IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මගුල් ගෙදර ඇවිත් නෑයෙක් මනාලියගේ ​ෙෆා්න් එක උස්සලා

(පොල්ගස්ඕවිට – එස්. වික්‍රමආරච්චි)


හොරාට තැනක් නොතැනක් නැත. හොරකම් කළ හැකි ඕනෑම අවස්ථාවකදී හොරකම් කිරීමට හොරු පෙළැඹෙති. හොරකමක් නිසා මධු සමයට යාම වෙනුවට පොලීසි යාමටත් විදුලි සංදේශ නියාමන කොමිසමට යාමටත් සිදුවූ මනාළ යුවළක් පිළිබඳ කතාවකි මේ.
දකුණේ කඳුකර උපනගරයක විසූ තරුණ පෙම්වතුන් දෙදෙනෙකුගේ විවාහයට දින නියම විය. එහෙත් කොවිඩ් වසංගතය නිසා මංගල උත්සවය කල් දැමීමට සිදු විය. ඒ වරක් නොව දෙතුන් වරකි.
රට සාමාන්‍ය තත්ත්වයට පත්වීමත් සමඟ උපරිම සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් මංගල උත්සවය පැවැත්වීමට දෙදෙනා සැලසුම් සකස් කළහ. මනරම් පරිසරයක පිහිටි උත්සව ශාලාවක් ඒ සඳහා තෝරා ගැනුණි. සීමිත පිරිසකට පමණක් ආරාධනා කළ යුතු වූ හෙයින් සමීපතම නෑ පිරිසකටද සමීපතම මිතුරන් පිරිසකටද ආරාධනා කෙරිණි.
නව යුවළගේ පැතුම් ප්‍රාර්ථනා මල්ඵල ගන්වමින් අලංකාර ශාලාවේ මංගල උත්සවය ආරම්භ විය. ඥාති හිතමිත්‍රාදීන්ගේ උණුසුම් සුබ පැතුම් මැද පෝරුවේ චාරිත්‍ර ආරම්භවිය. මනාලියගේ අත මත ජංගම දුරකතනය විය. පොරුවේ චාරිත්‍ර ආරම්භ කිරීමට පෝරුව මතට ගොඩවීමේදී  මනාළිය එම ජංගම දුරකථනය කා අතට දුන්නා හෝ කිසියම් තැනක තැබුවා විය හැකිය.
ඉමිහිරි ගීත නාද දසත පැතිරෙමින් තිබිණි. සමීපතම ඥාති හිතමිත්‍රාදීහු කමින් බොමින් සතුට සැමරූහ. කාගෙත් සිත්වල වූයේ සතුටකි. මනාළ යුවළගේ සතුට දෝර ගලා යමින් තිබිණි. සියලු කටයුතු හිතුවාටත් වඩා හොඳින් සිදු කෙරෙමින් තිබිණි.
මධු සමය සඳහා පිටත්වීමේ නැකත එළැඹුණි. මවුපියන් නෑ හිතවතුන් සිප වැළඳ ගෙන මනාළ ජෝඩුව හෙමින් හෙමින් පියවර තැබුවේ පෝටිකෝව යට නතර කර තිබූ මෝටර් රථය වෙතය.
මනාළියට එක්වරම අමුත්තක් දැනුණි. ඇයට දෙවියන් සිහිවිය.
මගේ ෆෝන් එක නෑ. මනාළිය කීවාය. සියල්ලෝම යුහුසුළු වූහ. කොතෙක් සොයා බැලිම් කළද දුරකතනය සොයා ගැනීමට නොහැකි විය. උත්සව ශාලාවේ පිටත සීසීටීවී කැමරා සවිකර තිබුණද ශාලාව තුළ සීසීටීවී කැමරා නොවීය.
මංගල උත්සවයට සහභාගීවී සිටියේ මනාළ යුවලගේ පවුලේ සමීපතමයන් හා හිතවතුන් පමණි. එහෙත් ජංගම දුරකතනය නැත.
‘අසූ දාහක් දිලා ගත්තේ’ මනාළියගේ හඬ හැඬුම්බරය.
‘කරන්න දෙයක්නෑ. අපි පොලිසියට යමු’ මනාළයා කීවේය.
මධු සමයට යා යුතුවුවද ගමන ප්‍රමාද කෙරිණි. මනාළ යුවළට සිදුවූයේ මංගල ඇඳුමෙන්ම පොලිසියට යාමටය. ඊට පසු විදුලි සංදේශ නියාමන කාර්යාලයටද පියවර මැන්නේ මංගල ඇඳුම් පිටිනි. ඒ සියල්ල අවසානයේ මධු සමයට පිටත්වන විට අලුත් ජෝඩුව සිටියේ හොඳටම හෙම්බත්වය.
මාර සමීපතමයෝ වැඩිහිටියකු කියනු ඇසිණි.

 



අදහස් (0)

මගුල් ගෙදර ඇවිත් නෑයෙක් මනාලියගේ ​ෙෆා්න් එක උස්සලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 90 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site