තල් කොළ මාගල් දෙක අපූරුවට කා නිවසේ මුදුන් යට ලීයේ සිට පහළ බලා සිටිනවා යැයි වයෝවෘද්ධ සැමියා ලවා මීයෙකුට ගහපු ලී කැබැල්ලක් නළල් තලයේ ගැටී තුවාල ලබා ඇතැයි කියන වියපත් කාන්තාවක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ගමක වියපත් යුවළක් නිවසක පදිංචිව සිටිති. මෙම යුවළගේ දරුවෝ සිව් දෙනාම විවාහ වී වෙන වෙනම පදිංචිව සිටිති.
වියපත් කාන්තාවගේ තල් කොළ වලින් වියන ලද මාගල් දෙකක් එකට ඔතා කුස්සියේ පසෙක ලණු පොටවල් දෙකකින් සැමියා ලවා වහලයේ එල්ලා තබා තිබේ. මෙම මාගල් දෙක ඇතුළතින් මීට දින කිහිපයකට ඉහතදී මීයෙකු කපන ශබ්දයක් වියපත් කාන්තාව කුස්සියේ කෑම උයමින් සිටින අවස්ථාවක ඇසී ඒ බව සැමියාට කියා තිබේ.
වියපත් පියා පසු දින උදේ ලණු පොටවල් දෙක ලෙහා තල් කොළ මාගල් දෙක කුස්සියෙන් පිටතට ගෙන බැලීමට ගිය අවස්ථාවේ දී මාගල් දෙක ඇතුළත සිටි මීයෙකු පැන නිවස ඇතුළතට දිව ගියේය. පසුව වියපත් යුවළ මාගල් දෙක මිදුලට ගෙන බලන අවස්ථාවේ දී මීයා මාගල් දෙකම කා ඇති අයුරු දැකීමෙන් වියපත් කාන්තාවට මීයා කෙරෙහි දැඩි කේන්තියක් ඇතිවිය.
මාගල් දෙක තිබුණු තැන එල්ලන්න එපා දැන් වැඩක් නෑ වී පෙට්ටිය උඩට දාලා තියන්න යැයි වයෝවෘද්ධ කාන්තාව සැමියාට කිවේය. සැමියා ද මාගල් දෙක ගසා දමා වී පෙට්ටිය උඩට දැමීය.
මීට දින කිහිපයකට ඉහත දී තඩි මීයෙකු වහලයේ මුදුන් යට ලීයේ සිට පහළ බලා සිටින අයුරු උපැස් යුවළ අතරින් වයෝවෘද්ධ කාන්තාව දුටුවාය.” මහත්තයා මහත්තයා අර වහලයේ මුදුන් යට ලීයේ ඉදගෙන පහළ බලාගෙන ඉන්නේ මගේ මාගල් දෙක කාපු මීයා වෙන්න ඕනෑ. ලීයක් අරගෙන අනින්න කෝ ඕකා මැරිලා යන්න... යැයි වයෝවෘද්ධ කාන්තාව කේන්ති ස්වරූපයෙන් වයෝවෘද්ධ සැමියාට පැවසුවාය.
වියපත් පුද්ගලයා ද බිරියගෙන් බේරීමට බැරිම තැන මිදුලේ තිබුණු දිරච්ච ලීයක් රැගෙන පැමිණ බිරිය ද හිනා වේවි උඩ බලාගෙන සිටින අවස්ථාවේ දී ලීයෙන් මීයාට ඇන්නේය.
මීයා දිව ගොස් හැංගුණේය. ලීයේ අග කොටසක් කැඩී කැඩුණු කොටස වියපත් කාන්තාවගේ නළල් තලයේ ගැටී බිමට වැටුණි. නලල් තලයෙන් ලේ පෙරෙන්නට විය. තිගැස්සුණු සැමියා වහාම බිරිය අසල්වැසි ත්‍රීරෝද රථයකින් ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදී ආපසු නිවසට පැමිණියේය. තුවාලය සිදු වූ ආකාරය වියපත් යුවළ ත්‍රීරෝද රථයේ ගමන් කරන අවස්ථාවේ දී රියදුරා වෙත කියා තිබුණේ සිනාමුසු මුහුණින්ය. සත්තු මැරුවත් එකයි මරන්න හිතුවත් එකයි සීයේ... කර්මය එවලෙම පෙන්වනවා කියන්නේ ඔන්න ඕවාට තමා, යැයි ත්‍රීරෝද රථයේ රියදුරා පවසා තිබේ. වියපත් යුවළ වචනයක්වත් කතා නොකර ගොළු වී සිට ඇතැයි වාර්තා වෙයි.
කෑගල්ල අධිකරරණ චමින්ද වැවතැන්න
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාගල් දෙක කෑවාට පාඩමක් උගන්වන්න ගිහින් ආපස්සට කැරකිලා