු තම යහළුවකුගේ මංගල උත්සවයකට සහභාගී වී පාන්දර දෙක පමණ වනතුරු මිතුරන් සමග මත්පැන් පානය කර නැවත නිවෙස බලා තනිව පිටත්ව තිබේ.
ඔහුගේ නිවෙස පිහිටා ඇත්තේ කුඹුරක් මැදින් යන පාරකය. පාන්දර දෙකේ සිට අසල ඇති හැම කුඹුරකම ඇවිද උදේ වනතුරු නිවෙසට යන හරි පාර සොයා ගැනීමට ඔහුට නොහැකිව ඇත.
උදෑසන පාර සොයා ගන්නා විට ඔහුගේ ඇඟ පුරා මඩ තැවරී සපත්තු කුට්ටම කුඹුරේ එරී තිබී ඇත. පසුවදා උදෑසන ඔහුගේ බිරියගේ දෝස් මුර මැද ඔහු නැවත නිවසින් පිටව ඇත්තේ යළිත් මධුවිත තොල ගෑමටය.
2025 දෙසැම්බර් මස 04
598
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
507
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
429
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මගුල්ගෙදරදී සප්පායම් වී එළිවනතුරු ගෙදර හොයලා
හේවා Thursday, 25 June 2015 02:34 AM
මේවා ඇත්තමද නැත්නම් ප්‍රබන්ද කතාද ? (නදී)
නීලා Sunday, 28 June 2015 11:49 PM
හෙළයන්ගේ ජනගහන වරදාන වේගය වැඩිවෙලා තියෙන්නේ ඕකනේ. එළිවෙනකන් ගෙදර හොයනවා. (නදී)
රෙජි-සිඩ්නි Thursday, 25 June 2015 04:06 AM
බමන මතේ කොහේ හරි වැටිලා නිදා ගන්නවා මිසක් බීමත් මිනිසෙක් ඔය වගේ හැම කුබුරකම වැටී වැටී ඇවිද ඇවිද ඉන්නේ නැහැ නේද? (නදී)
නෙලුම් Thursday, 25 June 2015 04:13 AM
මේ කතාව මිට කලින් මං කොතැනක හරි දැක්කා. මට මතක හැටියට මේ පුවත් තීරයේම ටිකක් වෙනස් විදියට පළවුණේ. (නදී)
සෙව්මිණි Thursday, 25 June 2015 05:32 PM
සමහරුන්ට බොන්න ගියාම තැන නොතැන මතක නැහැ (නි)
සාරා Sunday, 28 June 2015 07:07 AM
මේක සිරි ලංකාවේ වුනු දෙයක් හන්ද පිළිගන්න වෙනවා (බ)
අජිත් Thursday, 25 June 2015 08:16 AM
ඒක නම් නියම වැඩේ! (නි)
පහන් Thursday, 25 June 2015 09:26 AM
විදුලි පහන් කණුවක ඇති ස්විච් එක ඔබන ගමන් බිමත් මනුස්සයා ගෙදර කවුදෝ කියලා ඇහුවා එක දැකපු පාරේ ගිය කොලු ගැටයෙක් ගෙදර කවුරුවත් නෑ වාගේ නේද අයිය කීවාලු .බීපු මනුස්සයා කිව්වලු වෙන්න්න බැ මල්ලි උඩ තට්ටුවේ ලයිට් දාලනේ කියලා . (ම)
රාධා Thursday, 25 June 2015 11:52 PM
බමන මතින් වැටුනම එතනම වැටි වමනය දමා නිදාගෙන නැද්ද? (නි)