IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මගුල් කපුවා කතුන් දෙදෙනකුට වැඳගෙන සිංදු කියලා

හිඟු‍රානේ නවරත්න සමරතුංග
ආගන්තුක මඟු‍ල් කපුවකු කතුන් දෙදෙනකුට වැඳගෙන ගීත ගායනා කළ සිද්ධියක් දිගාමඩුල්ලේ ගමකින් වාර්තාවේ. 


සිද්ධිය මෙසේය.  


එම නිවෙසට පිවිසෙන කඩුල්ලෙන් ඇතුළු වූ ඔහු ඒ අසල රෙදි වැලේ වනා තිබුණ කාන්තා ඇඳුම් සියල්ල නිරීක්ෂණය කරමින් නිවෙස වෙත පැමිණ ඇත. 


ඒ වන විට නිවැසි කාන්තාව සහ අසල්වැසි කාන්තාවක් ගෙමිදුලේ අඹ ගසක් යට පුටු දෙකක වාඩිවී ඔහු කෙ‍රෙහි අවධානයෙන් යුතුව බලා සිටියහ. 


අත් දිග බැනියමක් සහ සරමක් හැඳ සිටි ඔහු අත් ඔරලෝසුවක් ද පැළඳ සිටියේය. පැමිණි ආගන්තුකයා කතුන් දෙදෙනා ළඟට විත් එක් වරම ‍මේ ‍ගෙදර කෙල්ලො ඉන්නවාදැයි තරමක් සැරෙන් ප්‍රශ්න කරන්නට විය.


එවිට වැඩිහිටි කාන්තාවෝ දෙදෙනා මුහුණෙන් මුහුණ බලා ඇයි මොකටදැයි ප්‍රශ්න කළහ. 


එහිදී නාඳුනන පුද්ගලයා තමා මඟු‍ල් කපු මහතකු බව හඳුන්වා දෙමින් ඒ අසල තිබුණ පුටුවක ආරාධනයකින් ‍තොරවම වාඩි විය. මට ‍බොන්න වතුර එකක් ‍දෙන්නැයි ඉල්ලා සිටි බැවින් එය රැගෙන ඒමට ගෙහිමි කත ගෙතුළට ගියාය.‍


‍මෙහිදී එතැන සිටි අනෙක් කාන්තාව ඇමතූ මඟු‍ල් කපුවා ඔ‍හේගේ වයස කීයදැයි ඇසුවේය.


එවිට එම කාන්තාව ඇයි මටත් කටයුත්තක් කරලා දෙන්නදැයි නුරුස්නා සරින් පැවසුවාය. 


‘ඔව් ඉතින් ඔහෙත් තවම ගිනි කිකිළි වගේ මේ ඉන්නේ’ යැයි ඔහු කීවේ ඇසක් ද ඉඟි මරමිනි.


මේ අතර ගෙහිමි කාන්තාව වතුර වීදුරුවක් ගෙනැවිත් ඔහුට පිළි  ගැන්නුවාය. 


එම වතුර වීදුරුව අතට ගත් සැණින්  ඔහු එක් වරම බොන්නට වූයෙන් ‘ඕග් ගා’ ඔක්කාර කරමින් ‍‘මොනවද මේ වතුර වීදුරුවට දැම්මේ’ යැයි කේන්ති ගොස් උස් හඬින් පවසා එතැනම කෙළ ගසන්නට විය. 


‘අපෝයි මේ වගේ නාඩගමක් වැඩි හොඳේට ඕකට අයිස් කැටයක් දැම්මා’ යැයි එවිට කාන්තාව පැවසුවාය. 


‘මට ඕක කලින් කියන්න තිබුණා. හා.. ඒකට කමක් නෑ.. දීග දෙන්න බැරිව ‍ගෙදරට නාකිවෙන කෙල්ලො වුණත් කමක් නෑ. මොකකුට හරි ‍‍ජෝඩු කරන්න පුළුවන්’ කී ඔහු වයස අවුරුදු පනහක පමණ පුද්ගලයෙකුගේ ඡායාරූපයක් ‍පෙන්වමින් පං‍පෝරි ගසන්නට විය. 


එවිට ගෙහිමි කතගේ ඉවසී‍මේ සීමාව ඉක්ම ගියේය. 


‘මම මෙච්චරවෙලා ඉවසුවා. කපුකම් කරන්න කලින් වැදගත් විදියට මිනිසුන්ට කතා කරන්න ඉ‍ගෙන ගන්නවා. තමුසේ බීලා නේද ඉන්නේ මෙහේ කෙල්ලො නෑ දැන් ඉතින් යනවා.’ යැයි ගෙහිමි කත කීවාය. 


එවිට ‘හරි මං බලා ගන්නම්’ කී මඟු‍ල් කපුවා එලවා දැමීමට කාන්තාව ඉදලක් අතට ගත් සැණින් ඔහු දුව‍ගොස් කඩුල්ල පනින විට බිම ඇද වැටුණේය.


කතුන් දෙදෙනා වහා එතැනට ගොස් ඔහු නැගිට වීමට තැත්කර ඇති අතර බිම වාඩි වූ කපුවා දෑත් එකතු කරමින් වැඳ ‘වරදක් වුණා නම් සිතකින් නොවේ’ යනුවෙන් ජනප්‍රිය ගීතයක පද පෙළක් ගායනා කරන්නට වූයෙන් කතුන් දෙදෙනා සිනා නතර කර‍ගෙන ආපසු හැරී ආහ.

 



අදහස් (1)

මගුල් කපුවා කතුන් දෙදෙනකුට වැඳගෙන සිංදු කියලා

ganegoda Monday, 26 September 2022 11:42 AM

මේ කතාවෙන් හොඳ විනෝද සමයක් පටිගත කරන්නකෝ...!

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 687 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17827 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site